Thursday, August 23, 2012

උගන්ඩාවටත් වඩා පහළ ලංකාවේ විශ්ව විද්‍යාල


මේ දවස් වල සමහර අය උත්සාහ ගන්නවා අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් වගයක් උපුටාගෙන ලංකාවේ විශ්ව විද්‍යාල උගන්ඩාවේ විශ්ව විද්‍යාලවලටත් වඩා පහතයි කියලා සමාජ ගත කරන්න [මේක ලන්කා සී නිවුස් කමෙන්ට්ස් වල බහුලවම දකනට ලැබෙන දෙයක්].

මේ අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් කරන බෝහෝ ආයතන මේ ඇනලසීස් එක කරන්නේ කැටගරි කිහිපයකින් දත්ත එකතු කරලා. එතකොට ඒ අයගේ කැටගරි වලට අහුවෙන ආයතන වලට ලකුණු වැඩිපුර ලැබෙද්දේ කැටගරි වලට අහු නොවන ආයතන වලට ලකුණු හම්බෙන්නේ අඩුවෙන්.

උදාහරණයක් ගත්තොත්, අවුරුද්දකට නිම කරන පශ්චාත් උපාදී ප්‍රමාණය [PhD, MSc, MA, MBA]. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වල ගොඩක් වෙලාවට පශාත් උපාධි කෙරෙනවා අඩුයි. ප්‍රතිපාදන අඩු නිසා. එතකොට ලංකාවට මේ කැටගරි එකේදි ලැබෙන ලකුණු ගාණ අඩු වෙනවා.

මේ වගේ ශ්‍රේණිගත කිරීම් ගැන සවිස්තරාත්මකව ලියවුනු සටහනක් මට ලංකා සී නිවුස් වල කමෙන්ට්ස් අතර තිබිලා හමුවුනා. ගොඩක් අයට කියවීම සඳහා එය පහතින් උපුටා පළ කෙරෙනවා.



 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමේ යථාර්තය —-

ලෝක ශ්‍රේණි ගත කිරීම් බලනකොට ඒවා ශ්‍රේණි ගත කරන්න භාවිතා කරපු මිනුම් දඬු මොනවද කියල ඉස්සරලා බලන්න..http://www.timeshighereducation.co.uk/world-university-rankings/


Teaching — the learning environment (worth 30 per cent of the overall ranking score)
Research — volume, income and reputation (worth 30 per cent)
Citations — research influence (worth 30 per cent)
Industry income — innovation (worth 2.5 per cent)
International outlook — staff, students and research (worth 7.5 per cent).


** මේකේ පළවෙනියට තියන්නේ ඉගැන්වීමේ පරිසරය : එකෙන් අදහස් වෙන්නේ උගන්වන ගුරුවරු ගැන විතරක් නෙමේ, පන්ති කාමරවල තත්වය, තාක්ෂණික උපකරණ භාවිතය, පරිගණක පහසුකම් වල ප්‍රමාණය, ශිෂ්‍ය ගුරු අනුපාතය, ප්‍රයෝගික පරීක්ෂණ, අධ්‍යයන චාරිකාවන් වගේ ගොඩක් දේවල්..මේ හැමදේම ආචාර්යවරුන්ට දෙන්න පුළුවන් කමක් නැහැ..ආචාර්යවරු කරන්නේ තියන පහසුකම් යටතේ උගන්වන එක විතරයි..පහසුකම් දෙන්න රජයෙන් අධ්‍යාපනයට වියදම් කරන මුදල මදි..අප්‍රිකානු රටවල් වල පහසුකම් අඩු උනාට මේ ගොඩක් ඒවා දිළිඳු රටවල් නිසා ලෝක ආයතන ගොඩක් ආධාර කරනවා..අනික් අතට විශ්ව විද්‍යාලවල ළමයි ඉන්නේ ටිකයි..


** දෙවෙනි එක පර්යේෂණ..ලංකාවේ රජයටවත් ඉහල නිලධාරීන්ටවත් පර්යේෂණ ගැන අවබෝධයක් නැහැ..අවුරුද්දකට පර්යේෂණ කරන්න දෙන උපරිම මුදල රුපියල් 250,000 ක් විතරයි..මේකෙන් පර්යේෂණ කරන්න බැරි නිසා ගොඩක් අය මේක ඉල්ලුම් කරන්නේ නැහැ..පර්යේෂණයක් කරන්න,, දත්ත එකතු කරන්න විතරක්ම අඩුම තරමේ රුපියල් ලක්ෂ 10 ක් යනවා..දේශපලකොයෝ වගේ කොටසක් තියාගන කරන දේවල් නෙමේ ඇත්ත වියදම,,, විද්‍යා විෂයන් වල පර්යේෂණ වලට අදාළ එක කෙමිකල් එකක් ගන්නවත් මේ මුදල ප්‍රමාණවත් නැහැ..ඇත්ත ඒකයි..


** හතර වෙනි එක ව්‍යාපාර අදායම.— නොයෙක් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල පර්යේෂණ කරලා විශ්ව විද්‍යාල උපයන අදායම–දැනට ලංකාවේ විශ්ව විද්‍යාලවලට එහෙම අදායම් උපයන වැඩ කරන්න පරිසරයක් නැහැ ..එක එක අය පවුද්ගලිකව ව්‍යාපෘති අරගන කරලා අදායම් උපයනවා ඇති,..නමුත් විශ්ව විද්‍යාලවල අධයම් උපයන දෙයක් කලොත් ඒ අදායම එහෙම පිටින්ම මහාභාන්දගරේට යවනවා මිස විශ්ව විද්‍යාල සඳහා යොදාගන්න බැහැ..මේ නිසා මේ දේවල් වලට විශ්ව විද්‍යාල යොමු වෙන්නේ නැහැ


** අන්තිම එක : අන්තර්ජාතිකව තියන ප්‍රතිරූපය ;; මේක මනින්නේ විදේශ ශිෂ්‍යයන් කීයක් ඉගන ගන්නවද, විදේශ අචාර්ය වරු එනවද වගේ දේවල් වලින් –ලංකාවේ ක්‍රමේ අනුව පිටරට ළමයි විශ්ව විද්‍යාලවලට ගැනීමක් නැහැ..වෛද්‍ය පීටයේ විතරක් 0.5% විතර ගන්නවා..ඉතින් කොහෙද විදේශ ශිෂ්‍යයෝ..මේ රටේ ඉන්න ආචාර්ය වරුන්ටත් පඩි අඩු කොට විදේශ වලින් එයිද මේවට?

ලංකාව පහල මධ්‍යම අදායම් ලබන රටක්..අපට අධ්‍යාපනය සඳහා විදේශ වලින් ලැබෙන ආධාර අඩුයි..ලැබෙන්නේ නය..ඒවාට වෙනදේ කවුරුත් දන්නවා..අප්‍රිකානු රටවලට ජාත්‍යන්තර සංවිදාන වලින් ආධාර ලැබෙනවා..එක ළඟ තියන රටවල් ගොඩක් නිසා එක රටක විශ්ව විද්‍යාලයක වෙනත් රටවල අය ඕනෑතරම් ඉන්නවා..ඒ අය අප්‍රිකානු උනත් විදේශ ශිෂ්‍යයෝ ගුරුවරු විදිහට සලකන්නේ..දුප්පත් උනත් මේ රටවල් වල පර්යේෂණ කරන්න ලෝකේ ගොඩක් විශ්ව විද්‍යාල එනවා..ලෝක ආයතනත් එනවා..ඒ පර්යේෂණ කරන්නේ ඒ විශ්ව විද්‍යාල එක්ක එකතු වෙලා….

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමේ යතාර්ථය ඒකයි…


එක් ශ්‍රේණිගත කිරීමකට අනුව ලොව හොඳම විශ්ව විද්‍යාල 10 - Source: http://www.timeshighereducation.co.uk/world-university-rankings/2011-2012/top-400.html