Saturday, August 18, 2012

මම කතා කරන්නේ ඔබට නොවෙයි, මම කතාකරන්නේ ඔවුන්ට - It's that I'm not after you. I'm after them.

පහුගිය දවසක ෆේස්බුක් එකේ අතත්‍යය (virtual) මිතුරෙක් එක්ක වාදයකට පැටලෙනවා. මාතෘකාව "මේ මජර සිස්ටම් එක වෙනස් කිරීමට හුදකලාව සිදුවන සිදුවීම් සහ පෙනී සිටීම් බොහෝ වෙබ් ක්‍රියාකාරීන් හාස්‍යට ලක් කරන්නේ ඇයි..?" [ඕක තමයි මන් හිතන් හිටපු මාතෘකාව, මගේ අතත්‍යය මිතුරා වෙන මොන මාතෘකාවක් හිතන් හිටියද කියන්න මම දන්නේ නෑ].

කෙසේ වෙතත් සංවාදය කෙරීගෙන යද්දි සංවාදය කෙරෙන විදිහට මට මතක් වුනා මම බලපු ෆිල්ම් එකක කෑල්ලක්.

ඒ ෆිල්ම් එකේ නම "Thank You For Smoking".

ෆිල්ම් එකේ කථානයකයා සිගරට් ඒජන්තයෙක්. ඉහළම පෙළේ සිගරට් ඒජන්තයෙක්.

File:Thank you for smoking Poster.jpg

දවසක් පුතාගේ පාසලට මොහුට යන්න වෙනවා පියාගේ රැකියාව ගැන කතාවක් පවත්වන්න. ඒක හැම ළමයගෙම තාත්තා කරන දෙයක්. සමහර තාත්තලා ගුරුවරු, සමහරු ගිනි නිවන භටයෝ තවත් අය බැංකුවල. ඒත් මේ කතානායකතුමා විතරක් වෙනස්. ඔහු සිගරට් ඒජන්තයෙක්. ඔහු තම පුතාගේ වයසේ දරුවෝ ඉස්සරහත් සිගරට් බොනවා කියන්නේ ඔබ ගන්න "රැඩිකල්" චොයිස් එකක්. හරියට අම්මලා චොක්ලට් කන්න එපයි කිවුවත් ඔබ චොක්ලට් කනවා වගේ, සිගරට් ගැනත් හිතන්න කියලා. ඕතොරිටීස් වලට චැලේන්ජ් කරන්න කියලා  සිගරට් මාකට් කරනවා [ඔහු හිතන්න ඇති අනාගත කස්ටර්මර්ස්ලා ටිකක් කියලා]. මේකෙන් ගුරුවරු සහ අනෙකුත් දෙමාපියන් සෑහෙන්න අපහසුතාවට පත් වෙනවා.

මේ සිද්ධිය ඉවරවුනාම පුතාට සැහෙන්න කුතුහලයක් ඇතුවෙනවා පියාගේ රැකියාව ගැන. ඔහු දිගින් දිගටම ප්‍රශන කරනවා පියාගෙන්. පුතා ආසයි පියාගේ අපූරු රැකියාව ගැන දැන ගන්න.

එක් අවස්තාවක පියා කියනවා මගේ රස්සාව අනිත් මිනිස්සුන්ට කන්වින්ස් කරන එක කියලා මම කියනදේ හරියි කියලා. එතකොට පුතා කියනවා එහෙනම් ඔයා මට කන්වින්ස් කරන්න කියලා.

එතකොට දෙන්න අතර ඇතිවෙන්නේ මේ වගේ ඩයලොග් එකක්.



Joey Naylor: ...so what happens when you're wrong?
Nick Naylor: Whoa, Joey I'm never wrong.
Joey Naylor: But you can't always be right...
Nick Naylor: Well, if it's your job to be right, then you're never wrong.
Joey Naylor: But what if you are wrong?
Nick Naylor: OK, let's say that you're defending chocolate, and I'm defending vanilla. Now if I were to say to you: 'Vanilla is the best flavour ice-cream', you'd say...
Joey Naylor: No, chocolate is.
Nick Naylor: Exactly, but you can't win that argument... so, I'll ask you: so you think chocolate is the end all and the all of ice-cream, do you?
Joey Naylor: It's the best ice-cream, I wouldn't order any other.
Nick Naylor: Oh! So it's all chocolate for you is it?
Joey Naylor: Yes, chocolate is all I need.
Nick Naylor: Well, I need more than chocolate, and for that matter I need more than vanilla. I believe that we need freedom. And choice when it comes to our ice-cream, and that Joey Naylor, that is the defintion of liberty.
Joey Naylor: But that's not what we're talking about
Nick Naylor: Ah! But that's what I'm talking about.
Joey Naylor: ...but you didn't prove that vanilla was the best...
Nick Naylor: I didn't have to. I proved that you're wrong, and if you're wrong I'm right.
Joey Naylor: But you still didn't convince me
Nick Naylor: It's that I'm not after you. I'm after them.
[points into the crowd]


මේ ඩයලොග් එකේ මම ආසම කෑල්ල තමයි අන්තිමටම තියෙන්නේ.

Nick Naylor: It's that I'm not after you. I'm after them. 
"මම කතා කරන්නේ ඔබට නොවෙයි, මම කතාකරන්නේ ඔවුන්ට"

මතකද මාත් මිත්‍රයත් එක්ක ඇතිවුනයි කිව්ව සංවාදය. ඒ සංවාදය අන්තිමේදි මට හිතුනෙත් මගේ මිතුරා මට එහෙම කියයි කියලා.

ප.ලි: ඒත් එක්කම මට මතක් වුනා ලංකාවේ ඉහළම පාසලක කතික සංගමයක සභාපති තනතුරක් දරපු දැනට පුදගලික සමාගමක ඉහල වැටුප් ලබන මාකර්ටින්ග් පෝස්ට් එකක් කරන මගේ යාළුවෙක් දවසක් මට කියපු දෙයක් [මිනිහම තමයි මට ෆිල්ම් එක ගැන ඔත්තුව දුන්නෙත්]

"මචන් උඹ දන්නවද ලංකාවේ TV ඩිබෙට්ස් වලට ආවම ඩිබේටින්ග් මූළධර්ම වල පිහිටලා තර්ක කරන අය කවුද කියලා..?"
කැපුවත් කොළ යූ.ඇන්.පී කාරයෙක් වෙච්ච මගේ මිත්‍රයා අහපු නිසා මම හිතුවේ යූ.ඇන්.පී කාගේ හරි නමක් කියයි කියලා.
"ම්හු දන්නෑ"
"එක්කෙනෙක් විමල් වීරවංශ අනිත් කෙනා චම්පික රණවක, දෙන්නම ප්‍රතිවාදියා එක්ක වාද කළාට කරුණු දක්වන්නේ ඕඩියන්ස් එකට [ජජ් බෝර්ඩ් එකට]"

Nick Naylor: It's that I'm not after you. I'm after them.

ප.ප.ලි: සම්පූර්ණ ෆිල්ම් එකම You Tube එකේ තියෙනවා. මෙන්න පළමුවෙනි කොටස.




විකිපිඩියා ලින්ක් එක : Thank You For Smoking - wiki
IMDB ලින්ක් එක: Thank You For Smoking - IMDB

2 comments:

  1. Mahinda R.කියන්නෙත් හැමදාම ඔය ටිකනේ.එකනේ ගිරව් දෙන්නත් ඒකම කියවන්නේ.

    ReplyDelete
  2. මහින්ද ලොක්කගෙ වාද කිරීමේ ක්‍රමවේදය නම් ඔයිටත් සරලයි; හැබැයි ඔයිටත් වඩා එෆෙක්ටිව්.

    ඒකෙ පියවර තුනයි. වැඩිය නෑ.

    0. ආරම්භයේදි ගොනා කොහේ බැඳල හිටියත් කමක් නෑ.
    1. මුලින්ම ගොනා ලිහන්න.
    2. දැන් හිමිහිට කාටවත් නොපෙනෙන විදියට ගොනාව තමන් දන්න තැනකට අරගෙන එන්න. ඇවිත් බඳින්න
    3. දැන් නෙළන්න ගොනාට ඇති තරම්!

    මෙන්න උදාහරණ:

    මෑන්ස් විපක්ෂ නායක කාලෙ යනවා TNL සාකච්ඡාවකට. මෙන්න එක ප්‍රශ්නයක්.

    "විපක්ෂ නායකතුමනි, දැන් ඔබ කිව්වා රටේ කෘෂිකර්මය පිරිහිලා කියලා. (ඒ කාලෙ ආණ්ඩුව යූ. එන්. පී.) නමුත් අපි මහ බැංකු වාර්තා දිහා බැලුවාම පෙනෙනෙවා පසුගිය වසර පහක කාලය තුළ අස්වැන්න වැඩිම වෙළා තියෙන්නෙ ගිය අවුරුද්දෙ. ගොවිතැන පිරිහිලා නම් එහෙම වෙන්නෙ කොහොමද?

    වෙන කෙනෙක් නම් එතනම බ්ලාස් නේද? ඔන්න මහින්ද ලොක්කගෙ ප්‍රතිචාරය.

    "දැන චමුදිත බලන්න, ඇයි ඊට කලින් අවුරුදු වල අස්වැන්න අඩු? එක පැත්තකින් නියඟය. ගොවියාට වතුර නැහැ. තව පැත්තකින් අස්වැන්න ගබඩා කරන්න තැන් නෑ. ගොවියාට සහතික මිළකට අස්වැන්න විකුණන්න විදියක් නැහැ. (තව ප්‍රශ්න ගොඩාක් කියයි.) ඔන්න ඕකයි චමුදිත අද මේ රටේ ගොවියගෙ තත්ත්වය. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මේ ආණ්ඩුව කරන්නෙ මොනවද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනව බස්නාහිර පළාතේ වී වගා කරන්න එපාලු. මේ ගොවියා ගැන අවබෝධයකින් කිව්ව කතාවක්ද? අනෙක් අතට චමුදිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් දන්නවා මේ කතන්දරේ මුල ඉඳලා. අපට තේරෙනවා ගොවියගෙ ප්‍රශ්න. ඉතින් අපට අවස්ථාවක් ලබල දෙන්න මේ ගැටළුව විසඳලා දෙන්න ගොවි මහත්වරුන්ට..."

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.