Monday, March 7, 2011

සිංහ පැටව් රඟ දෙනවා මෙන්න.........!!!!

කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කඳුවල හිම දිය කරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපං එන්න
බෙර සද්දෙට කං වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න

එංගලන්තෙ මාලිගාවෙ උළු හොල්ලන්න
හයේ ඒවා වදිනවා දැන් බඩු පෙරළෙන්න
කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න
එළිවෙනකම් බෝලවලට මැහුම් දාන්න
එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ස්මාර්ට් වෙලා වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත් උස්සලා උපහාරය මෙන්න
හව් ඉස් දැට් කියලා ඇයිද බෙරිහන් දෙන්නේ
දකුණු කනෙන් ඇවිත් ඕවා වමෙන් හැලෙන්නේ

ගල් ඉණි තුන තිබ්බා වගේ විකට් තියෙන්නේ
පොලු ගැලවුණු කාලය නෑ මතකෙට එන්නේ
රන් රේට් එක බැහැලා යද්දී ඇනේ ගහන්නේ
දිව්‍ය ලෝකේ ටී. වී. වටේ දෙවියො පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තව්තිසාවේ ජනෙල්වලට බෝලෙ වදින්නේ

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපං එන්න
බෙර සද්දෙට කං වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න

1 comment:

  1. මේ මොකාටද එන්නේ?

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.