Saturday, June 18, 2011

නම් වෙනස් කිරීමයි.......

'මොහොමඩ්ගේ පලා මල්ලේ' නම 'ආසනික්' යනුවෙන් වෙනස් කිරීමට තීරණය කොට ඇත.
එයට හේතුව වන්නේ මෙරට නව විංසතියක ඇරඹුම සිදුවූ ආසනික් සිදුවීම සදානුස්මරණීය වනු පිණිසය.


වත්මන් සිංහල ජාතියේ පියා වන නලින් ද සිල්වා ඇඳුරුතුමා විසින් අරඹන ලද ජාතික චින්තන මතවාදය විසින් මේ රට මෙහෙයවූ යුගය, එතුමා එක රැයින් දේශද්‍රෝහියෙක් වීමත් සමඟ පසුගියදා නිමා වන ලදී.මේ වන විටත් අවතැන්ව සිටින එතුමාගේ ගෝලබාලයින් චැනල් ෆෝ හි එල්ලී දිවි යන්තමින් දිවි රැකගනිමින් සිටියත් ඒ කෙතරම් කාලයකටදැයි කිව නොහැක.


එබැවින් රාජිත සේනාරත්න විසින් සොයාදීමට නියමිත නව ජාතියේ පියෙකු සමඟ ශ්‍රී ලංකා මාතාව නව දීගෙක යාමට නියමිත මේ මොහොතේ, යුගයේ කාර්භාරය නිමකොට ජාතික මෙහෙවරෙන් සමුගන්නා නලින් ද සිල්වා පියාණන්ට උපහාර පිණිස මේ බ්ලොගය මින් මතු 'ආසනික්' යනුවෙන් හැඳින්වෙන බව සියළු ශ්‍රී ලාංකිකයන්ටත්, මෙම බ්ලොගය මෙතෙක් කල් පවත්වාගෙන ආ අගනා නම සපයා දුන් පෙරමුණේ රාල විද්වත් මණ්ඩලයටත් මෙයින් දන්වා සිටිමු.