Monday, March 14, 2011

අපරැක්කේ හම්බ කතා.......

අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව ට පැමිණි කමෙන්ටුවකට පිළිතුරකි.

මුසල්මානුවො?
උං බ්ලොග් හදාගෙන කතා ලිය ලියා ඉන්නවා කියලද උඔ හිතන්නෙ? උං කරන වැඩ ඊට වඩා සීරියස්. අර අටුවාවෙ පිස්සො ටික තමා ඔය වගේ මනස්ගාත උඔලට පොවන්නෙ. උඔලටත් ඕවා ඇත්ත.

පොඩ්ඩක් බලපං බුද්දාගම ඇත්තටම විනාස කොරන්නේ මොක්කුද කියලා. අලුතෙන් සාසනයට එන සාමනේර හාමුදුරුවරු මහ එකා දූෂණය කරනවා.  උඹ හිතන්නෙ ඊට පස්සෙ ඔය පොඩි එවුං  ධර්ම ඥානය ගවේෂණය කරයි කියලද? බාගෙට බාගයක් තනියම දනි පනි ගාගන්න පුළුවන් උනාම මහ එකාගෙන් ගැලවෙන්න සිවුර ඇරලා යනවා. රහ වැටෙන උං උගුරු ගැටේ කැඩුනාම අලුතෙන් එන පොඩි එවුං අල්ලා ගන්නවා. ඉතිං මේ මහණ වෙලා ඉන්නෙ තම්බිද? නෑනෙ බං.

උඔලා ඔක්කොම තම්බි දිහා බලං ඉද්දි අපේ දරු පැටියන්ට අරින්නෙ අපේම උං. වැඩේ වැරදි බව පිළිගන්නවනේ? මෙතන තියෙන ලොකුම තක්කඩිකම ඕක නෙමෙයිනේ බං. බාලක ලෝලය එක්තරා මනෝ ලිංගික තත්වයක්. ඕක හැදෙන්නෙ මිනිස්සුන්ටනේ. අපේ අපරැක්කෙත් මනුස්සයෙක් බව කියන්න ඕනෙ නෑනෙ? ඉතිං පොර තමං කවුද කියන එකවත් අමතක කරලා කලන්තෙ ඉහට ගහලා ඕක කලා කියපංකෝ. ඉතිං බුද්දාගම බේරගන්ඩ පොළොවෙ පස්කන බුද්දාගං කාරයෝ මොකද මීක් නැත්තෙ? සමහරු හිතනවා ඇති ඕවා එළි උනාම සාසනේට හානි වෙනවා කියලා. බම්බුව තමා. දැන් එළිවෙලා ඉවරනේ. දැං ඉතිං සාසනේ රැකගන්ඩ කියලා අඩු වයසෙං මහන කොරලා  ඉන්න ඉතිරි නොදරුවෝ ටිකවත් රැකගන්ඩ මුං මොනවද කරලා තියෙන්නෙ? අඩු ගානේ වචනයකින්වත්?

මුංට ඕනෙ සිංහලයක් වත්, බුද්දාගමක් වත් නෑ බං. එහෙම ඕනෙ කමක් තියෙනවනං කරන්ඩ ඔයිට වඩා වැඩ තියෙනවා. මෙහේ අපරැක්කේලා උඔලටත් අරිනකං උඔලට තම්බි මැජික් පෙන්න පෙන්න උං උංගේ වැඩටික කරගන්නවා.

මං කියන්නෙ බොරුවක්ද කියලා උඹම බලාගනිං. සිංහලේ රැකගන්ඩ පස්කන අටුවාවෙ පිස්සන්ට කියපං පුළුවන්නං මේ හොර ගණයො ගැන එළීකරන්ඩ කියලා. උං කරන්නෙ නැ. දවස ගානේ ලංකාවේ පන්සල් දාස් ගානක ඔය වගේ පොඩිඑවුං දාස් ගානක් සාපරාධී ලිංගික අපහරණයට ලක් වෙනවා.  මුස්ලිම් ‍දැරිවියංගේ චර්ම ඡේදනය ගැන හොටු පෙරන පෙරමුණේ රාලයේ පිස්සො ටිකට ඕවා පේන්නෙ නැත්තෙ ඇයි? උංට ඕවා වැඩක් නෑ බං. උන්ට ඕනෙ මහින්දට තව අවුරුදු දහ පාලොවකට රන් කරන්ඩ තවත් හතුරෙක් මවලා දෙන එක.

මම තම්බියෙක් නෙමේ. අපරැක්කේ අපදානය ලියපු අංකුට්ටත් තම්බියෙක් නෙමේ. අපරැක්කෙත් තම්බියෙක් නෙමේ. නමුත් උඹට අපරැක්කේ ගැන විවේචනාත්මකව කතා කරපු අපි තම්බි වෙලා අපරැක්කේ තම්බියෙක් නොවෙන්නෙ ඇයි කියන එක උඔම හිතන්න ඕනෙ දෙයක්.

මේවා ලියන්නෙ තම්බි කියලා හිතන උඹ අපරැක්කේ දූෂකයෙක් කියලා පිළිගන්නවද? සාසනේ විනාස කරන ඒ වගේ දූෂකයො ජාතියේ මුර දේවතාවො කියලා උඩ දාන්නෙ තම්බිද? නැත්තං අටුවාවෙ පිස්සො ටිකද?

(කමෙන්ට් වලට පෝස්ට් වලින් උන්නර දෙන්ඩ අපේ අදහසක් නෑ. ඒත්  ඔය ජාතික ලයින් එකේ පිස්සු බල්ලො දාන කමෙන්ට් වලට වඩා උඹේ කමෙන්ට් එකේ පොඩි අව්‍යාජ ගතියක් තිබුන නිසා මේක ලිව්වෙ. උඹටත් මොකුත් කියන්ඩ තියෙනවනං අපේ මේල් එකට එවපං. අපි දාන්නං)

2 comments:

  1. බෞද්ධාගමට කවදාවත් වෙන ආගමික කල්ලියකින් කිසිම හෙණයක් වුණේ නෑ. උන්ම තමයි ඒක විනාශ කර ගන්නෙ. සිවුරු ‍දාගෙන ඉන්න වැඩි දෙනෙක් දේශපාලන හෙංචයියල.

    ReplyDelete
  2. ARE U A MUSLIM???

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.