මේ..... කඳළු බින්දුව මගෙ නොවෙයි.....
ඇත්තටම 'ආසනික්' පටං ගත්තෙ අපිව අන්දන අයගේ ඇන්දිල්ල පෙන්නන අයගේ ඇන්දිල්ල පෙන්නන්ඩ. ඉතිං අපේ ලක්ස හයහමාරක විතර පාඨකයන්ට අපි මෙච්චරකල් පෙංනුවේ ඕක තමයි. ඉතිං ඔය එකම හෙලුව බලලා තමුන්නාංසෙලාට ඇති වෙලා ඉද්දි තමා අර සෙල්ෆ්බ්ලොකිං ගොංපාට් පචයක් අතේ පත්තුවෙලා ඇන්දිලිරාලලට අකුලං යන්ඩ සිද්ද උනේ.
අනේ ඉතිං දැං මොනා පෙන්නන්ඩද? අපිත් යංඩ තමයි හදන්නේ. ඊට කලිං අපි නික්මයාම ගැන හද පත්ලෙං අකම්පාල වෙන තමුන්නාන්සෙලාට පුලුපුලුවං විදිහට ඇවිත් මෙව්වා කොපි කරගෙන ලැමිනේට් කරල තියාගන්ඩ මාස තුනයි දවස් හතයි පැය දාහතරක කාලයක් දෙනවා. ඊට පස්සෙ වහලම දාංඩ තමයි හිතාගෙන ඉන්නෙ. බොහොම විනීත විදියට. හැක්ස් රංගන දාලා තවත් පච වෙන්න අපිටත් වුවමනාවක් නැහැ.
එහෙනං ඉතිං බුද්දිමත් ඔබේ සීතල කඳුළු බිදු උඩින් සංවේදී පා සටහන් තබා සුසුම් මාරුතයේ සැගව යන්නට දෙන්න අපට මදක් අවසර......
පොඩ්ඩක් හෝව්..........!
මේ සමුගන්නා මොහොතේ තවදුරටත් අපේ දයාබර බුද්දිමත් පාඨක ඔබ කොමෙන්ට් කොටවමින් වෙහෙසට පත් කරන්ඩ අපි අදහස් කරන්නේ නෑ. පහත රෙඩිමේඩ් කොමෙන්ට් වලිං එකක් කොපිපේස්ට් කරලා ඔබේ ලසෝ තැවුල් නිවාගන්ඩ....
1 yana eka nam etharam hoda deyak nemei.
2 අනේ යංඩ එපා
3 අපිට තමයි පාඩුව
4 දුර යන්ඩ යන්ඩ ඔබේ සුවඳ තවත් ලං උනා
5 Yanda epaaaaaaaaaa
6 ආසනික් කට්ටියට මගේ ආචාරය.
7 අලුත් ලිපි නොදැම්මත්, ප්‍රතිචාර දැක්වීම අක්‍රීය කරල බ්ලොග් එක දිගටම තිබුනොත් තමයි හොඳ…
8 හුරුල්ලා මාවරමණ්ඩියෙද?
9 මෙතෙක් කලක් රාලලාගේ නිරුවත් පෙන්නා අපව දැනුවත් කලාට ස්තූතිය.
10 ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු
11 අනේ ඕයි තමුසෙ ගියාම අපිට පාන්ද???
12 මේ තරම් කඳලු වැල්- කොහේ තිබුනදෝ.....
13 අල්ලාහ් හුඅක්බර්!!!!!!!!!!! හික් හික් හික්
14 ගියාට කමක්නෑ... තැන් තැන්වල නටලා අහුවෙන්ඩ එපා හරි?



