Thursday, March 10, 2011

හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!

"කොහොමටත් ජාතිවාදියා යනු අතිශය බයෙන් හා අතිශය සැකයෙන් ජීවත් වන අයෙකි. ඔවුන්ට හොඳ මනුස්ස සබඳතා ඇති කර ගැනීමට උදව් කිරීම මිස ගරහා ඉවතලීම නොකල යුතුය. ඔවුන්ට සැමදා අනෙකාගේ (අසල්වැසියාගේ) ජීවිතය ප්‍රහේළිකාවකි. බය උපදවන්නකි."
 -අවිස්සාවෙල්ලේ සුජිත් (ගංජා සුජිත්)

ලාංකීය බ්ලොග් අවකාශයේ ජාතකය පදනම් කරගත් මොණර නැටුම පැහැදිලි කර ගැනීමට අවිස්සාවේල්ලේ පදිංචි ගංජාකාරයෙකු වන සුජිත් රැගෙන ඒමට සිදුවීම කණගාටුදායකය. එහෙත් මෙය නිට්ටාවටම පැහැදිලි කර ගැනීමට මෙතරම් සුදුසු වෙනත් බණපදයක් මා සිහියට නොනැ‍ඟේ.

සිංහල ජාතිය වෙනුවෙන් බ්ලොග් අවකාශයේ මරාගෙන මැරෙන අව්‍යාජ සිංහල පිංවතුන් රැල නිතර බෙරිහන්දෙන්නේ ඔවුන් නියම සිංහලයන් බවත්, ඔවුන් හා එකඟ නොවන්නන් සියල්ල අවජාතක හැතිකරයක් බවත්ය. මා යෝජනා කරන්නේ මෙතරම් වැරෙන් කියන නිසාවත්, මෙය පිළිගන්නා ලෙසයි. මා අවජාතකයෙක් වන්නේ නම්, ඒ මා ජාතක කල දෙමාපියන්ගේ විශේෂිත තත්වයක් මිස මගේ ගැටළුවක් නොවේ.

ටැබූ තම බ්ලොගය තුල කල එක් දෙයක් නම්  ඔහුව නාමකරණය කරන්නන් ප්‍රතිනාමකරණය කිරීමයි. පද්දා ඔහුට අවජාතකයා යයි කියූ විට ටැබූ කලේ පද්දාට ජාතිවාදියා කීමයි. මෙම භාෂා ක්‍රීඩාව අප හිතන තරම් අහිංසක නැත. එයින් සිදුවූයේ ටැබූට පැවැත්ම උදෙසා 'ගේමක්' මෙන්ම පද්දාට පැවැත්ම සඳහා අනන්‍යතාවයක් ද ලැබීමයි. මෙය එම අර්ථයෙන් පිට කසා ගැනීමකි. මා යෝජනා කරන්නේ ඔබව නාමකරණය කරන වර්ගවාදියාට එකඟ වන ලෙසයි.

මෙය ඉතා ලෙහෙසි කටයුත්තකි. රාලගේ ගැන්සිය විසින් නම් කරන ලද ටැබූ, අජිත් පැරකුම්, පිස්සා, ඇට(නැති) මැස්සා, බයෙන්ද පේමෙයා වැනි අවජාතක හැතිකරය, අවජාතකයන් ලෙස මෙම ක්‍රීඩාවෙන් ඉවත් කල විට පිරිසිදු සිංහල බෞද්ධ දේශප්‍රේමීන් රොත්ත වේදිකාව මත ඔබට නැරඹිය හැකිය. දැන් ඉතින් ඔවුන් දෙස නිදහසේ බලන්න.

තමා අකමැත්තෙකු ආමන්ත්‍රණය සඳහා යොදන තෝ, පොන්නයා, අවජාතකයා, කාලකණ්නියා මෙන්ම බල්ලා, හරකා වැනි සත්ව නාම........
සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම යැයි සිතෙන තරමට ගුදය ආශ්‍රිත යෙදුම්,
අන්‍ය ජාතින් හැඳින්වීමට යොදන හම්බයා, පරයා, පර දෙමලා, වේසිගෙ පුත්තු, කොනකපාල ...............

මෙවන් 'පිරිසිදු සිංහල බෞද්ධ උරුමයක්' ඔබට අවශ්‍යද?
මේ දෝරේගලායන හීනමානයට ඉඩ දෙන්න. මේ වෛරය මුදා හරින්න දෙන්න.
මොවුන් පෙළනා දැඩි මානසික ආතතිය මුදා හැරීමට ඔබේ කොමෙන්ටු කොටුවේ පුංචි ඉඩක් දෙන්න පුළුවන්නම් ඒකත් අගෙයි. ඔවුන්ගේ අටුවාවේ ඕන දෙයක් ලියාගෙන හැකි විලසට නිදහස් වෙන්න ඉඩ දෙන්න.

ගංජා සුජිත් අපට කියන බණේ සායනික අර්ථය ඔබට වැටහේද? මේ රෝගීන් යථෘ කාලයේදී විශාදිමය තත්වයකට ගොදුරු වීම වලකාලිය හැක්කේ ඔබට පමණි. ඔවුන්ට ඉවසනසුළු හොඳ මනුස්ස සම්බන්ධතාවක් ලබාදීමට ඔබට හැකිද?

ගංජා සුජී මෙසේ කියයි.
හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!

- බකමූණා

(කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න)

පාඨක ලිපියකි - සංස්කාරක

12 comments:

  1. ඈ යකෝ.. සතියක් වයස බ්ලොග් එකක් කරන උඹට මහා බ්ලොග්කාරයන්ටවත් නොලැබෙන පාඨක ලිපි ලැබෙන්නෙ කොහොමද?
    හික් හික්...
    හරි හරි අදහස හුරුල්ලගෙ වුණත් ලියල තියෙන දේ එක්ක සම්පූර්ණයෙන් එකඟයි.

    ReplyDelete
  2. අම්මපල්ල සෑර්.... මේක බකමූණගෙමයි. ආයෙ මංම මේක ලියලා මගේ නමින් දැම්මා කියලා මාව කන්ඩයැ?

    ReplyDelete
  3. මෙලෝ මගුලක් තේරුනේ නෑ...

    ReplyDelete
  4. @හැක්‍රිෂ්: බොට මොනාද පොන්නයො තේරෙන්නේ. ලංසි පොන්නයා!

    ReplyDelete
  5. අඩා පුණ්ඩයයාඩි මට වුන දේ තොටත් කරගන්නද ඩා හදන්නෙ එතකොට උඹටත් අම්මා ඕක තමයි කරන්න වෙන්නෙ

    ReplyDelete
  6. එහෙම උනොත් සෑර් මං ඌට ප්‍රේම කොරලා 'සාලයා' හරි 'අලගුඩුවා' හරි තියලා තව එකක් හදනවා. සෑර්ට අදහසක් නැතෙයි?

    ReplyDelete
  7. sinhala bauddha le pipasithayo thama me rata winasha karanne . mun uthum buddhagamatath nigawak. anik minihekwa mathawadee washayen prajaya karanna bari niwatayo...

    ReplyDelete
  8. එක කම්මුලකට පහරක් දුන්විට අනෙක් කම්මුලත් පෙන්නන්න. එක බ්ලොගයක් හැක් කලවිට තවත් බ්ලොගයක් හදා හැක්කරන්න දෙන්න.
    - රතුඑලියේ අතන

    ReplyDelete
  9. maru wade.. digatama liyanna

    ReplyDelete
  10. කුඩු ලාල් හුරුල්ලා විලසින් . .

    ReplyDelete
  11. woow nice work machan,,,,,
    degatama leyapan

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.