Sunday, December 18, 2011

ආසනික් කාටූන්

කාටූන් ශිල්පී අවන්ත ආටිගල මහතාගේ කාටුන් එකතුවකින් උපුටා ගැනුනි.


 


ප.ලි: ඉස්සර කට්ටිය "ආසනික්" බ්ලොග් එකට ගොඩ වැදුනම අහන ප්‍රශ්නයක් තියෙනවා, "කෝ යකෝ ආසනික්?" දැන් කට්ටියට අහන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා "ආසනික් බ්ලොග් එක නවත්වනවා කිව්වා නේද?"

Wednesday, December 14, 2011

සිංහල ජාතියට ගරහන උදවිය, ආවේගශීලී සිංහලයන්ගෙන් පරිස්සම් වීම ඔවුන්ගේ ඇඟට ගුණයි | සියළු අවජාතික™ බකයෝ™ මේ නිවේදනය පිළිගනිත්වා..!

ජාතියේ පිනෙන් පහළවූ මහොඖශධ පඬිතුමාට නොදැවෙනි පඬි උතුමෙක් [MA ( IR ), MBA ( Finance ), LLB, Bsc Accounting And Finance, CIMA (strategic). ] මේ දිනවල,
උත්තම වන් ලොව පතලා, එංගලන්ත නමින් යුතු විපුලා, තුංග සිරින් රැන්දු සකළා, දෙස ලන්ඩන් පුරවර පහලව සිටී.

තම විදැසින් ලෝකය පාදීර්භූත කරන එතුමානෝ හැම් බර්ගර් බුදිමින් උදේ සිට හවස් වෙන තුරුම බකයන්ට™ පළුයන්ට බැනවදිමින් සිටියි. මේ බක™ වැනුමෙන් පිනායන ජනී ජනයා ලයික් දමන්නේ, කමනෙට් දමන්නොය. එහෙත් යමෙක් ඔහුගේ මතයට විරුද්ධවන්නේ ඒ "බලු" ගැත්තාට දණ්ඩෙන් පෙළු නාගයෙකු මෙන් නැඟී හිටී.

[කියවන්න රවීට එරෙහිව පඬිතුමාගේ සංවාදය:

පඬිතුමා: මම රකින සුද්දාගේ වස්තුව මොකක්ද බල්ලෝ..?

අටුවාව:

"සුනඛයා" යනුවෙන් අපි ඒ සත්ව විශේෂය වෙනම හඳුන්වනවා.. නමුත් "බලා ගන්නා" හෙවත් කෙටියෙන් "බලු" ( "සක්‍රයාණනි මෙලොව දෙස බලන්න" කියන එක අපි කෙටි කරනවා "සකෝ බල ලෝ" කියලා.. සමහර තැන්වල "සක්‍රයා මෙලොව දෙස බලයි" කියන කොට " සකා බලු ලෝ" කියනවා ) .. එතකොට ඒක ධාතු නාමයක්.. එවිට එයට "බලා ගැනීම කරනවා" යන්න "ආ" යන ප්‍රත්‍යයෙන් එක්වී එය "බලු+ආ" = "බල්ලා" ලෙස කෘදන්ත සැකසෙනවා..)

එවිට කාගේ හෝ දෙයක් පළක්, නැති නම් න්‍යායක්, නැති නම් මතවාදයක් කර පටි ලාගෙන බලා ගන්නා කෙනාත් ඒ ගණයට අයිති වෙන බැවින් අපි එයාට "බල්ලා" කීමෙන් කරන්නේ අපහාසයක් නොවේ... එවැනි කෙනෙකුට බල්ලා කීමෙන් කරන්නේ අපහාසයක් නම් "මුරකරුවා" කියන වචනයත් අපහාසයක්..
----
තවත් කියවන්න කැමතිනම් සුරේන්ට එරෙහිව පඬිතුමා සංවාදයත් කියවන්න. ]

පෙර කළ පඬිවරුන්ට මෙන්ම අපේ මේ බකයන්™ පිළිබඳ කෙළ පැමිණි පඬිතුමාටටද කේවට්ටයෙක් වන්නේය, හේ නමින් රන්ගේ ජඩවර්ධන නම්වේ.

රන්ගේ ජඩවර්ධන ශ්‍රේෂ්ට සයිබර් විරුවෙක් ලෙස අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ගෙනයන දුෂ්ට™ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටිමින් සයිබර් අවකාශය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණවලින් බේරා ගැනීම සඳහා නොපැකිළී, නොනැවතී අනවරතව කැපවී සිටින ජාති(ක)වාදී™ දේශහිතෛශී™ දේශමාමක™  සයිබර් ආරච්චිලා, ගම්බට්ටන් සහ සුරතලේට ඇතිකරන උසි කියූ පමණින් අවජාතික™ බකයන්™ට බුරා වැටෙන සුනඛයන් පුහුණු කිරිමේ පූර්ණ කාලීනව යෙදී සිටින්නෙකි.

මෙතුමන්ගේ හැකියාවන් මෙපමණක් නොවන්නේ, හෙතෙම වෙස් පෙරළීමේද උපන් සමතෙකි. විටෙක දුප්පතාගේ හිතවතාය, තවත් විටෙක තත්පර තිහේ දේශපාලක ආසයි මං පියාඹන්න ඇස් ඇෆ් මුත්තාගේ ලඟම නෑයාය. තවත් කලෙක රනිලම්ගේ කකුළ මිරිකන්නේය. මේ සියල්ලම බලා සිටින අපටනම් *කෙනුත් හිනාය.


රන්ගේ ජඩවර්ධනගේ විව්ධ ස්වරූප

කෙසේ හෝ වේවා රන්ගේ ජඩවර්ධන සිංහලබෞද්ධයා™ට විරුද්ධව යන්නන්ට රතු නිවේදනයක් නිකුත් කර ඇත. එය සිංහලබෞද්ධයා™ට විරුද්ධව යන සියළුම අවජාතික™ බකයන්™ගේ අවදානය පිණිස මෙසේ පළ කෙරේ.

සියළු අවජාතික™ බකයෝ™ මේ නිවේදනය පිළිගනිත්වා..!

පහත නිවේදනය රන්ගේ ජඩවර්ධන විසින් ෆේස් බුකියේ ලියා ප්‍රසිද්ධ කරන ලද්දක් බව කරුණාවෙන් සළකන්න.

සිංහල ජාතියට ගරහන උදවිය, ආවේගශීලී සිංහලයන්ගෙන් පරිස්සම් වීම ඔවුන්ගේ ඇඟට ගුණයි. 


සිංහල ජාතියට ගරහනකොට, සමලිංගිකත්වය වගේ අසික්කිත දේවල් ප්‍රචාරය කරමින් සිංහල ජාතිය විනාස කරන්න හදනකොට, බුදු සසුනට අපහාස කරනකොට සහ සිංහලයන්ට වින කරන ජන වර්ග එක්ක කරට අත දා ගන්නකොට ඕනැම සිංහලයෙකුට කේන්ති යනව. එය සිංහලයන්ට විතරක් නොවෙයි, තම ජාතියට ගරහනවා දකින ඕනෑම ජාතිකයෙකුගෙන් ලැබිය හැකි ප්‍රතිචාරයක්. ඉතින් අවජාතිකයින් (අව-ජා"ති"කයින් = ජාතිය පහත් කර කතා කරන්නන්) පුළුවන් තරම්ම සිංහල බෞද්ධයන්ට ගරහලා, පසුව සමහර සිංහලයන් ඊට ආවේගශීලීව ප්‍රතිචාර දක්වද්දී , "අන්න අන්න තොපිල ජාතිවාදී වෙලා!" කියල මරහඬ තැලීමෙන් වැඩක් වෙන්නේ නෑ.



සිංහල බෞද්ධයා යනු බුදු දහම පිළිපදින සිංහලයායි. ඒ අනුව ඕනෑම සිංහලයෙක් බුදු දහම පිළිපදින විට සිංහල බෞද්ධයෙක්. ඒත් ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන්, හිසේ තිබෙන බෞද්ධකම පූජාසනයේ සිටවා අසිපත අතට අරගෙන සංසාරය දික් කර ගැනීමට තරම් කැප කිරීමක් තිබෙන සිංහලයොත් ඉන්නවා. නැවතත් ඒවා ගැන කලකිරී බුදු දහමටම අනුව ජාතිය ‍රැක ගන්න හැදීමෙන් සිංහල බෞද්ධයෝ බවට පත් වීමටත් පුළුවන් වන්නේ බෞද්ධකම යනු වෙනත් ආගම් වල වගේ බෞතීස්ම කිරීමෙන් ලැබෙන දෙයක් නොව තමාගේ සිතේ පවතින්නක් නිසයි... උදා: යුද්ධයට පෙරත් පසුවත් දෙ‍ටුගැමුණු රජතුමා සිංහල බෞද්ධයෙක්, ඒත් යුද්ධ කරන කාලයේ නිකම්ම සිංහලයෙක්.




මගේ අදහසනම් ජාතිය වෙනුවෙන් සංසාරය දික් කර ගැනීම අණුවන කමක් වන්නේ, සමහර විට අපි මියැදුනාම අපි අකමැති ජාතියක ඉපදීමටත් ඉඩ තිබෙන නිසයි, එවිට ඒ ඒ භව වලදී ඒ ඒ ජාතීන් වෙනුවෙනුත් ඔය වැඩේම කිරීමට ඉඩ තිබෙන නිසයි. (සසර දික් කර ගන්නේ නැතිව ජාතියට සේවය කිරීමට පුළුවන්.) ඒත් සිංහල ජාතියේ තිබෙන සුවිශේෂී භාවය නිසාමත්, ශ්‍රී ලංකාවේ බුදු සසුන ‍රැකෙන්නේ සිංහල ජාතිය තිබුනොත් විතරක් නිසාත්, පරාර්ථකාමී වී තමාගේ සංසාරය කැප කරන උදවියත් සිටින බව අමතක නොකළ යුතුයි...

විමලො උබේ කටෙත් පස්, මගේ කටෙත් පස්..!
මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කිරීමට හමුදා සෙබළුන් විතරක් සහාය දුන්නනම් ඒක දිනන්න වෙන්නේ නෑ. දේශප්‍රේමී මාධ්‍යවේදීන් විතරක් සහාය දුන්නත් ඒක දිනනන් වෙන්නේ නෑ. හමුදා සෙබළුන් තම සංසාරය කැප කිරීමේ සිට හැමෝගෙම සහයෙනුයි ඒක දින්නෙ. අන්න ඒ වගේ සිංහල ජාතිය ‍රැක ගන්නනම් සිංහල බෞද්ධ අපි වගේම ආවේගශීලී සිංහලයොත් සිටිය යුතුයි. සිංහල බෞද්ධ අපි ධාර්මිකව කරුණු දක්වද්දී ආවේගශීලී උදවිය එයාලගේම ක්‍රමයට වැඩ කරනවා. එනිසා මමනම් "ජාතිය වෙනුන්වෙන් කතා කරන අවේගශීලී සිංහලයන්ව" වලක්වන්න හෝ ඔවුන්ට හුරේ දාන්න යන්නේ නෑ. ඔවුන් ඔවුන්ගේ ක්‍රමයට ඒ ගමන යාවි, අපි අපේ ක්‍රමයට ධාර්මිකව මේ ගමන යමු..

පිස්සා දමනය
බුදු සසුන රැක ගැනීම සහ සිංහල ජාතිය ‍රැක ගැනීම පටලවා ගන්න එපා. බුදු සසුන ‍ රැක ගන්නනම් ආවේගශීලී අය සෘජුවම කරන්නේ බාධාවක්. බුදු සසුන සහ සිංහල ජාතිය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයක් නිසා ආවේගශීලී ව සිංහල ජාතිය රකින්න උත්සාහ කරන අය ව්‍යුත්පන්නව කරන්නේ සේවයක්. (එනිසා සෘජුවම ආවේගශීලීව බුදු සසුන ‍රැක ගන්න හදන උදවියට මමනම් කෙළින්ම විරුද්ධ වෙන්නේ ඔවුන්ගෙන් සසුනට හානියක් වෙන නිසයි.) තමන්ගේ ආවේගශීලීත්වය පාලනය කරගත නොහැකිනම් ඔවුන් කළ යුත්තේ බුදු සසුන ‍රැකීමට හැදීම නොව සිංහල ජාතිය ‍රැක ගැනීමට උත්සාහ කිරීමයි. (ආවේගශීලී වීමෙන් සිංහල ජාතිය ‍රැක ගත හැකිය කියල වරදවා සිතන්න එපා. එය කලින් කිව්ව වගේ තවත් එක් අනුකුඩා ක්‍රමයක් විතරයි)

රටට ජාතියට ගරහන උදවිය, රට විනාස කරන්න හදන උදවිය දැනගත යුතුයි සිංහල බෞද්ධයෝ එක්ක හැප්පෙන්න ආවොත් ඇත්තෙන්ම අපිට එහායින් ඉන්න ආවේගශීලී සිංහලයොත් එක්කත් හැප්පෙන්න වෙනවා කියල.  

 
කවුරුන් හෝ සිංහල ජාතියට විනාශයක් කරද්දී අර ආවේගශීලී කට්ටියව අවශ්‍ය විට කැඳවීමට පුළුවන්, ඒත් ඔවුන්ව නැවතීමටනම් අපිට බෑ. අපි වගේ එයාලානම් කතා කර කර තර්ක කර කර කාලය කකා ඉන්නේ නෑ. අන්තර්ජාලයේ සිංහල බෞද්ධයන්ට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාරයන් පුළුවන්නම් සමාජයට බැහැල කරල බලන්න, මොකද වෙන්නෙ කියල. ඒ නිසා දැන්වත් සමලිංගිකත්වය ප්‍රචාරය කිරීමේ හෝ දිරිමත් කිරීමේ වැඩ කිරීමට පෙර, සසුනට ගැරහීමට පෙර, සිංහලයන්ව විනාශ කරන්න ආපු ජාතීන් එක්ක කරට අත දාගෙන අපිට ගරහන්න පෙර හොඳින් සිතා බලන්න.


  
‎1978 දෙවන ජන රජ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අත තියන්න ආවොත්, හතර හන්දි කඩනවා...

ප.ලි: කාටූන් උපුටා ගනු ලැබුයේ කාටුන් ශිල්පී අවන්ත ආටිගල මහතාගේ ෆේස් බුක් පිටුවෙනි.

Tuesday, November 22, 2011

මා බෞද්ධ විරෝධීයෙකු ලෙස හංවඩු ගැසු "මහත්මයාට" ආදරෙයෙන් පිදේ.

DEALING with INSULT?
----------------------------------

The Buddha explained how to handle insult and maintain compassion.

One day Buddha was walking through a village. A very angry and rude young man came up and began insulting him.

“You have no right teaching others,” he shouted.

“You are as stupid as everyone else. You are nothing but a fake.”

Buddha was not upset by these insults. Instead he asked the young man

“Tell me, if you buy a gift for someone, and that person does not take it, to whom does the gift belong?”

The man was surprised to be asked such a strange question and answered,

“It would belong to me, because I bought the gift.”

The Buddha smiled and said, 


“That is correct. And it is exactly the same with your anger. If you become angry with me and I do not get insulted, then the anger falls back on you. You are then the only one who becomes unhappy, not me. All you have done is hurt yourself.” 

If you want to stop hurting yourself, you must get rid of your anger and become loving instead. When you hate others, you yourself become unhappy. But when you love others, everyone is happy……

මටත් ඔබතුමාට කියන්න තියෙන්නේ බුදු හාමුදුරුවෝ අර තරුණයට කියපු දේම තමයි. 


"ඔබතුමා FAKE PROFILE එකක් සාදා මට දෙන්න උත්සහ කළ තෑග්ග ඔබතුමාම තියාගන්න".

මට එපා :)


ඔවුන්ම ඇවිලූ ගින්න ඔවුන්ම නිවන අයුරු

යන ගමන් ඔන්න ඔහේ මේකත් බලන් යන්න,

Wednesday, November 16, 2011

පිට(ව) යන්ඩ අවසරයි.........


 මේ..... කඳළු බින්දුව මගෙ නොවෙයි.....

ඇත්තටම 'ආසනික්' පටං ගත්තෙ අපිව අන්දන අයගේ ඇන්දිල්ල පෙන්නන අයගේ ඇන්දිල්ල පෙන්නන්ඩ. ඉතිං අපේ ලක්ස හයහමාරක විතර පාඨකයන්ට අපි මෙච්චරකල් පෙංනුවේ ඕක තමයි. ඉතිං ඔය එකම හෙලුව බලලා තමුන්නාංසෙලාට ඇති වෙලා ඉද්දි තමා අර සෙල්ෆ්බ්ලොකිං ගොංපාට් පචයක් අතේ පත්තුවෙලා ඇන්දිලිරාලලට අකුලං යන්ඩ සිද්ද උනේ.
අනේ ඉතිං දැං මොනා පෙන්නන්ඩද? අපිත් යංඩ තමයි හදන්නේ.  ඊට කලිං අපි නික්මයාම ගැන හද පත්ලෙං අකම්පාල වෙන තමුන්නාන්සෙලාට පුලුපුලුවං විදිහට ඇවිත් මෙව්වා කොපි කරගෙන ලැමිනේට් කරල තියාගන්ඩ මාස තුනයි දවස් හතයි පැය දාහතරක කාලයක් දෙනවා.   ඊට පස්සෙ වහලම දාංඩ තමයි හිතාගෙන ඉන්නෙ. බොහොම විනීත විදියට. හැක්ස් රංගන දාලා තවත් පච වෙන්න අපිටත් වුවමනාවක් නැහැ. 
එහෙනං ඉතිං බුද්දිමත් ඔබේ සීතල කඳුළු බිදු උඩින් සංවේදී පා සටහන් තබා සුසුම් මාරුතයේ සැගව යන්නට දෙන්න අපට මදක් අවසර......

පොඩ්ඩක් හෝව්..........!


මේ සමුගන්නා මොහොතේ තවදුරටත් අපේ දයාබර බුද්දිමත් පාඨක ඔබ කොමෙන්ට් කොටවමින් වෙහෙසට පත් කරන්ඩ අපි අදහස් කරන්නේ නෑ. පහත රෙඩිමේඩ් කොමෙන්ට් වලිං එකක් කොපිපේස්ට් කරලා ඔබේ ලසෝ තැවුල් නිවාගන්ඩ....

1
yana eka nam etharam hoda deyak nemei.
2 අනේ යංඩ එපා
3 අපිට තමයි පාඩුව
4 දුර යන්ඩ යන්ඩ ඔබේ සුවඳ තවත් ලං උනා
5 Yanda epaaaaaaaaaa
6 ආසනික් කට්ටියට මගේ ආචාරය.
7 අලුත් ලිපි නොදැම්මත්, ප්‍රතිචාර දැක්වීම අක්‍රීය කරල බ්ලොග් එක දිගටම තිබුනොත් තමයි හොඳ…
8 හුරුල්ලා මාවරමණ්ඩියෙද?
9 මෙතෙක් කලක් රාලලාගේ නිරුවත් පෙන්නා අපව දැනුවත් කලාට ස්තූතිය.
10 ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු
11 අනේ ඕයි තමුසෙ ගියාම අපිට පාන්ද???
12 මේ තරම් කඳලු වැල්- කොහේ තිබුනදෝ.....
13 අල්ලාහ් හුඅක්බර්!!!!!!!!!!! හික් හික් හික්
14 ගියාට කමක්නෑ... තැන් තැන්වල නටලා අහුවෙන්ඩ එපා හරි?

Thursday, October 20, 2011

[දුමින්ද] පුන්චි පුතා මගේ ඉස්කෝළේ යන මුල්ම දවස අද වේ...

දුමින්ද බබා මේ ලොව එළිය දකින්නේ භාරත අන්කල් මේ ලොව හැරගිය දිනයේමය. දුම්න්ද බබා මෙලොව එළිය දකින මොහොතේ යකෙකුටවත් බය නැති, රජ්‍යසේවයේ විශ්ෂ්ටතම නිළධාරියා වන ගෝඨාබය සීයා ඇද එහා පැත්තේ සිටියේය. සකළ ලංකාවාසී සියළුම ජහමන තොත්ත බබාලාත් දුමින්ද බබාගේ උපත ගැන සන්තෝශයට පත්වූවෝය.

පසු කළෙක අංගුලීමාල වුනු අහින්සක කුමරා ඉපදුනු දිනයේ මුළු ලිබියාවේම අසිපත් ලෙල දුන්නාක් මෙන්, දුමින්ද බබා ඉපදුනු දිනයේ මුළු ලන්කාවේම පොල් කුඩු හිඟයක් අතිවිය. දුබුරු සීනි [බ්‍රවුන් ශුගර්] වෙළෙන්දෝ ගම් නඟර හැරදා ගියේ දුමින්ද බබාගේ පින් බලයෙනි. සීනී නැතිව තේ බොන්නට නොහැකි තේ පාරීබෝගිකයෝ සීනී සොයා ගම්බුම් වනසන බවද විමසුම ගෙන එන ලේ කෝප කරවන මහින්ද අබේසුන්දර කේවට්ට සීයා කට දල්වා උඩ බලන කල වර්චස් පිඬක් කටට වැටී දැන් ගල උඩ පැහරූ බලළා මෙන් බලා සිටී. එහෙත් වාසනාවට රැවුල වැවෙන්නේ නැති රනිලම් අය්යා සිටින කම් එයාට ප්‍රශ්නයක් නැත.

දුමින්ද බබා හරි හුරතල් රෝස කැලෙන් ඇහින්ද කොලූ පැට්ටෙකු බවත් රැකියාවේදී රුපියල් සීයක් පගාව ගන්නා, හවසට දෙකක් දාගන්නා, බස් රථයේ ඉබ්බා ගසනා ජහමන තොත්ත බාබාලා කළු කැත කොට චීනුන් වැනියැයි ප්‍රවීණ සමාජ විශ්ලේෂක, හොරෙන් හොරෙන් කොටින්ට කඩේ ගියත් අපි නොදන්න ලයිව් [බුද්ධිමත්] ජයශ්‍රියට අහුවෙන ගම්පහ සිටිය යුතු කොල්ලෙක් වන, අපේ චාමී මාමා සන්තෝශ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

අනේ සාදුය..!

දුමින්ද බබාගේ ඓශ්චර්යමත් උපත සිදුවූ දිනයට පසු දිනම ජපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය මෛතීරි සීයා විසින් ගෙදර යවන ලදි. දුමින්ද බබාගේ නෑදෑ හිතවතුන් ජපුර රෝහල වට කරමින් ආරක්ශාව සැපයූවේ ජැක්සොන් සීයාගේ පඬු අබා [ඔබ අප දන්නා පණ්ඩුකාභය කුමරා නොවේ, දෙවැනි කොටස බලන්න කෙට්ටු කොල්ලා මහත් වෙනකම් ඉන්න] රැක ගත් ගම්භුක භුත්තා සහ දොරමඬලාවේ නත්තල් සීයා මෙනි.

කෙසේ හෝ වේවා පසුගිය දිනක දුම්න්ද බබාගේ රන්කිරි කටගෑමේ නැකත් [මෙතෙක් කල් මව්කිරි වලින් යැපුනු බබු පැට්ටාට ඝන ආහාර ලබාදීමේ නැකත] උදාවී තිබුණි. මේ නිසාම මීගමුවේ ලන්සා අන්කල්ගේ ගෙදර පොඩි උත්සවයක්ද සංවීධානය කර තිබුණි. මහින්ද අපේ ලොකු සීයා මැරවින් මුත්තා සමඟ තකහනියක් වැඩ රාජකාරී පසෙකලා එහි ගියේය.

ඇන්කර් ප්ලස් සමඟ සමපෝශ කන නිසා වේගෙන් වැඩෙන අපේ දුමින්ද කොළු පැටියාගේ අකුරු කියවන නැකතද උදාවී තිබුණි. නැකත හොඳයි කීය පියා, මව ඉන් ඉදිරියට ගොසින් කොළු පැට්ටාට අකුරු කියවන්නැයි මූණපුරා රැවුල වවා ගත් බිබිලි නගන බෙලිකටු රඹුක්වැල්ල මුත්තාට ආරාධනා කළාය. කැප්ටන් හැඩොක් මුත්තා කොල්ලෝ මේ අයන්න යැයි කියා කොළුවාට "අ" යන්න ලියා පෙන්වීය. කොල්ලා කොළය අතට ගෙන එක පාරින්ම අකුරු ලියාගෙන ලියාගෙන් ගියේය. මේ එන පොට හොඳ නැතිබව දුටු බඩ ලොකු [හිටපු] ජනමාධ්‍යවේදී ඩලස් මාමා කොළය උදුරා ගත්තේය.

එහි "" යන්න "ම්" යන්න සහ "" යන්න ලියවී තුබුණි. ඉතිරි අකුර "" යන්න බව සහජ ඉවෙන් දැනගත් ඩලස් පුන්චී මාම "හොඳ කොල්ලා" යැයි පවසා හොරෙන්ම කොළය නවා සාක්කුවේ දමා ගත්තේ ලොකු සීයාටත් පොඩි සීයටත් කොල්ලගේ හපන්කම් පෙන්වන්නටය.

බබා මේ යන වේගෙට තව නොබෝ දිනකින් දණගානූ ඇත.
"තොටිළි වැටෙන් පනින පුතා, වෙන වැටවලුත් කඩනු ඇතේ"

"වැටි වැටි ඇවිදින මගේ පුන්චි පුතා හැංගුනාදෝ?
ඔන්න මන් අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ?"

දාණගාන පුතු පැටියා ඉතා ඉක්මනින් ඉස්කෝලේද යනු ඇත. පොත් පෙරලනු ඇත. කොලු පැට්ටාගේ ලොකු සීයාද පොඩී සියාද මනෙල් බාප්පාද සන්තෝසෙන් රැවුල කරකවමින් සිටිනු ඇත.

මේ අතරේ කේන්තියෙන් මැරෙන්න හදන කැමරාවක් දුටු පමණ පියාබන්න හදන අවුට් ඔෆ් ෆැශන් ඇස්.ඇෆ් මී මුත්තා පරලොව ගොස් සිටිනු ඇත [ලබන 18 වැනිදායින් පසුව]. කාල් මාර්ක්ස්ගේ රැවුල බෙදා ගැනීමට දඟලන අපේ රැවුල් මාමලා කොළය ඉරාගෙන සිටිනු ඇත.

ජහ මන තොත්ත බබලා කොස්කොළ කමින් යළි වමාරමින් යළි කමින් ආතල් එකේ සිටිනු ඇත.

ඒ වගත් එසේමය.

දුමින්ද පුතු පැටියාට සුබ අනාගතයක්ට ආසිරි ගෙන එන්නේ

හිතාදර,

චිම්පන්සී මාමා.

Sunday, October 9, 2011

ඔබ නොදනී... මුළු ලොවම දනී..!

පින්තූරයක් වචන දහසක් බැව් මා අසා තිබේ. එය එසේනම් මේ පින්තුර දෙකේ වචන දෙදහසක් තිබිය යුතුය.






පසුව මතක් වුනු සින්දුවක්:

පූජාසනයේ ඔබ හිදුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ..!


පූජාසනයේ ඔබ හිදුවා…

Thursday, September 22, 2011

නිවසේදීම අමෘතය සාදා ගන්න (දේව රසායන විද්‍යාව)

මෙය නලින්ද සිල්වා මහැඳුරුතුමා විසින් ස්වකීය ශ්‍රාවක පින්වතුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා පසුගිය කාලයේදී කරන ලද දේශනයකි. ආසනික් ලෝලී ඔබ සැමගේද පහන් සංවේගය තකා එම දේශනයෙන් උපුටාගත් කොටසක් මෙහි පළ කෙරේ. මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න.

"මේ මිහි මත පමණෙක් නොව, සදෙව් ලොව පුරාද පැතිර පවත්නා මහා දිව්‍ය ලෝකයේ විරාජමාන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ස්වකීය සුඛ විහරණය පතා පරිහරණය කෙරෙන රසායන විද්‍යාව 'දේව රසායන විද්‍යාව' නමින් හැඳින්වෙන්නේය. මෙය බටහිර ඇංකරයන්ගේ ඊනියා ටෙලස්කෝප් වලට ගෝචර නොවන මහත් ආශ්චර්යමත් දැනුම් පූංජයකි. එවන් මහාර්ඝ දැනුමක් මා පසුපස්සේ ගාටන බුද්ධි විහීන තොපට ගෝචර නොවන්නක් වුවද, තොපගේ ශංකා දුරුකරවනු වස් ඉන් එක් උදාහරණයක් පමණෙක් පහත දක්වමි.

මේ මිහිමත මතු නොව දිව්‍ය ලෝකයන්හිද වරින් වර මහත් නියඟ හටගන්නේය. එයින් අමෘතය ලබාදෙන ළිං සිඳී ගොස් දේව ගණයා මහත් පිපාසයෙන් පීඩාවට පත්වන කල්හී උහු තම දේව රසායන විද්‍යාවට අනුනුකූලව අමෘතය නිපදවාගන්නේ කෙසේද යත්,

පළමුකොටම ඇවැසි වන්නේ සුක්රෝස් නමැති දුලබ රසායනිකයයි. මෙය සොයා සදෙව්ලොව පීරා යන දිව්‍ය පුත්‍රයෝ සුක්රෝසයන් ගන්ධයෙන් හඳුනා ගැනීමට පවා සමර්ථයෝ වන්නාහ. උහු තාල වර්ගාදී වෘක්ෂ රාජයන්ගේ ප්ලෝයම තරලයන් සහ විවිධ ශර්කරාදීන් යනාදී සුක්රෝස් සංයෝගයන් ඒකරාශී කරන්නේ, නන්දන උයන් තෙර අශෝක වදුළු මධ්‍යයෙහි විල්ලුද පළස් මත නගාලූ ස්වර්ණාලේපිත බුජම් පුරවති.

අනතුරුව වාතයේ පවත්නා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නමැති ඊනියා පරමාණු අල්වා එකට ගටා ජලය නිමවන්නේය. එකී ඊනියා ජලය යටකී සුක්රෝසයන් මත මනාසේ වගුරුවන්නේ, රන් බුජම් තුළ සුක්රෝසයන් ඊනියා සුක්රෝස් තරළයක් බවට පත්වන්නේය. අනතුරුව ඇවැසිවන්නේ සැකරොමයිසීසයන් නමැති අරුපාවචර යීස්ට ජීවීන් විශේෂයකි. ගිජ්ජකූට පර්වත මස්තකයේ රත් හිරිගල්තලාවන්හි පන්දු කෙළිමින් සිටිනා මෙම පින්වත් යීස්ට සමූහයෝ  දේවතාරාධනයෙන් එසැණ පහළවන්නේ, යටකී සුක්රෝස තරළයන් තුළ වදිති. අනතුරුව දිව්‍ය පුත්‍රයන් විසින් මහාර්ඝ කැටයමින් යුතු වසුනින් අවුරන එකී බුජම් තුළ වන් පින්වත් යීස්ටයෝ, එකී තරළයෙහි නිමග්න විෂම පරමාණුවෝ අල්වා රන් හුයෙන් බැඳ අමෘත සංයෝගාදිය නිපදවන්නෝය.

මෙකී අමෘත රසායනිකය බල ගැන්වෙනු වස් ආත්ම සාරය නමැති ශක්ති බන්ධන ඇවැසි බැව් දත යුතුය. මෙපවත් දන්නා දෙව්ලෝ ගර්භාන්තරයේ වසන මූසික, මෂ්ඨක, උරගාදී පින්වත් සත්වයෝ දෙවියන් කෙරෙහි වන මහත් සැදැහැයෙන් යුතුව බුජමට බසින්නේ, සිය ආත්ම සාරය අමෘත සංයෝග හා මුසු කරන්නේය.

මෙලෙස එකුන් සැට පැය ඉක්මවන කල්හී බුජම සොඳින් පැසී රන්වන් කිරණ විහිදුවන්නට වන්නේය. එපවත් දක්නා දේව පුත්‍රයෝ එකී බුජම මහත් සැදැහැයෙන් රත් හිරියල් ත්‍රිත්වයක් මත නගා සිටුවා රත් සඳුන්, සුදු සඳුන් ඈ මහාර්ඝ දැව රැස්කොට තබා සිය චිත්ත ශක්තියෙන් ගිනි අවුළුවන්නෝය. අනතුරුව ගින්නෙන් පැලැහී යන රන් බුජම තුළින් පැන නගින  නෙක ප්‍රමාණ බුබුළු පැලී මුක්ත වන්නාවූ අමෘත වාෂ්පය, තඹ පරමාණූ රැස්කොට තළා නිමවන ලද සියුම් නාලමය සර්පිලයක් තුලට වන්නේ, ඝණීඝවනයට පත්වැ අනෙක් කෙළවරෙන් බි‍ඳෙන් බිඳ වැගිරෙන්නට වන්නේය.

මෙසේ  සර්පිලයෙන් වැගිරෙන සාන්ද්‍ර අමෘතය ඉතා සැර බැව් දත යුතුය. මෙය ජලය එකට සතරක් වන පරිදි මැනැවින් තනුක කල යුත්තේය. මෙසේ තනුක කල අමෘතය රන් ඔඩම් තුළ බහා බි‍ඳෙන් බිඳ පානය කරන කල්හී අමුතුම ජීවයකින් දේව ශරීරයන් උද්දීපනය වන්නේය. අමෘතයෙන් සංතර්පණයට පත්වන්නාවූ දේව සමූහයා ඉමහත් චිත්ත ප්‍රීතියෙන් කෙළි කවට කෙළින්නේ සදෙව් ලොවම එකම  උත්සවශ්‍රීයකින් ඇළලී යන්නේය. මෙවන් තේජස් සහිත අමෘතය පවා නිපදවීමට සුරුකම් දක්වන දේව රසායන විද්‍යාවට පාංශු බිඳක වන් ආසනික් සුඟක් සෙවීම මහත් වූ කජ්ජක් වේද? "

Sunday, September 18, 2011

පෙරමුණේ රාලලාගේ අභයදාන චූන් එක

පෙරමුණේ රාලට ලඟකදී පට්ට චූං එකක් ගොස් ඇත. ඒ සිංහල අවයාජ දේසප්‍රේමීන්ට මෙතෙක්කල් ඇනෙමිං තිබූ කටු කොහිල ගාලක් ක්ලියර් වීම නිසාය. කොහිල ගාල මර්විංය. මූ කරපු තරමක් කොලේ පට්ට පජාත කුප්පීදු වැඩය. උගෙ චරිතෙත් එහෙමය. බිස්නසුත් එහෙමය. උගෙ වටේ ඉන්න උං ඌටත් හපංය. ලොකුම හෙනේ මූ ආන්ඩුවේ ලොකු කකුලකි. හුරුල්ලා දන්න විදිහට නං 'අපිට රෙද්දක් ඇඳං පාරෙ යන්ඩ මූව එලෝලා දාන සේක්වා රජාණෙනි' කියල මුං ටෙලිග්‍රෑං බර තොගයක් රජ වාසලටද යවා ඇත. ඒත් මුගෙ මයිල් ගහක්වත් හෙල්ලෙන්නේද නැත. කුඩු හිංදා බොන්ඩත් බැරිය. ආන්ඩුව හිංදා අහක දාන්ඩත් බැරිය.

ඔයිං මෙයිං බිලිපූජා සීසන් එකත් ආවේය. ඒකත් හෙන ගේමකි. මේ බිලිපූජා තියන්නේ නලලේ අළු ගාගත් පෙරමුණේරාලලාම සෙට් එකකි. විරුද්ද වෙන්නෙ අළු නැති රාලලාය. හුරුල්ලා නං හිතන්නේ රාළලා කාලිට බය නැත්තේ නාථ ඉන්න හිංදා කියලාය. මෙදාපාර මේ කාළියි නාථයි කේස් එකට අලුතෙං එන්ටර් වෙන්නේ දෙවොල් දෙවියා හෙවත් මර්විංය.

"සතුන්ව මරා දැමීමට තව තිබුනේ පැයක් වැනි කාලයකි. හදිසියේ එතනට අමුත්තෙක් පැමිණියේය, සත්ව ඝාතනය තාවකාලිකව නැවැත්වීමට ඉල්ලූ SSP වරයාට පවා සද්ද බද්ද දැමූ මුන්නේෂ්වරම් පූසාරියාට, එම අමුත්තා දු‍ටු විට සුළු දිය පහ නොවුනේ යන්තමිනි.

ඇමතිතුමා පැමිණ ” සත්තු කපන එක නවත්වන්න මම ආවෙ. අද සත්තු කපන්නෙ නෑ ” ආදී ලෙස කියද්දී පූසාරියාගේ දිව ගොත ගැසුනා මිස වචනයක් වත් පිට වුනේ නැත. එතනින්ම අසරණ සතුන් දහස් ගණනකගේ දිවි ‍රැකුනි"
මනහර වැනුමක් මැ නොවේද?

පෙරමුණේ රාල ගුබ්බෑයමට "මර්වින් සිල්වාගේ අභය දානය සහ ඊනියා මානුෂිකවාදීන්™ ගේ කුහකත්වය" නමැති කොමඩිය ලියන මර්තේලිස්  නමැති බුද්දිමතා මේකෙං කොච්චර චූං වෙලාද කිව්වොත් එයාට අනුව මේක උත්කෘස්ට "අභයදානයකි". අනේ ෂෝක්ය. දැං ඉතිං මර්විං දෙයියා දැවැංත එළු කුකුල් සරණාගත කඳවුරක් සාදා මේ සත්තු මැරෙනකං ආදරෙං කවාපොවා රැකබලා ගන්නවා ඇතිය. මේ පේන්නේ දේසප්‍රෙමී ලපටි මොලගෙඩිවල සයිස් එකයි.

වනචාරී ගෝත්‍රික ඇදහිල්ලක් වෙනුවෙං සත්තු මරන එක අසික්කිත වැඩකි. මිනිස්සු මරන එක ඊටත් වඩා අසික්කිත බව මුං නොදනී. 'මේ සිංහල අපගෙ රටයි' සහ 'උතුරු නැගෙනහිර දෙමල නිජ භූමියයි'  කියන ගෝත්‍රික ඇදහිලි වෙනුවෙං  රට පුරාමත් ජයටම පැවැත්වූ සිංහල දෙමල මුස්ලිම් බිලිපූජාව කෙල හලමිං වැලඳු මේ උගත් මහත්තුරු එලුවං සහ කුකලං වෙනුවෙං ගෑනි මලා වගේ විස්සෝප වෙයි. මුංට හරියන්නේම මර්විං වගේ එවුං මිසක් වෙන මොක්කුද?

මේ වීරයෝ රොත්ත "කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන....." කියලා මර්විං දෙයියා උස්සලා පෙන්නනකොට අපිට පේන්නෙ අමු හෙලුවැල්ලක්නෙ මර්තේලිස්. බිලිපූජා තහනං කොරල නීතියක් තියෙනවනං ඒක ක්‍රියාත්මක කොරන්ඩ පොලිසියක් තියෙනවනේ. හලාවතිං ඒක කොරන්නැත්තං පොලිස්පති ඉන්නවනේ. එයාටත් බැරිනං තව උඩට ගිහිං මහ රජතුමා වෙනකංම ඉන්නවනේ. ඒ කියන්නෙ මේක නීතියට පිටිං කුකුලෙක් කපන එක වත් නවත්තගන්ඩ බැරි හාල්පාරු ආන්ඩුවක් නෙමේද? ඒකටත් මදාවියෙක් ඕනෙ.

කොහොමිං කොහොමිං හරි ආන්ඩුව කියන පල්වලේ සරුවට හැදිල තිබුන මර්විං කියන කටු කොහිල ගාල එක රැයිං සුද්ද කොරගත්තු එකට නං රාලට බඩඑලිය ගියා වගේ සනීපයක් දැනෙනවා ඇති. තුට්ටු දෙකේ මදාවියංගෙ ගොංපාට් ඇක්ටිං වලට මෙහෙමත් චූං එකක්...?

"මර්වින් යනු බොහෝ උදවිය හරියට හඳුනාගත් චරිතයක් නොවේ. මැරයෙක් ලෙස පෙන්වමින් ඔහු කරන්නේ පොලීසියට පවා ලෙහෙසියෙන් පාලනය කළ නොහැකි දාමරිකයින්ව (ලොව දක්ෂතම ත්‍රස්ත විමර්ශන ජාලයක් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ලොව බිහිසුනුම පාතාලයක් තිබේනම් ලංකාව ගැන කුමන කතාද?) පාලනය කිරීමට සුදුසු ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමේ රඟපෑමක් බව දන්නෝ දනිති. කෘතිමව ගොඩ නගා ගත් මැර ප්‍රතිරූපය නොතිබෙන්නට පූසාරීන්ගේ මන්න පහරවල් වලින් මර්වින් සහ ඔහුගේ ආරක්ෂකයින්ව එදා මුන්නේෂ්වරම් දේවාලය ඉදිරිපිටදී කීතු කීතු වනු ඇත."

එක එකාගෙ ගොං ආතල් අපිට වැඩක් නැත. ඒත් දුක හිතෙන එක දෙයක් ඇත.
අනේ තොපේ ජාතික බලවේගෙට කුඩුකාරයො/බඩුකාරයො/මදාවියො/ඩොලර් පෙරේතයො/ලිංගික පර පීඩකයො/අවස්ථාවාදී හිස් ලවුඩුස්පීකර ඇරුනහම හරයක් තියෙන එක වීරයෙක් හොයාගන්ඩ බැරි හැටි අම්මපා..?

ඊළඟ බිලිපුජාව නවත්තන්ඩ සිල්වා මහත්තයා යවමු. එතකොට ග්‍රවුන්ඩ් ක්ලියර්...........

Tuesday, September 6, 2011

සියලුම දෙමළුන් සිහළුන් කරමුද? - සරල විසදුමක් - මහදැන මුත්තා විග්‍රහ කරයි

මගේ අතථ්‍ය මිතුරෙකු පහත සංවාදය මා වෙත එවා තිබුණි.

------------------------------------------------------------------------------------------
A : මෙන්න නලින්ද සිල්වා කියපුවා ඇත්ත වෙනවා
‘පිල්ලෙයාන්’ ආදිවාසිවායෙක්ලූ, උප්පැන්නය වෙනස් කිරීමටත් යයි | ලංකා සයිබර් නිවුස්

මහ දැනමුත්තා: 

හැබැයි මේක යහපත් දෙයක්, මින් පෙනෙන්නේ දෙමළ අය සිංහල ජාතිය තුළට අන්තර්ග්‍රහණය වීමට යන බවයි.

අපිට අවශ්‍ය දෙමළ අය කොන් කර තබා ගැනීම හෝ ඔවුන් සමග ඊනියා සහජීවනයක් කියමින් ජාතිවාදය තව ශතක ගණනක් දක්වා පවත්වා ගැනීම නොව ඔවුනුත් අපේ උදවිය යැයි කීමයි.

ඉතින් ඒ සඳහා කෙළින්ම සිංහලයින් වීමට නොහැකි නිසා පළමුව වැදි ජනතාව බවට පත් වී පසුව සිංහලයින් හා මිශ්‍ර වේවි. වැදි ජනතාව යනුත් සිංහල ජාතියේම කොටසක්....
13 hours ago · 6 people like this
 
 
B: mun e aakaarayen hari demala jaathiya kiyana ekey demala nija bhoomiya kiyana ekey mithyaava therun gannavanam loku deyak..
moo aththatama mehema kiyala thiyenava nam eka sinhalayange loku jayaggrahanayak. mokada karunath meeta kalin kiyala thibuna nagenahirata idam haa polis balathala avashya na kiyala... ekath apita vatinava...
 
K: මහ දැනමුත්තා ...නම වෙනස් කළ පමණින් ඔහු සිoහල ජාතියට එක්වෙය් කියල හිතන්ඩ පුළුවන්ද ? ...එයාව හoවඩු ගහන්නෙ නැතිවෙයිද ජාතිද්‍රෝහියෙක් කියල ..එතකොට එයාට දෙමළ ජනතාව අතරෙ ජනප්‍රසාදය අඩුවෙනව නේද ?...ඔයා කියන විදියට කටයුතු සිදුවුණොත් හුඟක් හොඳයි.
11 hours ago · 1 person likes this.
 
මහ දැනමුත්තා: බව දන්න නිස තමයි ඔහු පළමුව වැදි ගෝත්‍රිකයෙක් ලෙස උප්පැන්නය වෙනස් කරගන්නේ. පිල්ලෙයාන්ට කෙළින්ම සිංහලයෙක් නොවී වැද්දෙක් වෙන්න සිදු වුනේ අපේම සමහරුන්ගේ වැරදි නිසයි.

අපේ බහුතරයක් සිංහලයින්, සිංහල කියනෙනේ අතිතයේ සිටම විවිධ ගෝත්‍රයන් එක් වීමෙන් සෑදුන පුළුල් ජාතියක් කියල නොදැන, සිංහල යනු ශුද්ධ ලේ ඇති පරම්පරාවක් කියල හිතාගෙන, දෙමළුන්ට සිංහලයින් බවට පත් විය නොහැකියි කියල සිතන මානසිකත්වයකින් සිටින නිසයි දෙමළ අය සිංහලයින් බවට පත් නොවී සිටින්නේ. ඒත් අතීතයේ සිට ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ අන්‍ය ජනවර්ග අවසානයේදී සිංහල නම් ජාතිය සමග එක් වුනා. අපි කළ යුත්තේ, වර්තමාන දෙමළ ජනයාටත් සිංහලයින් බවට පත් වීමට අවස්ථාව ලබා දීමයි.

සිංහල බෞද්ධ අපිට ගෝත්‍රිකයින් කියල චෝදනා කරන පශ්චාත් නූතනවාදීන්ම තමයි ගෝත්‍රික මානසිකත්වයකින් සිටින්නේ. ඔවුන් තමයි පිල්ලියාන්ට ජාතිද්‍රෝහියා කියල චෝදනා කරන්නේ. මමනම් බෞද්ධයෙක් ලෙස, කරුණා, කේපී, පිල්ලෙයාන් ඇතුළු ඔවුන්ගේ ගෝලබාලයින් විතරක් නොව දැනට සිටින කොටි නායක රුද්‍රකුමාරන් ඇතුළු පිරිස වුනත් තම පරණ තරහ අමතක කරලා සිංහලයින් සමග එකට සිටිනවානම් එනම් සිංහලයින් බවට පත් වෙනවානම් කැමතියි.
ජනවර්ගයක් සහ ජාතියක් අතර සහජීවනයක් කිසි දා ඇති නොවේ, ලෝක ඉතිහාසයේ කවදාවත් එවැන්නක් ඇති වෙලාත් නැත. එහිදී වෙන්නේ එක්කෝ ජනවර්ගය විසින් ජාතියම ආක්‍රමණය කර විනාශ කර දැමීම හෝ එම ජන වර්ගය මහා ප්‍රවාහයට එක් වීමයි....
11 hours ago · 3 people like this.
K: ඔව් ..ආර්යයනුත් කළේ ඕකනෙ ..සoක්‍රමණය වෙලා සිoහල ජාතියට එකතු වුණා
මහ දැනමුත්තා: ආර්යයන්ගේ එක් වීමත් සමග තමයි සිංහල ජාතිය බිහි වුනේ, ඊට පෙර සිටියේ වෙන් වෙන්ව බෙදී පැවතුන ගෝත්‍ර රාජධානි..
K: එතන අපේ මතවල බෙදීමක් තියෙනවනෙ :)
V: Aට ලූස්
------------------------------------------------------------------------------------------
මගේ මිතුරා ඊමේල් පණිවිඩයේ අගට මෙසේ එක් කර තිබුණි
"මචන් මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා මටනම් හිතාගන්න බෑ"
මටත් එම සංවාදය කියව අවසනායට හිතුනේද මගේ මිතුරාට හිතුනු දෙයමය,

"මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ"
ප.ලි: අදත් ආසනික් නැත


Friday, September 2, 2011

පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝතෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
බඳිනවදෝ කිරිපුස්සා

[රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුනයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
බඳිනවදෝ අපෙ පැඟිරා

[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]//

මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
බිම් හෙව්වා නොවැ රාළේ

කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ


'රාළේ! රාළේ!!'

මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ


[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]///
අපෙ පැඟිරා..කිරිපුස්සා///



නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව(පරාක්‍රම නිරිඇල්ල)
ගායනය - එඩ්වඩ් ජයකොඩි / ජයශ්‍රී චන්ද්‍රජිත්

සින්දුව බාගත කර ගන්න සහ වේදිකා නාට්‍ය ගීත අහන්න "නූර්ති සහ වේදිකා නාට්‍ය ගී"

එකතු කළේ - මාලන් S

Monday, August 29, 2011

විමල් චර පුරුෂයෙක් බව හෙළිවේ..... කෙල්ල ගෙට ගන්......!

වත්මන් රජයේ වග කිව යුතු අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශ මහතා වග කිව යුතු වැදගත් චරපුරුෂයෙකු බවද, ලංකාවේ ජනාධිපති වේදේහ රජතුමන් බවද අනාවරණය වී ඇත. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ විශිෂ්ට ශ්‍රී ලාංකික බුද්ධිමතෙකු, දේශපාලන විශ්ලේශකයෙකු මෙන්ම දැවැන්ත දේශප්‍රේමියෙකුද වන රංග ජයවර්ධන නම් මහතෙකු විසිනි. ෆේස් බුකියේදී අහම්බෙන් නෙත ගැටුන මෙම අනගි සොයා ගැනීම පසුදින උදෑසන වන විට විදේශ කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් නින්දිත ලෙස මකාදමා තිබුණි. අකාලයේ සැඟවී යා නොයුතු මෙම අනගි සොයාගැනීම සමස්ත ලාංකීය දේශප්‍රේමීන්ගේ පහන් සංවේගය පිණිස පහත දක්වා ඇත.

"Ranga Jayawardene >> කොළඹින් සිංහලයෙක්ව දිනවන එකත්, හම්බයින්ගේ ඡන්ද කඩන එකත් කරන්න ඕනෑ "අඩෝ පර හම්බයා , අපි තොට බය නෑ යකෝ, තොගෙ ඡන්දෙ දීපිය සිංහලයින්ට" කියල නෙමෙයි.
අපි කැමති වුනත් අකමැති වුනත් කොළඹ හම්බ ජනගහනය වැඩි වී ඇති නිසා උන්ට ලොකු ඡන්ද පදනමක් තිබෙනවා. ඒකට මෙතෙක් කල් කොළඹ නගරාධිපති බලතල තිබුන සහ එමගින්ම හම්බයින්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දුන් එක්සත් අවජාතික පක්ෂය වගකිව යුතුයි.

ඉතින් අපි කළ යුත්තේ අපේ පැත්තෙන් සිංහලයන් විතරක් දාලා සිංහල ජාති ප්‍රේමය පෙන්වලා ඡන්දෙ පරදින එක නෙමෙයි. කළ යුතු වෙන්නේ අපේ පැත්තෙනුත් හම්බයෙක්ව දලා, ඌට නගරාධිපති කම දෙනවා කියලා ඌවත්, ඌට ගොට්ට අල්ලන්න කැමති හම්බයින්වත් අන්දවලා, හම්බයින්ගේ ඡන්ද පදනම කැඩීමයි. හැකිනම් ඡන්දෙ වෙනුවෙන් හම්බයින් හම්බයින් මරා ගන්නා තැනට වැඩේ සැලැස්විය යුතුයි.

හම්බයින්ට දීගෙන ඉන්න එක්සත් අවජාතික පක්ෂයෙන් හම්බයෙක්ව නගරාධිපති ධූරයට යෝජනා කරගෙන තිබියදී, විමල් වීරවංශ මහතා විසින් මුසම්මිල් නම් හම්බයාව ඉදිරිපත් කරමින් කරන්නේ ඒ ආකාරයට හම්බ ඡන්ද පදනම කැඩීමයි.

එවිට බොහෝ දුරට සිංහලයෙක්ව නගරාධිපති කළ හැකි වේවි. ඉන් පසුව සිංහල නගරාධිපති විසින් කල යුතු මූලිකම කාර්යය වෙන්නේ කොළඹ නගරයේ සිටින අනවසර පදිංචි කරුවන්ව වාර්ගික බේධ නොසලකා නැවත ඔවුන්ගේ මුල් ගම් බිම් වලට යැවීමයි. මන්ද යත් එලෙස සිටින අනවසර පදිංචි කරුවන්ගෙන් 80% කට වඩා හම්බයින් සහ දෙමළ ජනතාවයි, කළින් සිටි හම්බ නගරාධිපති වරුන්ගේ කාලයේදී නගරාධිපති වරු විසින්ම නීතිවිරෝධීව පදිංචි කරගත් උදවිය.

මෙච්චර කාලයක් හම්බයින් සිංහලයින්ව ඇන්දුවා, දැන් අපිත් කල යුත්තේ උන්ව ඇන්දවීමයි. නැත්නම් සිංහලයින් සුළුතරය වෙනකම්ම උන්ට ඇන්දෙමින් ඉන්න සිදු වේවි. මේක සදාචාරාත්මකද කියල ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ, මේක සම්‍යක් ප්‍රයෝගයක් බවයි. සම්‍යක් ප්‍රයෝග වලින් පන්සිල් කැඩෙන්නේ නැත.

විමල් මීටත් වඩා හොඳින් කරන තව "දාම් ඇදිලි" තිබෙනවා. ඒ සියලුම දේවල් ප්‍රසිද්ධියේ කීමට නොහැකියි. මෙයත් යම් අවදානමක් දරමින් මෙලෙස ප්‍රසිද්ධියේ කීමට සිදු වුනේ තමන්ගේ ප්‍රතිරූපය සහ පක්ෂය පවා කැප කරමින් "සිංහලයෙක් යැයි කියා නොගෙන" සිංහලයින් වෙනුවෙන් යමක් කරන විමල්ට, දේශපාලනය ගැන ගැඹුරින් නොබලන උදවියගෙන් චෝදනා එල්ල වෙන නිසයි...

මෙහිදී සිහියට නැගෙන්නේ, උම්මග්ග ජාතකයේ දැක්වෙන පරිදි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මියුළු නුවර ආක්‍රමණය කිරීම වස් නුවර වටලා ඇති කල්හි, මහෞෂධ පණ්ඩිතයින්ගේ නියමයෙන් ආක්‍රමණික චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාව අතරට ගොස් මියුළු නුවර ගැන කට කතා පතුරවන වීරෝදාර චර පුරුෂයාගේ භූමිකාවයි. එහිදී සතුරු පිලේ විශ්වාසය දිනීම වස් එකී චරපුරුෂයා වේදේහ රජතුමාගේ උදහසට ලක් වූවෙක් බව පෙන්වීමට සිදු විය. ඒ සඳහා ඒ චරපුරුෂයා කලේ ස්ව කැමැත්තෙන් නාසයත් දෙකනත් කප්පවා ගැනීමයි. නමුත් එලෙස තම මෙහෙයුම වෙනුවෙන් ස්ව කැමැත්තෙන් රාජ වධයට ලක් වූ ඒ වීරෝදාර චර පුරුෂයාට, "කතාවේ හැටියටනම්" මියුළු නුවර ජනතාව විසින් පල් සොරා, බොරුකාරයා කියා බැනුම් අසන්නට සිදු වෙන්නට ඇත. (මියුළු නුවර බේරාගත් පසුව ඔහුට රාජ වරප්‍රසාද ලැබුනනා වුනත් ඔහුට තම රටේ ජනතාවගෙන්ද බැනුම් අසන්නට වෙන්නට ඇති බව අමතක කළ නොහැක)

මේ වෙන්නේ එහි වර්තමාන භූමිකාවයි. වේදේහ රජතුමානමාගේ භූමිකාව අද රඟපාන්නේ මහින්ද රාජපක්ෂ යැයි කිව්වාට උම්මග්ග ජාතකය කියවා ඇති විපක්ෂයේ උදවිය වුවත් අමනාප නොවේවි ;-) එසේම මිහුළු නුවරවාසී චරපුරුෂයාගේ භූමිකාව කරන්නේ ලාංකීය දේශපාලන පොර පිටියේ දේශප්‍රේමීන්ගෙන්ද, දේශද්‍රෝහීන්ගෙන්ද අපමණක් අපහාස ලබමින් රට වෙනුවෙන් තම මෙහෙයුම කරන විමල් වීරවංශ බවත් සැක නැත. නමුත් අවාසනාවක තරම, මහෞෂධ පණ්ඩිතයින්ගේ භූමිකාව කිරීමට සමත් ජගතෙක් ලංකවේ තවමත් පහළ වී නොමැත. එවැන්නෙක් සිටියානම් අද ලංකාව මෙලෙස පසුගාමීව සිටින්නේත් නැත....

විමල් ගැන හරියට නොදැන ඔහුව ද්වේශසහගතව විවේචනය කරන උදවිය ගේ දැනගැනීම උදෙසා ලිව්වෙමි.
...මෙය හම්බයින්ට නෙත ගැටීමට දෙන්න එපා...

(උපුටා ගැනීම -  'ජාතිකත්වය'  http://www.facebook.com/groups/slpolitics/#!/groups/jaathikathwaya/ )

රංග ජයවර්ධන මැතිඳුන්ගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය හම්බාවන් නම් සත්වයින්ගේ ඇස ගැටීමට නොදෙන මෙන් ඉල්ලමි.

(පාඨක ලිපියකි)

Saturday, August 20, 2011

රනිල්ගේ කුනුහබ්බ

ඉස්තූතිය පලකිරීමයි.....
ලාංකීය මාදය කලාවේ නව පෙරලියක් කරමින්ද,
මාදය වාරනය අලුයම ලූ කෙල තැබ්බක් සේ ඉවත දාමින්ද,
වෙනදා ගෝටාබය/බැසිල් කියන වචන වෙනුවට දාපු ටී.......ක් ටෝන් එකත් නොදාමින්ද,
පොඩි එවුං කාමර වලට එලවලත් දාමින්ද,
රනිල් වික්රමසිංහ කියාපු   "වේස ගෑනි" කියන අමු තිත්ත  කුනුහබ්බය සිත් සේ අසාගන්නට අවස්තාව ලබාදුන් 
"සිරසේ" වේසිගෙ පුතාලට හුරුල්ලාගේ ඉස්තූතිය පිරිනැමේ.

Saturday, July 23, 2011

ගංගොඩවිල සෝම දෙවියන් නෙරපයි......... දේව සභාවේ උණුසුම් වාතාවරණයක්......

ඊයේ රැස්වූ ලංකා දේව සභාවේ උනුසුම්කාරී වාතාවරණයක් උද්ගත වූ බව හුරුල්ලාට වාර්තා වේ. ඊයේ පැවැත්වූ මෙම දේවසභා විශේෂ සැසිවාරයට මැතිවරණ රාජකාරි හේතුවෙන් දෙවියන් සැලකියයුතු දෙවියන් පිරිසක් සහභාගි නොවීමද කැපී පෙනෙන සිදුවීමකි.

මෙහිදී පළමුවෙන්ම සාකච්ඡාවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට මේ දිනවල තදින් බලපා ඇති ආසනික් පිළිබඳ ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් නාථ දෙවියන්ට විශාල වශයෙන් චෝදනා එල්ලවීම පිළිබඳව කාගේත් වැඩි අවධානයක් එල්ල විය. මෙහිදී නාථ දෙවියන් ප්‍රකාශ කොට ඇත්තේ කල් ඉකුත්වූ රසායනාගාර උපකරණ වලින් පර්යේෂණ කිරීමට සිදුවීම පිළිබඳ වගකීම තමාට භාරගත නොහැකි බවයි. මෙහිදී දැඩිමුණ්ඩ දෙවියන් කෝපයෙන් ප්‍රකාශ කොට ඇත්තේ බැරි මගුල් නොකර නිකං උන්නනං ඉවරනේ යනුවෙනි. මෙහිදී ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්වය කථානායක අයියනායක දෙවියන්ගේ මැදිහත්වීමෙන් වැලකී ඇත.

කෙසේවෙතත් ආසනික් ජරමරයෙන් දේව සභාවේ ජාම් බේරාගැනීම සඳහා විශේෂ දේව කමිටුවක් පත්කිරීමට ගලේ බණ්ඩාර දෙවියන් විසින් ගෙන ආ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය. මෙහිදී කතා කල දෙවොල් දෙවියන් ප්‍රකාශ කොට ඇත්තේ එම කමිටුවට තමාව නම් නොකරන ලෙසයි. මන්ද යත් අති බිහිසුනු 13 කල්ලියක් පවුල් පිටින් කම්බස්කිරීමේ විශේෂ කොන්ත්‍රාත්වක් ජාතික හෙල උරුමය නමැති පින්වත් සංවිධානයක් තමාට භාරදී ඇති හෙයින් ඔය සුකුරුත්තං වැඩ වලට තමාට වෙලාවක් නැති බවයි.

මෙහිදී කතාකල නාථ දෙවියන් ඔය 13 දෙනාගෙන් එක්කෙනෙකු තමන් නැති වෙලාවක තමාගේ කැළණිය බ්‍රාන්ච් එකට වාර්තා කර ඇති බවක් ආරංචි හෙයින් ඒ පිළිබඳව සලකා බලන ලෙසයි. මෙහිදී දෙවොල් දෙවියන් කෝපයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඒවා තමාට බලාගත හැකි බවත්, කොහොමටත් විමලෙගේ සී නිව්ස් එකේ බට්ටි කැළණිය බ්‍රාන්ච් එක පැත්තේ කැරකෙනවා වැඩි බවත්ය. අනතුරුව නාථ දෙවියන් සාළුවේ කොනක් හපමින් මොනවාදෝ කියා ඇති මුත් එය කාටවත් ඇසී නැත.

ඉන් අනතුරුව කථානායක දෙවියන් විසින් සභාව හමුවේ විශේෂ කරුණක් ඉදිරිපත් කරන ලදී. එනම් ගංගොඩවිල සෝම නම් දිව්‍ය පුත්‍රයෙකු දේව සභාවේ සාමාජිකත්වය ඉල්ලා ඇති බවත්, එම ඉල්ලීම සභාවේ  බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බවත්ය. මෙහිදී සභාවේ යම් ඝෝෂාකාරී තත්වයක් උද්ගතවූ අතර දෙවොල් දෙවියන් විසින් එම දේව පුත්‍රයා පිළිබඳ දීර්ඝ කරුණූ දැක්වීමක්ද එහිදී සිදු කොට ඇත.

උන්වහන්සේගේ ප්‍රකාශය දළ වශයෙන් මෙසේය.
"ඔය සෝම කියන හාදයා ගැන අපි හොඳට දන්නවනේ..... එයා නරයෙක් කාලෙ සිවුරු දරාගෙන හිටියා. එහෙම ඉඳං මොකද කලේ? පුළුවන් තරං දෙවියන්ට බැන්නා. අපිව අදහන  අය මිත්‍යා දෘෂ්ඨිකයෝ කිව්වා. ඒ අය සැබෑ බුදුදහමට පිටුපානවා කිව්වා. ඒ කාලේ අපිට පළතුරු වට්ටි තියා ආසාවට පේර ගැටයක්වත් නෑ...... ඔය දැන් අපිව අදහන නලින්ලා..... රතන සාදුලා සේරම එයාගෙ මිත්‍යාදෘෂ්ඨියට හරෝගෙන තිබුණේ....... එයා තව ටික කාලයක් උන්නනං අපිටත් ඉන්දියාවේ දේව රැකවරණ ඉල්ලන්ඩ වෙන්නේ.....

යන්තං රුසියාවට පින්සිද්ද වෙන්ඩ තමා ඔය කරදරේ ක්ලෝස් උනේ. නැත්තං රතනලා පාර්ලිමේන්තු යනවත් බොරු........ ඊට පස්සෙ තමා රතනලා නලින්ලා ආපහු සම්මා දෘෂ්ඨිය වැළඳගෙන අපිට පොලයක් දෙකක් ගහගෙන කොන්තරත්තුවක් දෙකක් දෙන්ඩ පටං ගත්තේ.... මං යෝජනා කරනවා ඔය හාදයව පැත්තකට දාල අර රතන සාදුයි නලින් ගොයියයි අපේ දේව සබාවට බන්දගමු කියලා.........."

එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සභා සම්මත විය.

Monday, July 18, 2011

හදිස්සියක්..... ගම්මිරිස් ඇට 13 ක් ගෙනිහින් රතන සාදුට දෙන්ඩ......


ඔබත් රට ජාතිය ගැන අම්බානක උන විකාරයෙන් පෙලෙන්නේද? මෙන්න එහෙනම් අවස්තාව. කුරිරු ආසනික් මාරයා මෙරටට කැන්දං එන රුදුරු ත්‍රස්තවාදී ම්ලේච්ඡ අති බිහිසුණු 13 කල්ලිය වැනසීමට දැං ඔබටත් එක්විය හැකියි. අවි ආයුද එපා. කුලු පොලුත් එපා. ගල් මුලුත් එපා. චූටිම චූටි ගම්මිරිස් ඇට 13 ක් හොඳටම ඇති. පුලුවන්නං පොල් ගෙඩියක් නැතත් බෑවක්වත් අරං එන්ඩ. 
කෙලිංම සීනිගමට එන්ඩ. රතන සාදු එතන ඇත.

ඇවිල්ලා කරන්ඩ තියෙන්නේ සුලුම සුලු දෙයයි. ඇට දහතුන කෙලිංම රතන සාදුට දෙන්ඩ. අර බෑව රතන සාදුට පේන නොපෙනෙන තැනකිං තියන්ඩ. 
ඊට පස්සෙ වැඳගන්ඩ.
දැං එක හිතිං මෙහෙම හිතාගන්ඩ.
 
කේසා... ලෝමා.... නඛා... දන්තා....
කුඩු වගේද ආසනික් - දිමු වගේද චම්පික
ඉඩම් වගේද ඩොලර් - හෙජිං වගේද කොමිස්
ගල වගේද වරාය - මිහින් වගේද ලංකා
-
-
මේ සජ්ජායනාවෙං පස්සෙ තමංගෙ දෙකංසෙ රත්වෙලා වගේ දැනෙන්ඩ පුලුවං..... ඒක තමා ආනුබාවෙ.... දැං තියෙන්නෙ රතන සාදුගෙ ඇඹරිල්ල. රතන සාදු ඔයාගෙ ඇට 13 අඹරනකොට අර කුරිරු 13 කල්ලිය ගැන සිහිපත් කොරගන්ට.

ජනිතා ගැන වැඩියෙං හිතංඩ...... හඩ්ඩා ගැන අඩුවෙං හිතන්ඩ.....
අනුර ගැන වැඩියෙං හිතන්ඩ...... වික්ටර් ගැන අඩුවෙං හිතන්ට......

ඔහොම අනුලෝමව ප්‍රතිලෝමව 108 වාරයක් හිතන අතරේ උංගේ පවුල් පිටිං හැඳිගෑවිලා යන්ඩ සත්‍යක්ක්‍රියා කොට රතන සාදු ඔබ වෙනුවෙං අඹරනු ඇත.
අති බිහිසුණු 13 කල්ලිය පවුල් පිටිං වැනසේවා. තෙරුවං සරණයි!

Saturday, July 16, 2011

ලෝක අනාථ "නාථ"...

නිමිත්තඃ පොහොර සහනාධාරය කැපීමට නාථ දෙවි පිහිට පතයි.
(“2011 ජුනි 30, රාවය” පුවතක් ඇසුරින්)


නාථ.....,
අප අනාථ කරන
උඹත් දෙයියෙක් ද?

ලෙඩ ගෑණු
සෙප්පඩ මහැ’දුරන්
බැල දොස්තරලා
උඹට මුවා වෙන කොට
ගඳ ගැහුවෙ නැද්ද?

කලාපෙං ඉල්ලං කාලා
ගා ගෙන හත් පොලේ
පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
උඹවත් ඉස්සරහාට දාලා

නාථ..
හිටපු දේවාලෙක ට ම
දැන්ම ම ගියොත් හොඳයි..

මඩ හෝද ගෙන
අපිත්
දිග හැරිය යුතුය අතපය

ඕනෑම නාථයකු – ඕනෑම ගෝතයකු
අනාථ කළ හැකි
මහ බලය
ගොවි බිම් මතට රැගෙන යා යුතුය

යන ගමන් කියන්න
ඉතුරු තිස්තුං කෝටියටත්..

ගොඩ ගැසුණු මහ බැතේ
උරා ගත්ත
පෙරේත කුම්භාණ්ඩයන් ට
හෙනයක්වත් නැති
ඔය දෙයියන්
පඩයක් තරම් නොවටිනා වග



-------------------------------------------
පසුව ලියමිඃ

රසික සද් ජනයිනී
නොසොයන්න මේ කව් මත
ඉසියුම් හද රාව
ඉගැඹුරු දිවි අරුත්
මරා නොදමන්න කතෘ
රැකගන්න කතෘගේ අභිප්‍රාය

හැකි හැකි අයුරු
වපුරන්න…
හමුවන හමුවන
සුදුසු බිම් මත..

- By Niyama Kavi
(ලංකා සී නිව්ස් හි පළව තිබූ කමෙන්ටුවකි)

Saturday, June 18, 2011

නම් වෙනස් කිරීමයි.......

'මොහොමඩ්ගේ පලා මල්ලේ' නම 'ආසනික්' යනුවෙන් වෙනස් කිරීමට තීරණය කොට ඇත.
එයට හේතුව වන්නේ මෙරට නව විංසතියක ඇරඹුම සිදුවූ ආසනික් සිදුවීම සදානුස්මරණීය වනු පිණිසය.


වත්මන් සිංහල ජාතියේ පියා වන නලින් ද සිල්වා ඇඳුරුතුමා විසින් අරඹන ලද ජාතික චින්තන මතවාදය විසින් මේ රට මෙහෙයවූ යුගය, එතුමා එක රැයින් දේශද්‍රෝහියෙක් වීමත් සමඟ පසුගියදා නිමා වන ලදී.මේ වන විටත් අවතැන්ව සිටින එතුමාගේ ගෝලබාලයින් චැනල් ෆෝ හි එල්ලී දිවි යන්තමින් දිවි රැකගනිමින් සිටියත් ඒ කෙතරම් කාලයකටදැයි කිව නොහැක.


එබැවින් රාජිත සේනාරත්න විසින් සොයාදීමට නියමිත නව ජාතියේ පියෙකු සමඟ ශ්‍රී ලංකා මාතාව නව දීගෙක යාමට නියමිත මේ මොහොතේ, යුගයේ කාර්භාරය නිමකොට ජාතික මෙහෙවරෙන් සමුගන්නා නලින් ද සිල්වා පියාණන්ට උපහාර පිණිස මේ බ්ලොගය මින් මතු 'ආසනික්' යනුවෙන් හැඳින්වෙන බව සියළු ශ්‍රී ලාංකිකයන්ටත්, මෙම බ්ලොගය මෙතෙක් කල් පවත්වාගෙන ආ අගනා නම සපයා දුන් පෙරමුණේ රාල විද්වත් මණ්ඩලයටත් මෙයින් දන්වා සිටිමු.

Tuesday, May 31, 2011

දිනූ (කාර්මික) සාමය රැකගනිමු

විශ්වයම විස්මිත කරමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට අප වන්දනීය මාතෘභූමියට, අති උත්තරීතර කාර්මික සාමය උදාකරදුන් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට පළාමල්ලේ ප්‍රණාමය මෙයින් පුදකර සිටී.


මේ ආශ්චර්යමත් මොහොතේ එම සාමය අපවෙත උදාකරදීමේලා සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදි රණකාමී අභීත (පොලිස්) රණවිරුවන් විසින් සිදුකල උදාරතර සේවය සදා අමරණීය වේ. මෙම කාර්මික මානුෂීය මෙහෙයුමේදී සිත් පිත් නැති කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ අධම ගල් මුල් ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූ සියළු (පොලිස්) රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබ, නැවත වරක් අප පූජනීය මව්බිමේ කාර්මික සාමය රැකීමේ උත්තරීතර මෙහෙයට එක්වීමට සියළු දෙවි දේවතාවුන්ගේ නොමඳ පිහිට ආරක්ෂාව ලැබේවා යි ද අප ඉත සිතින් පතමු.


කුරිරු කාර්මික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්ව සිටි දස දහස් සංඛ්‍යාත අහිංසක කාර්මික සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ශා කර ගැනීමේ පරම චේතනාවෙන් යුතුව, මෙහෙයුමේ අවසන් අදියරේදී බර අවි භාවිතයෙන් තොරව පොලු මුගුරු සහ කළුගල් වැනි සැහැල්ලු ආයුධ භාවිත කොට අප රණවිරුවන් ලැබූ මේ විශිෂ්ට ජයග්‍රහණය ලෝකයේ සියළු හමුදාවන්ට ආදර්ශයක්ම වන්නේය.


සියළු ශ්‍රී ලාංකිකයිනි,
දිනූ (කාර්මික) සාමය රැකගෙන අප ඉදිරි පරම්පරාවන්ටද දායාද කිරීම මේ මොහොතේ අප ඉදිරිපිට ඇති අනුල්ලංඝනීය වගකීමයි. ඒ සඳහා ම.එ.පෙ/ජා.නි.පෙ/ජා.හෙ.උ/කො.ප/ම.එ.පෙ/ප්‍ර.එ.ජා.පෙ/...../.../.. වැනි සියළු භේදයන්ගෙන් තොරව ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව වටා එක්සිත්ව රොක්වන මෙන් ඔබ සැමට ආරාධනය කොට සිටිමු.


දිනූ (කාර්මික) සාමය රැකගනිමු.....!
මව්බිමට ජයවේවා.....!!
කෝ යකෝ කිරිබත්..........?

Monday, May 16, 2011

නොවරදින අනාවැකි සඳහා...... චතුස්කෝටිකාචාර්ය නලින් ගුරුන්නාන්සේ.......

පින්වත් දරුවනි,
පෙම්වතා, පෙම්වතී හැරගියාද?  ස්වාමිපුරුෂයා බීමත්කමට ඇබ්බැහිවීද?,  විවාහ දිවියේ ගැටුම්ද?  කුඹුරේ කීඩෑවෝද?  මූණේ කුරුළෑද?  ගෙදර පිළිමවලින් රැස් විහිදුනාද?  නේටෝ එකෙන් ලිබියාවට ගහනවාද?  බැන්කි මූනා වලි දානවද? බ්ලේක් කාරයා ගැන සැකයිද?

තවදුරටත් හිතින් විඳවන්න එපා. පුරාණ සිංහල ඍෂිවරුන් විසින් විසින් සොයාගත් ඉපැරණි චතුස්කෝටිකයෙන් ටක්කෙටම හරියන අනාවැකි......

මුදල් එපා..... හරිගිය පසු ලොක්කට ඡන්දයක් දෙකක් දුන්නාම හොඳටම ඇති..... තව සුළු කාලයක් පමණයි.... වැරදුනහොත් අනාවැකිය වෙනුවට අලුත් අනාවැකියක් නොමිලේ......
අදම එන්න....

ශ්‍රී චින්තන පරසද ජ්‍යෝතිෂ කාර්යාලය.
කැළණිය කුප්පායම.
------------------------------------------------------------------------------

හාල්පන්විල ගුණසේන.

ඇත්තටම මට තිබුණේ මහා බයානක ලෙඩක්. හැමතිස්සෙම ඔලුව නස්කුරුඥ්ඥං වෙලා..... නාහෙන් හොටු දියර ගලනවා...... හීනෙං අහස් ගුණ්ඩු පේනවා.... නිතරම කිරිබත් මතේ වගේ..... මං දිහා බලන හැම එකාම මාව කන්ඩ එනවා වගෙත් පේන්ඩ ගත්තා.....

දන්න කියන ගොඩවෙද්දු නං කිව්වෙ යුද්දෙ නැවතුනාට පස්සේ, ඒ තිබුන ඇඩ්වෙන්චරස් ආතල් එක නැතිවීම නිසා ඇතිවුන සාංකාව වගේ එකක් කියලා.... හැම තැනින්ම වෙදකං කරලා බැරිම තැන තමා නලින් ගුරුන්නාන්සේ හම්බඋනේ....... උන්නාන්සේ දෙවියෙක් වගේ පිහිට වෙලා මට අලුත්ම අනාවැකියක් කිව්වා.... තව මාස අටකින් නේටෝ එකෙන් ලංකාවට ගහනවාය..... ඒ යුද්දෙන් ලංකාව දිනනවාය කියලා..... ඒ ගහන්නෙ අපි ගාව බුද්දාගම තියෙන හින්දයි කියලත් කිව්වා.......

දැං ඉතිං දෙයියංගේ පිහිටෙං මට තිබුන ලෙඩ රෝග සේරම ඉවරයි..... ගෙයි උළුවස්සේ මයේ ගෑනි රටහුණු කෑල්ලකිං ලියලා තිබ්බ 'බාලගිරි දෝසෙ අද නෙමේ හෙටයි' කියන පල් වාක්කිය උඩිං 'මේ ගවුතම බුද්ද රාජ්ජයයි' කියන ඉස්ටිකර් එකක් අලෝගත්තා. 

ඒ කාලෙ අපි ටීවී එකේ වර්ග කිලෝමීටර් ගණං කොලා වගේ, මං මේ දවස්සොල නේටෝ කාරයෝ ඔය ඉස්ටිකර් එක ගලවන්ඩ ඇවිත් නන්දිකඩාල් වෙන දවස කවුන්ට්ඩවුන් කරනවා..... එදාට ඉතිං අපිට දෙයියනේ කියලා රතිඤ්ඤයක් දාල... කසිප්පු උගුරක් බීලා කිරිබත් කටක් කාගන්ඩ නලින් ගුරුන්නාන්සේට සියලු ඉෂ්ට දේවතාවුන්ගේ රැකවරණ ලැබේවා......!!!


දිනයක් වෙන්කරගෙන පැමිණෙන්න. පෝය දින ඇතුළුව මසකට දින 23 ක් වසා ඇත. පූජා භාණ්ඩ රජය විසින් සපයනු ලැබේ.

Tuesday, April 26, 2011

කළුගල පුපුරුවන්න හුරුල්ලාගෙන් දේසීය ක්‍රමයක්.....

අවුරුද්දත් ඇවිත් 'ගියේය'..... 
අලුත් අවුරුද්දේදී පරණ ප්‍රශ්න අමතක කිරීම අපේ  සිංහල-බවුද්ද අයගේ සිරිතක්ය. ඒක නිසා අපේ උදවිය මේ දවස්වල පරන ප්‍රස්න අමතක කොට පරන මූනා අලුතින් අල්ලාගෙන ඇත. අපේ සුබපැතුම්ය. 

ඒ අස්සේ ගල් ප්‍රස්නයක්ද ලාවට ඇදෙමින් පවතින බවක් ඇසේ.... ඒ ගල ඇත්තේ දකුණේ හම්බන්තොට වරායේලු... දහනායකගෙනුත් එහාට යන දකුණේ ගල් ඉතිහාසයේ මෙතෙක් මතුවූ ලොකුම ගල මේක විය යුතුය.... විපක්සයේ උන්දලාටනම් මේක මහමෙර පහල උනා වගේ ඇතිය. ඒත් විපක්සයේ අයට ගල් ලොකු වුනාට ජනාධිපතිතුමා නං ඔය ගල්කේස් එච්චර ගණං ගන්නේ නැත. එතුමා ඕවට දෙන්නේ සුට්ටං විසඳුමකි... ඒ කොණ්ඩෙ බැඳපු චීන්නු හත් අට දෙනෙක් දම්මලා ගල කොටවලා දම්මන එකය. වැඩේ අහවරක් උනාම කෝටි 480 ක විතර සොච්චමක් මිටමොලෝලා ඕකුන් පන්නලා දාපුවාම වැඩේ ක්ලෝස්ය.
 

ඒ උනාට කළු ගල් කෑල්ලක් කඩාගන්ඩත් ඔය රබං මූණු චීන්නු ඕනෑ වෙන එකට නං හුරුල්ලා කැමතිම නැත. FB ගෲප් එකකට පයිං ගැහුවාම නියම සිංහල-බවුද්ද දේසප්‍රේමීන් දුසිං දෙකතුනක් විසිවෙන මේ රටේ ඕක කඩා ගන්නට දේසීය ක්‍රමයක් හිත හිතා හිටි හුරුල්ලාට ලයිට් එක පත්තු උනේ  ආණ්ඩුවේ දක්ස බුද්දිමත් ගරු ඇමතිතුමෙක් ගල ගැන විවාදෙට වරායට එන්ඩ විපක්සෙට අබියෝග කල බව නිවුස් වලට කියද්දීය. ගරු ඇමතිතුමාගේ දේසීය තාක්සනය කාට ග්‍රීක් උනත් හුරුල්ලාට නම් එලකිරි ටිකට පැහැදිලිය. මේ ඒ තාක්සනය එකසිය තුන් වරක් වැඩි වර්දනය කොට හුරුල්ලා විසින් ඉදිරිපත් කරන දේසීය ක්‍රමයයි.
 

මේ වැඩේට යන්නේ සුමාන දෙකකි. නැව් එන්නෙත් නැති එකේ වවුල්ලු ලගින වරායේ බිල්ඩිං ටික මේ වැඩේට හොඳටම සෑහේ. මුලිංම කල යුත්තේ අයි.ටී.එන්. එක ගලෝගෙන ගිහිං ඔය බිල්ඩිමකට දමා ඇන්ටෙනාව දොඹකරේක ගැටගහලා දෙන එකය. අල්ලපු බිල්ඩිං එකට ජාතික එකේ කට්ටිය දැමිය යුතුය. බේරේගෙදර උන්දලා සේරම ගිහිං දැම්මොතින් හෙම හම්බන්තොට ඈයිංට බොන්ඩ කසිප්පු ඩිංගක්වත් ඉතුරු නොවෙන හෙයිං නෙලුං කුමාරයා විතරක් ගිහිං දැම්මත් ඇතිය. ඊළඟට කැබිනට් තීරණ දැනුම් දීමේ සහ ආණ්ඩුවේ අනිකුත් මාද්‍ය සාකච්ඡාද එක සුමාන දෙකකට වරායේ තැබීමට නිර්දේස කෙරේ. මේ සුමාන දෙක ඇතුලත ඩිල්කාගේ ප්‍රදානත්වයෙං ජනපති ජන හමුවක්ද අනිවාර්යෙංම මෙතනදීම පැවැත්විය යුතුය. ඊට අමතරේට ආන්ඩුවේ එල්ලී යන මැක්කා වර්ගයේ පක්ස වල මාද්‍ය හමු දවසට එක බැගින්වත් මෙහි තැබීම අනිවාර්යය. 

මල්වංස මැතිතුමාගේ මීළඟ අති සාර්තක මාරාන්තික උපවාසයද මෙතනදීම පවත්වාගන්නට ලැබුනොත් හෙම ගොඩේ ගොඩය. මේ සුමාන දෙකේ කැබිනට් මණ්ඩලේ හත්අට දෙනෙක්වත් සමග පොලිස්පති තුමාද අනිවාර්යෙං වරාය බූමියේ රැඳී සිටිය යුතුමය. එතුමන්ලාගේද සහබාගිත්වයෙං 'හම්බන්තොට අපේ ගම' වැඩසටහන සහ 'වරායේ ආස්චර්යමත් කලුගල' නමැති දොරමඬලාව සංවාදාත්මක හරසරණිය ජැටිය අද්දරම පැවැත්වීමට හැකිනම් වඩාත් ප්‍රතිපලදායකය. හසන්තගේ සහායට ජැක්සන් මහතාද යොදවන්නේ නම් මැනවි.
 

ප්‍රතිපල සහතිකය. කෝටි 480 ම ඉතුරුය. දේසීය තාක්සනයක් නිසා ආඩම්බරේද අපිටමය. සති දෙකක් ඇවෑමෙන් ඔය මහා කලුගල හත්කඩකට පැලේ. 
අත්දුටුවයි ..! සත්තයි...!!

Monday, March 28, 2011

ටැබූ හෙළි කිරීම (3) – අටුවාවේ ටැබූ කංකාරිය.

දැන් ටැබූගේ ජංගිය ගලවා ඇත. ටැබූ හෙළුවෙන්ම ගොස් නොදන්නා තැනක සැඟවී ඇත. මෙය අළුත් ප්‍රශ්නයකි.

ටැබූ ලියපු කාලයේ මේ ප්‍රශ්නය තිබුණේ නැත. ඌ ලිව්වේය. ඒවාට අකමැති උන් විවිධ නම් වලින් කමෙන්ටුවක් දෙකක් දමා ඌට අනින්නට ට්‍රයි එකක් දුන්නෝය. කෙළිය වුනේ බ්ලොග් එක ටැබූගෙ ය. අනින්ඩ හදපු උංට රිදෙන්නම දුන්නේය. සමහර කමෙන්ට් නොදමා උන්න බවටද සමහරු හොටු පෙරති. ඒ උගේ හැටිය. අනින්ඩ හදපු උං කට පුක වහගෙන තද කරගෙන පැත්තකට වී ඉස්ලාමයේ හැඩිත් ගැන සාරගර්භ අටුවාවන් සම්පාදනය කරමින් සිංහල ජාතිය ටැබූගෙන් රැකගත්හ.

කාලය ටැබූවා හිතුවාට වඩා ඉක්මන් විය. එකෙක්වත් හරියකට නොදන්නා මොකද්දෝ කෙළියකින් ටැබූ බ්ලොගයත් සමඟ අතුරුදන් විය. තැන් තැන් වල කමෙන්ට් කරන ලද ටැබූ නමැති එකෙකුට අනුව බ්ලොගය යම් දේශප්‍රේමීන් පිරිසක් 'හැක්' කර ඇත. ටැබූගෙන් රිදෙන්නම කාපු උන් කියන පරිදි ටැබූ විසින්ම බ්ලොගය මකාගෙන ඇත. මට අනුව නම් ඕන පුකකි. එහෙත් මොනවාහරි කියවන්න තිබුනු ඉඩක් අහෝසි විය.

අලුත්ම තත්වය මෙසේය. එකෙක් වත් දැක නැති ටැබූ නමැති අංගුලිමාලයා මෙච්චරකල් බ්ලොග් එකක ජීවත් විය. අඩුගානේ දවස් දෙක තුනකට පාරක් වත් ඌ බ්ලොග් එක අප්ඩේට් කරපු නිසා ඌ කොහේටහරි වී ලියන බව බුදු ෂුවර් විය. උගේ දේශපාලන කුණුහරුප වලට උත්තර දීගන්න එක ඇර වෙන ප්‍රශ්නයක් තිබුනේ නැත. එක පාරටම ඌ අතුරුදන් විය. අංගුලිමාලයා හිරෙන් පැන්නා වැනිය. දැන් ඌ නැත. ලියන්නේද නැත. තැන් තැන්වල දාපු කමෙන්ට් කෑලිත් නැත. වාෂ්ප උනා වගේය. දැන් ඉතිං බය හිතේ. අංගුලිමාලයා එළියේය.

දැං ඉතිං ගොං රාල ගැංසියට රෑට මුත්තරා කරන්ඩවත් එළියට බහින්ඩ බයය. කොයි වෙලේ හරි තමුංගේ සිග්නි ඇඟිල්ල වගේ එක ඌ කපාගෙන දුවන්නට පුළුවන. කෙහෙල් අත්තක් හෙළවුනත් ටැබුවාදැයි හිත ගැස්සේ.

මේකට ප්‍රතිකර්මයක් ලෙස කට්ටිය එක්ව මේ දිනවල ටැබූ කංකාරියක් කරති. දැන් ටැබුවෙක් අලුතින් මවා ඇත. ඌ ලියපු, දැනට ජාලය තුලවත් නැති පට්ට පරණ කුණුහරුප වලට අගනා විචාරයන් ලියවේ. මේ වගේ විකට රසාංගද ඒවාට ඇතුළත්ය.
ටැබුවා කුජීතම වූ බවට කට්ටිය එකතුවී සාධනය කර හමාරය. මෙය නම්කර ඇත්තේ ටැබුවාගේ ජංගිය ගැලවීම ලෙසයි. මේ වන විටත් නැති ටැබුවාගේ නැති ජංගිය ගලවා ඇත. දැන් ඇත්තේ එම හඩු ජංගිය කට්ටිය තර‍ඟෙට ඇඳ ගැනීමයි. මේ දවස්වල පෙරමුණේ රාලගේ අටුවාවේ පැවැත්වෙන්නේ ඒ දුක හිතෙන තරඟයයි.
මාර ෆන් මෙයා...!


-බකමූණා

Tuesday, March 22, 2011

වීර හැක්පෙටිපොල බලුකායේ නීල නිවේදනය......!

හතර වරං දෙයියංගේ ඇල්ම බැල්මෙං අපිට දැං තවත් අලුත් බලකායක් ලැබී ඇත්තෙමු. අලි මදිවට හරක්ය. දැං ඉතිං සිංහල ජාතියට මැරිච්චි කූඹියෙකුටවත් බය වෙන්ඩ කාරිනාවක් නැතය. මේ බලුකායේ ඇත්තෝ රට ජාතිය දේසද්රෝහී අලුකුත්තේරුවංගෙං බේරා මහ රජතුමාට දැකුම් පිණිස පිළිගන්නනවා ඇත්තෝය.

මේ ලියන්නේ විසේස කාරිනාවකටය. මෙම දීර වීර බලුකායේ නිල විද්යුත් මාද්දිය වන බියෝන්ඩ් ප්රේම් (කලින් දේසද්රෝහී අවජාතකයෙක් විසිං මෙහෙයවන ලද්දකි) අඩවියේ ඔවුං විසිං නමෝ විත්තියෙං පල කොරන ලද නීල නිවේදනයට මොකෙද්දෝ අවජාතිකයෙක් කෙලතොලු කමෙන්ටුවක් දමා තිබේ. මේ අසමජ්ජාතියා සොයා නීල නිවේදනයට අනුව කටයුතු කිරීමට  මහජන සහාය ඉල්ලා සිටීමට අපිදු කැමැත්තෙමිය. 

මේ තියෙන්නේ නීල නිවේදනයය.

මෙතෙක් සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන ගෙන නැති දේශ ද්රෝහී බ්ලොග්කරුනවි.
සිංහල බ්ලොග් අවකාශයේ සිංහල බෞද්ධ සංස්කෘතියට, සභ්යත්වයට හා අපේ ආවේණික හර පද්ධතියට එරෙහිව එන්. ජී. . වල ඩොලර්, පවුම් හා කෝනාර් වලට යටවී බ්ලොග් පඩංගු ලියන විජාතික පන්තිය නියෝජනය කරන දේශද්රෝහී බ්ලොග්කරිවන්ට තවත් ඉඩ දිය යුතු නැතැයි අප තීරණය කර ඇත.
මින්පසු කිසිම දේශදෝහී බ්ලොග්කරුවකුට අප ඉඩ දෙන්නේත් නැත. විශේශයෙන්ම නිර්නාමිකව ලියන ද්රෝහීන්ගේ නම් ගම් විස්තර සහිතව එලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන අතර එයින් ඔවුන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට සිදුවන හානි ගැන වීර කැප්පෙටිපොල බලකාය වග කියනු නොලැබේ. කොන්දක් ඇත්නම් නිර්නාමිකත්වයට මුවා වී ගල් පෙරලනවා වෙනුවෙට කරන දේශද්රෝහී ක්රියාවක් එලිපිට කල යුතු බව අප කියමු. එවිට මේ රටේ තවමත් තම මුල් අමතක නොකල මිනිසුන් කල යුතු දේ කරනවා ඇත.
එසේම සිල්වත් බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අවමාන කරන එවුන්ද පරිස්සම් වෙනු.
බ්ලොග්වලින් ඊනියා විප්ලව කිරීමට තැත් නොකර කතන්දර හා කවි පල කිරීමට පමණක් බ්ලොග් අවකාශය මාධ්යයක් සේ භාවිතා කරනු. කොතැනදී කලත් දේශද්රෝහීත්වය දේශද්රෝහීත්වයමය.
මේ දේශද්රෝහී බ්ලොග්කරුවන්ට කරන අවසාන නිවේදනයයි. මින්පසු වෙනත් නිවේදන නැත. හැකර් නාඩගම් වලින් හෝ ඔවුන් තොලොංචි වී නොයන්නේ නම් කල යුතු දේ සිදුවනු ඇත. අපි කිය කියා කරන අය නොවේ.
මෙය දේශද්රෝහී බ්ලොග්කරුවන් ගැන කිබුල් කඳුළු හෙලන වෙනත් සියළුම බ්ලොග්කරුවන්ට/කාරියන්ටද අදාලය.
සිංහල බ්ලොග් අවකාශයේ වීර කැප්පෙටිපොල බලකාය

මේ අර අසමජ්ජාතියා දීල තියෙන කෙලතොලු උත්තරේය.

මේ කතාවට නං මූව තියන්ඩ වටින්නේ නැත. මූ ඇවිල්ලා දිගට කියන කොරන ඒවගෙයි, කෙටියෙං කොරන ඒවගෙයි වෙනස නොදන්නා කලවැදදෙකි. මූව දන්නා කෙනෙක් ඉන්නවානං වීර හැක්පෙටිපොල බලුකායේ උත්තරීතර නායක හැක්පෙටිපොල තුමාට දන්නන්ටය. නොදන්නා අයගේ දැනගැනීමට නායකතුමාගේ පොටෝ එක උඩිං දමා ඇත.