Tuesday, April 26, 2011

කළුගල පුපුරුවන්න හුරුල්ලාගෙන් දේසීය ක්‍රමයක්.....

අවුරුද්දත් ඇවිත් 'ගියේය'..... 
අලුත් අවුරුද්දේදී පරණ ප්‍රශ්න අමතක කිරීම අපේ  සිංහල-බවුද්ද අයගේ සිරිතක්ය. ඒක නිසා අපේ උදවිය මේ දවස්වල පරන ප්‍රස්න අමතක කොට පරන මූනා අලුතින් අල්ලාගෙන ඇත. අපේ සුබපැතුම්ය. 

ඒ අස්සේ ගල් ප්‍රස්නයක්ද ලාවට ඇදෙමින් පවතින බවක් ඇසේ.... ඒ ගල ඇත්තේ දකුණේ හම්බන්තොට වරායේලු... දහනායකගෙනුත් එහාට යන දකුණේ ගල් ඉතිහාසයේ මෙතෙක් මතුවූ ලොකුම ගල මේක විය යුතුය.... විපක්සයේ උන්දලාටනම් මේක මහමෙර පහල උනා වගේ ඇතිය. ඒත් විපක්සයේ අයට ගල් ලොකු වුනාට ජනාධිපතිතුමා නං ඔය ගල්කේස් එච්චර ගණං ගන්නේ නැත. එතුමා ඕවට දෙන්නේ සුට්ටං විසඳුමකි... ඒ කොණ්ඩෙ බැඳපු චීන්නු හත් අට දෙනෙක් දම්මලා ගල කොටවලා දම්මන එකය. වැඩේ අහවරක් උනාම කෝටි 480 ක විතර සොච්චමක් මිටමොලෝලා ඕකුන් පන්නලා දාපුවාම වැඩේ ක්ලෝස්ය.
 

ඒ උනාට කළු ගල් කෑල්ලක් කඩාගන්ඩත් ඔය රබං මූණු චීන්නු ඕනෑ වෙන එකට නං හුරුල්ලා කැමතිම නැත. FB ගෲප් එකකට පයිං ගැහුවාම නියම සිංහල-බවුද්ද දේසප්‍රේමීන් දුසිං දෙකතුනක් විසිවෙන මේ රටේ ඕක කඩා ගන්නට දේසීය ක්‍රමයක් හිත හිතා හිටි හුරුල්ලාට ලයිට් එක පත්තු උනේ  ආණ්ඩුවේ දක්ස බුද්දිමත් ගරු ඇමතිතුමෙක් ගල ගැන විවාදෙට වරායට එන්ඩ විපක්සෙට අබියෝග කල බව නිවුස් වලට කියද්දීය. ගරු ඇමතිතුමාගේ දේසීය තාක්සනය කාට ග්‍රීක් උනත් හුරුල්ලාට නම් එලකිරි ටිකට පැහැදිලිය. මේ ඒ තාක්සනය එකසිය තුන් වරක් වැඩි වර්දනය කොට හුරුල්ලා විසින් ඉදිරිපත් කරන දේසීය ක්‍රමයයි.
 

මේ වැඩේට යන්නේ සුමාන දෙකකි. නැව් එන්නෙත් නැති එකේ වවුල්ලු ලගින වරායේ බිල්ඩිං ටික මේ වැඩේට හොඳටම සෑහේ. මුලිංම කල යුත්තේ අයි.ටී.එන්. එක ගලෝගෙන ගිහිං ඔය බිල්ඩිමකට දමා ඇන්ටෙනාව දොඹකරේක ගැටගහලා දෙන එකය. අල්ලපු බිල්ඩිං එකට ජාතික එකේ කට්ටිය දැමිය යුතුය. බේරේගෙදර උන්දලා සේරම ගිහිං දැම්මොතින් හෙම හම්බන්තොට ඈයිංට බොන්ඩ කසිප්පු ඩිංගක්වත් ඉතුරු නොවෙන හෙයිං නෙලුං කුමාරයා විතරක් ගිහිං දැම්මත් ඇතිය. ඊළඟට කැබිනට් තීරණ දැනුම් දීමේ සහ ආණ්ඩුවේ අනිකුත් මාද්‍ය සාකච්ඡාද එක සුමාන දෙකකට වරායේ තැබීමට නිර්දේස කෙරේ. මේ සුමාන දෙක ඇතුලත ඩිල්කාගේ ප්‍රදානත්වයෙං ජනපති ජන හමුවක්ද අනිවාර්යෙංම මෙතනදීම පැවැත්විය යුතුය. ඊට අමතරේට ආන්ඩුවේ එල්ලී යන මැක්කා වර්ගයේ පක්ස වල මාද්‍ය හමු දවසට එක බැගින්වත් මෙහි තැබීම අනිවාර්යය. 

මල්වංස මැතිතුමාගේ මීළඟ අති සාර්තක මාරාන්තික උපවාසයද මෙතනදීම පවත්වාගන්නට ලැබුනොත් හෙම ගොඩේ ගොඩය. මේ සුමාන දෙකේ කැබිනට් මණ්ඩලේ හත්අට දෙනෙක්වත් සමග පොලිස්පති තුමාද අනිවාර්යෙං වරාය බූමියේ රැඳී සිටිය යුතුමය. එතුමන්ලාගේද සහබාගිත්වයෙං 'හම්බන්තොට අපේ ගම' වැඩසටහන සහ 'වරායේ ආස්චර්යමත් කලුගල' නමැති දොරමඬලාව සංවාදාත්මක හරසරණිය ජැටිය අද්දරම පැවැත්වීමට හැකිනම් වඩාත් ප්‍රතිපලදායකය. හසන්තගේ සහායට ජැක්සන් මහතාද යොදවන්නේ නම් මැනවි.
 

ප්‍රතිපල සහතිකය. කෝටි 480 ම ඉතුරුය. දේසීය තාක්සනයක් නිසා ආඩම්බරේද අපිටමය. සති දෙකක් ඇවෑමෙන් ඔය මහා කලුගල හත්කඩකට පැලේ. 
අත්දුටුවයි ..! සත්තයි...!!