කෙසේ වෙතත් සංවාදය කෙරීගෙන යද්දි සංවාදය කෙරෙන විදිහට මට මතක් වුනා මම බලපු ෆිල්ම් එකක කෑල්ලක්.
ඒ ෆිල්ම් එකේ නම "Thank You For Smoking".
ෆිල්ම් එකේ කථානයකයා සිගරට් ඒජන්තයෙක්. ඉහළම පෙළේ සිගරට් ඒජන්තයෙක්.
දවසක් පුතාගේ පාසලට මොහුට යන්න වෙනවා පියාගේ රැකියාව ගැන කතාවක් පවත්වන්න. ඒක හැම ළමයගෙම තාත්තා කරන දෙයක්. සමහර තාත්තලා ගුරුවරු, සමහරු ගිනි නිවන භටයෝ තවත් අය බැංකුවල. ඒත් මේ කතානායකතුමා විතරක් වෙනස්. ඔහු සිගරට් ඒජන්තයෙක්. ඔහු තම පුතාගේ වයසේ දරුවෝ ඉස්සරහත් සිගරට් බොනවා කියන්නේ ඔබ ගන්න "රැඩිකල්" චොයිස් එකක්. හරියට අම්මලා චොක්ලට් කන්න එපයි කිවුවත් ඔබ චොක්ලට් කනවා වගේ, සිගරට් ගැනත් හිතන්න කියලා. ඕතොරිටීස් වලට චැලේන්ජ් කරන්න කියලා සිගරට් මාකට් කරනවා [ඔහු හිතන්න ඇති අනාගත කස්ටර්මර්ස්ලා ටිකක් කියලා]. මේකෙන් ගුරුවරු සහ අනෙකුත් දෙමාපියන් සෑහෙන්න අපහසුතාවට පත් වෙනවා.
මේ සිද්ධිය ඉවරවුනාම පුතාට සැහෙන්න කුතුහලයක් ඇතුවෙනවා පියාගේ රැකියාව ගැන. ඔහු දිගින් දිගටම ප්රශන කරනවා පියාගෙන්. පුතා ආසයි පියාගේ අපූරු රැකියාව ගැන දැන ගන්න.
එක් අවස්තාවක පියා කියනවා මගේ රස්සාව අනිත් මිනිස්සුන්ට කන්වින්ස් කරන එක කියලා මම කියනදේ හරියි කියලා. එතකොට පුතා කියනවා එහෙනම් ඔයා මට කන්වින්ස් කරන්න කියලා.
එතකොට දෙන්න අතර ඇතිවෙන්නේ මේ වගේ ඩයලොග් එකක්.
Joey Naylor: ...so what happens when you're wrong?
Nick Naylor: Whoa, Joey I'm never wrong.
Joey Naylor: But you can't always be right...
Nick Naylor: Well, if it's your job to be right, then you're never wrong.
Joey Naylor: But what if you are wrong?
Nick Naylor: OK, let's say that you're defending chocolate, and I'm defending vanilla. Now if I were to say to you: 'Vanilla is the best flavour ice-cream', you'd say...
Joey Naylor: No, chocolate is.
Nick Naylor: Exactly, but you can't win that argument... so, I'll ask you: so you think chocolate is the end all and the all of ice-cream, do you?
Joey Naylor: It's the best ice-cream, I wouldn't order any other.
Nick Naylor: Oh! So it's all chocolate for you is it?
Joey Naylor: Yes, chocolate is all I need.
Nick Naylor: Well, I need more than chocolate, and for that matter I need more than vanilla. I believe that we need freedom. And choice when it comes to our ice-cream, and that Joey Naylor, that is the defintion of liberty.
Joey Naylor: But that's not what we're talking about
Nick Naylor: Ah! But that's what I'm talking about.
Joey Naylor: ...but you didn't prove that vanilla was the best...
Nick Naylor: I didn't have to. I proved that you're wrong, and if you're wrong I'm right.
Joey Naylor: But you still didn't convince me
Nick Naylor: It's that I'm not after you. I'm after them.
[points into the crowd]
මේ ඩයලොග් එකේ මම ආසම කෑල්ල තමයි අන්තිමටම තියෙන්නේ.
Nick Naylor: It's that I'm not after you. I'm after them.
"මම කතා කරන්නේ ඔබට නොවෙයි, මම කතාකරන්නේ ඔවුන්ට"
මතකද මාත් මිත්රයත් එක්ක ඇතිවුනයි කිව්ව සංවාදය. ඒ සංවාදය අන්තිමේදි මට හිතුනෙත් මගේ මිතුරා මට එහෙම කියයි කියලා.
ප.ලි: ඒත් එක්කම මට මතක් වුනා ලංකාවේ ඉහළම පාසලක කතික සංගමයක සභාපති තනතුරක් දරපු දැනට පුදගලික සමාගමක ඉහල වැටුප් ලබන මාකර්ටින්ග් පෝස්ට් එකක් කරන මගේ යාළුවෙක් දවසක් මට කියපු දෙයක් [මිනිහම තමයි මට ෆිල්ම් එක ගැන ඔත්තුව දුන්නෙත්]
"මචන් උඹ දන්නවද ලංකාවේ TV ඩිබෙට්ස් වලට ආවම ඩිබේටින්ග් මූළධර්ම වල පිහිටලා තර්ක කරන අය කවුද කියලා..?"
කැපුවත් කොළ යූ.ඇන්.පී කාරයෙක් වෙච්ච මගේ මිත්රයා අහපු නිසා මම හිතුවේ යූ.ඇන්.පී කාගේ හරි නමක් කියයි කියලා.
"ම්හු දන්නෑ"
"එක්කෙනෙක් විමල් වීරවංශ අනිත් කෙනා චම්පික රණවක, දෙන්නම ප්රතිවාදියා එක්ක වාද කළාට කරුණු දක්වන්නේ ඕඩියන්ස් එකට [ජජ් බෝර්ඩ් එකට]"
Nick Naylor: It's that I'm not after you. I'm after them.
ප.ප.ලි: සම්පූර්ණ ෆිල්ම් එකම You Tube එකේ තියෙනවා. මෙන්න පළමුවෙනි කොටස.
විකිපිඩියා ලින්ක් එක : Thank You For Smoking - wiki
IMDB ලින්ක් එක: Thank You For Smoking - IMDB






















අපිට අවශ්ය දෙමළ අය කොන් කර තබා ගැනීම හෝ ඔවුන් සමග ඊනියා සහජීවනයක් කියමින් ජාතිවාදය තව ශතක ගණනක් දක්වා පවත්වා ගැනීම නොව ඔවුනුත් අපේ උදවිය යැයි කීමයි.
ඉතින් ඒ සඳහා කෙළින්ම සිංහලයින් වීමට නොහැකි නිසා පළමුව වැදි ජනතාව බවට පත් වී පසුව සිංහලයින් හා මිශ්ර වේවි. වැදි ජනතාව යනුත් සිංහල ජාතියේම කොටසක්....
moo aththatama mehema kiyala thiyenava nam eka sinhalayange loku jayaggrahanayak. mokada karunath meeta kalin kiyala thibuna nagenahirata idam haa polis balathala avashya na kiyala... ekath apita vatinava...
අපේ බහුතරයක් සිංහලයින්, සිංහල කියනෙනේ අතිතයේ සිටම විවිධ ගෝත්රයන් එක් වීමෙන් සෑදුන පුළුල් ජාතියක් කියල නොදැන, සිංහල යනු ශුද්ධ ලේ ඇති පරම්පරාවක් කියල හිතාගෙන, දෙමළුන්ට සිංහලයින් බවට පත් විය නොහැකියි කියල සිතන මානසිකත්වයකින් සිටින නිසයි දෙමළ අය සිංහලයින් බවට පත් නොවී සිටින්නේ. ඒත් අතීතයේ සිට ඉන්දියාවෙන් ලංකාවට සංක්රමණය වූ අන්ය ජනවර්ග අවසානයේදී සිංහල නම් ජාතිය සමග එක් වුනා. අපි කළ යුත්තේ, වර්තමාන දෙමළ ජනයාටත් සිංහලයින් බවට පත් වීමට අවස්ථාව ලබා දීමයි.
සිංහල බෞද්ධ අපිට ගෝත්රිකයින් කියල චෝදනා කරන පශ්චාත් නූතනවාදීන්ම තමයි ගෝත්රික මානසිකත්වයකින් සිටින්නේ. ඔවුන් තමයි පිල්ලියාන්ට ජාතිද්රෝහියා කියල චෝදනා කරන්නේ. මමනම් බෞද්ධයෙක් ලෙස, කරුණා, කේපී, පිල්ලෙයාන් ඇතුළු ඔවුන්ගේ ගෝලබාලයින් විතරක් නොව දැනට සිටින කොටි නායක රුද්රකුමාරන් ඇතුළු පිරිස වුනත් තම පරණ තරහ අමතක කරලා සිංහලයින් සමග එකට සිටිනවානම් එනම් සිංහලයින් බවට පත් වෙනවානම් කැමතියි.
ජනවර්ගයක් සහ ජාතියක් අතර සහජීවනයක් කිසි දා ඇති නොවේ, ලෝක ඉතිහාසයේ කවදාවත් එවැන්නක් ඇති වෙලාත් නැත. එහිදී වෙන්නේ එක්කෝ ජනවර්ගය විසින් ජාතියම ආක්රමණය කර විනාශ කර දැමීම හෝ එම ජන වර්ගය මහා ප්රවාහයට එක් වීමයි....
"මචන් මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා මටනම් හිතාගන්න බෑ"
"මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ"