Monday, May 16, 2011

නොවරදින අනාවැකි සඳහා...... චතුස්කෝටිකාචාර්ය නලින් ගුරුන්නාන්සේ.......

පින්වත් දරුවනි,
පෙම්වතා, පෙම්වතී හැරගියාද?  ස්වාමිපුරුෂයා බීමත්කමට ඇබ්බැහිවීද?,  විවාහ දිවියේ ගැටුම්ද?  කුඹුරේ කීඩෑවෝද?  මූණේ කුරුළෑද?  ගෙදර පිළිමවලින් රැස් විහිදුනාද?  නේටෝ එකෙන් ලිබියාවට ගහනවාද?  බැන්කි මූනා වලි දානවද? බ්ලේක් කාරයා ගැන සැකයිද?

තවදුරටත් හිතින් විඳවන්න එපා. පුරාණ සිංහල ඍෂිවරුන් විසින් විසින් සොයාගත් ඉපැරණි චතුස්කෝටිකයෙන් ටක්කෙටම හරියන අනාවැකි......

මුදල් එපා..... හරිගිය පසු ලොක්කට ඡන්දයක් දෙකක් දුන්නාම හොඳටම ඇති..... තව සුළු කාලයක් පමණයි.... වැරදුනහොත් අනාවැකිය වෙනුවට අලුත් අනාවැකියක් නොමිලේ......
අදම එන්න....

ශ්‍රී චින්තන පරසද ජ්‍යෝතිෂ කාර්යාලය.
කැළණිය කුප්පායම.
------------------------------------------------------------------------------

හාල්පන්විල ගුණසේන.

ඇත්තටම මට තිබුණේ මහා බයානක ලෙඩක්. හැමතිස්සෙම ඔලුව නස්කුරුඥ්ඥං වෙලා..... නාහෙන් හොටු දියර ගලනවා...... හීනෙං අහස් ගුණ්ඩු පේනවා.... නිතරම කිරිබත් මතේ වගේ..... මං දිහා බලන හැම එකාම මාව කන්ඩ එනවා වගෙත් පේන්ඩ ගත්තා.....

දන්න කියන ගොඩවෙද්දු නං කිව්වෙ යුද්දෙ නැවතුනාට පස්සේ, ඒ තිබුන ඇඩ්වෙන්චරස් ආතල් එක නැතිවීම නිසා ඇතිවුන සාංකාව වගේ එකක් කියලා.... හැම තැනින්ම වෙදකං කරලා බැරිම තැන තමා නලින් ගුරුන්නාන්සේ හම්බඋනේ....... උන්නාන්සේ දෙවියෙක් වගේ පිහිට වෙලා මට අලුත්ම අනාවැකියක් කිව්වා.... තව මාස අටකින් නේටෝ එකෙන් ලංකාවට ගහනවාය..... ඒ යුද්දෙන් ලංකාව දිනනවාය කියලා..... ඒ ගහන්නෙ අපි ගාව බුද්දාගම තියෙන හින්දයි කියලත් කිව්වා.......

දැං ඉතිං දෙයියංගේ පිහිටෙං මට තිබුන ලෙඩ රෝග සේරම ඉවරයි..... ගෙයි උළුවස්සේ මයේ ගෑනි රටහුණු කෑල්ලකිං ලියලා තිබ්බ 'බාලගිරි දෝසෙ අද නෙමේ හෙටයි' කියන පල් වාක්කිය උඩිං 'මේ ගවුතම බුද්ද රාජ්ජයයි' කියන ඉස්ටිකර් එකක් අලෝගත්තා. 

ඒ කාලෙ අපි ටීවී එකේ වර්ග කිලෝමීටර් ගණං කොලා වගේ, මං මේ දවස්සොල නේටෝ කාරයෝ ඔය ඉස්ටිකර් එක ගලවන්ඩ ඇවිත් නන්දිකඩාල් වෙන දවස කවුන්ට්ඩවුන් කරනවා..... එදාට ඉතිං අපිට දෙයියනේ කියලා රතිඤ්ඤයක් දාල... කසිප්පු උගුරක් බීලා කිරිබත් කටක් කාගන්ඩ නලින් ගුරුන්නාන්සේට සියලු ඉෂ්ට දේවතාවුන්ගේ රැකවරණ ලැබේවා......!!!


දිනයක් වෙන්කරගෙන පැමිණෙන්න. පෝය දින ඇතුළුව මසකට දින 23 ක් වසා ඇත. පූජා භාණ්ඩ රජය විසින් සපයනු ලැබේ.

9 comments:

  1. ඔය මනුස්සයට ඉන්ඩ දීපියව් යකුනේ

    ReplyDelete
    Replies
    1. muta manussayo kiyanavanam manussayanata kiyanne kumakda???? KAALAKANNI HATHTHA

      Delete
  2. කාටද මනුස්සය කිව්වෙ.... අපේ මහා දාර්ශනික මහාආචාර්ය තුමාටද?

    ReplyDelete
  3. මොකට ඉන්න දෙනවද..හොඳට ගහපියව්.
    ඒ පල ඇති රුකක්.වවුලන්ට වහන්නත් ගල් ගහන්නත් ඕනනං බල්ලන්ට බුරන්නත් ඒකේ වරදක් නැහැ

    ReplyDelete
  4. කාටද ඔය ඵල ඇති රුකක් කිව්වෙ? නලියාටද? අනේ ඕකගෙ ඵල නම් තියෙන්නෙ කකුල් දෙක අස්සෙ විතරයි. ඒවත් ඉදිලා, කුණුවෙලා වැටෙන ගානට ඇවිලා තියෙන්නෙ.

    ReplyDelete
  5. සියලු සිල්වලා නිදුක් වෙත්වා......

    ReplyDelete
  6. අම්මප ඔය පුරාන හිංගල ඉරිසිවරුංගෙ චතුස්කෝටිකේද මක්කද කියන එකේ ඔය සියලු මහ දෝස ඔලට පෙරෙතිකරුම කියල තියනවද?

    ReplyDelete
  7. ගැහුව කියල වැඩකුත් නෑ. ලැජ්ජාව කියන හැඟීම දැනෙන ස්නායු මැරිල ගොක් කල් මෙයාලගෙ.

    ReplyDelete
  8. kaalakanniyek loketa kisima sevayak nathuva marila yay.....okata hodata gahapiyav kollane....oya vage muusalayo innakam me rata goda yanne naa....anungen kaala anuntama gahana oya para ballata hodata gahapiyav......PATTAMA SITE EKAK THAMA

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.