Tuesday, March 22, 2011

වීර හැක්පෙටිපොල බලුකායේ නීල නිවේදනය......!

හතර වරං දෙයියංගේ ඇල්ම බැල්මෙං අපිට දැං තවත් අලුත් බලකායක් ලැබී ඇත්තෙමු. අලි මදිවට හරක්ය. දැං ඉතිං සිංහල ජාතියට මැරිච්චි කූඹියෙකුටවත් බය වෙන්ඩ කාරිනාවක් නැතය. මේ බලුකායේ ඇත්තෝ රට ජාතිය දේසද්රෝහී අලුකුත්තේරුවංගෙං බේරා මහ රජතුමාට දැකුම් පිණිස පිළිගන්නනවා ඇත්තෝය.

මේ ලියන්නේ විසේස කාරිනාවකටය. මෙම දීර වීර බලුකායේ නිල විද්යුත් මාද්දිය වන බියෝන්ඩ් ප්රේම් (කලින් දේසද්රෝහී අවජාතකයෙක් විසිං මෙහෙයවන ලද්දකි) අඩවියේ ඔවුං විසිං නමෝ විත්තියෙං පල කොරන ලද නීල නිවේදනයට මොකෙද්දෝ අවජාතිකයෙක් කෙලතොලු කමෙන්ටුවක් දමා තිබේ. මේ අසමජ්ජාතියා සොයා නීල නිවේදනයට අනුව කටයුතු කිරීමට  මහජන සහාය ඉල්ලා සිටීමට අපිදු කැමැත්තෙමිය. 

මේ තියෙන්නේ නීල නිවේදනයය.

මෙතෙක් සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන ගෙන නැති දේශ ද්රෝහී බ්ලොග්කරුනවි.
සිංහල බ්ලොග් අවකාශයේ සිංහල බෞද්ධ සංස්කෘතියට, සභ්යත්වයට හා අපේ ආවේණික හර පද්ධතියට එරෙහිව එන්. ජී. . වල ඩොලර්, පවුම් හා කෝනාර් වලට යටවී බ්ලොග් පඩංගු ලියන විජාතික පන්තිය නියෝජනය කරන දේශද්රෝහී බ්ලොග්කරිවන්ට තවත් ඉඩ දිය යුතු නැතැයි අප තීරණය කර ඇත.
මින්පසු කිසිම දේශදෝහී බ්ලොග්කරුවකුට අප ඉඩ දෙන්නේත් නැත. විශේශයෙන්ම නිර්නාමිකව ලියන ද්රෝහීන්ගේ නම් ගම් විස්තර සහිතව එලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන අතර එයින් ඔවුන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට සිදුවන හානි ගැන වීර කැප්පෙටිපොල බලකාය වග කියනු නොලැබේ. කොන්දක් ඇත්නම් නිර්නාමිකත්වයට මුවා වී ගල් පෙරලනවා වෙනුවෙට කරන දේශද්රෝහී ක්රියාවක් එලිපිට කල යුතු බව අප කියමු. එවිට මේ රටේ තවමත් තම මුල් අමතක නොකල මිනිසුන් කල යුතු දේ කරනවා ඇත.
එසේම සිල්වත් බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අවමාන කරන එවුන්ද පරිස්සම් වෙනු.
බ්ලොග්වලින් ඊනියා විප්ලව කිරීමට තැත් නොකර කතන්දර හා කවි පල කිරීමට පමණක් බ්ලොග් අවකාශය මාධ්යයක් සේ භාවිතා කරනු. කොතැනදී කලත් දේශද්රෝහීත්වය දේශද්රෝහීත්වයමය.
මේ දේශද්රෝහී බ්ලොග්කරුවන්ට කරන අවසාන නිවේදනයයි. මින්පසු වෙනත් නිවේදන නැත. හැකර් නාඩගම් වලින් හෝ ඔවුන් තොලොංචි වී නොයන්නේ නම් කල යුතු දේ සිදුවනු ඇත. අපි කිය කියා කරන අය නොවේ.
මෙය දේශද්රෝහී බ්ලොග්කරුවන් ගැන කිබුල් කඳුළු හෙලන වෙනත් සියළුම බ්ලොග්කරුවන්ට/කාරියන්ටද අදාලය.
සිංහල බ්ලොග් අවකාශයේ වීර කැප්පෙටිපොල බලකාය

මේ අර අසමජ්ජාතියා දීල තියෙන කෙලතොලු උත්තරේය.

මේ කතාවට නං මූව තියන්ඩ වටින්නේ නැත. මූ ඇවිල්ලා දිගට කියන කොරන ඒවගෙයි, කෙටියෙං කොරන ඒවගෙයි වෙනස නොදන්නා කලවැදදෙකි. මූව දන්නා කෙනෙක් ඉන්නවානං වීර හැක්පෙටිපොල බලුකායේ උත්තරීතර නායක හැක්පෙටිපොල තුමාට දන්නන්ටය. නොදන්නා අයගේ දැනගැනීමට නායකතුමාගේ පොටෝ එක උඩිං දමා ඇත.

5 comments:

  1. එසේම සිල්වත් බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අවමාන කරන එවුන්ද පරිස්සම් වෙනු. Aparekke Hamuduruwo gena wenta athi oya keewe.

    ReplyDelete
  2. ලසන්ත පතිරණMarch 23, 2011 at 10:56 AM

    හොඳ පිළිතුරක්.

    ReplyDelete
  3. භාෂාවේ වචන තිබ්බ පළියට නාස්ති කල යුතු නැත. අරපිරිමැස්මට හුරු වූ ජාතියක් එසේ කරන්නේ නැත. එබැවින් කෙටියෙන් තේරෙන වචන කිහිපයකින් කීම නියමය.

    ReplyDelete
  4. මේ වගේ මොලේ අප්සට් කට්ටියට කියන්න දෙයක් නෑහෑ.... හෑබයි බයත් එක්ක... ඉතාලියට හොය්ගෙන ආවොත්,,,,

    ReplyDelete
  5. සහො කඩේ යාම සහ රට ගෑන හිතීමයි කියන්නේ දෙකක්.. රට ගෑන හිතන අය හිතන්නේ ශ්‍රිලා0කික කියන තෑන ඉදලයි.... නෑතුව මම මුස්ලිම් මම සින්හල කියලා හිතන්නේ.. හරියට ජාතක වෙලා නෑති එවුන්....

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.