Saturday, July 23, 2011

ගංගොඩවිල සෝම දෙවියන් නෙරපයි......... දේව සභාවේ උණුසුම් වාතාවරණයක්......

ඊයේ රැස්වූ ලංකා දේව සභාවේ උනුසුම්කාරී වාතාවරණයක් උද්ගත වූ බව හුරුල්ලාට වාර්තා වේ. ඊයේ පැවැත්වූ මෙම දේවසභා විශේෂ සැසිවාරයට මැතිවරණ රාජකාරි හේතුවෙන් දෙවියන් සැලකියයුතු දෙවියන් පිරිසක් සහභාගි නොවීමද කැපී පෙනෙන සිදුවීමකි.

මෙහිදී පළමුවෙන්ම සාකච්ඡාවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට මේ දිනවල තදින් බලපා ඇති ආසනික් පිළිබඳ ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් නාථ දෙවියන්ට විශාල වශයෙන් චෝදනා එල්ලවීම පිළිබඳව කාගේත් වැඩි අවධානයක් එල්ල විය. මෙහිදී නාථ දෙවියන් ප්‍රකාශ කොට ඇත්තේ කල් ඉකුත්වූ රසායනාගාර උපකරණ වලින් පර්යේෂණ කිරීමට සිදුවීම පිළිබඳ වගකීම තමාට භාරගත නොහැකි බවයි. මෙහිදී දැඩිමුණ්ඩ දෙවියන් කෝපයෙන් ප්‍රකාශ කොට ඇත්තේ බැරි මගුල් නොකර නිකං උන්නනං ඉවරනේ යනුවෙනි. මෙහිදී ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්වය කථානායක අයියනායක දෙවියන්ගේ මැදිහත්වීමෙන් වැලකී ඇත.

කෙසේවෙතත් ආසනික් ජරමරයෙන් දේව සභාවේ ජාම් බේරාගැනීම සඳහා විශේෂ දේව කමිටුවක් පත්කිරීමට ගලේ බණ්ඩාර දෙවියන් විසින් ගෙන ආ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය. මෙහිදී කතා කල දෙවොල් දෙවියන් ප්‍රකාශ කොට ඇත්තේ එම කමිටුවට තමාව නම් නොකරන ලෙසයි. මන්ද යත් අති බිහිසුනු 13 කල්ලියක් පවුල් පිටින් කම්බස්කිරීමේ විශේෂ කොන්ත්‍රාත්වක් ජාතික හෙල උරුමය නමැති පින්වත් සංවිධානයක් තමාට භාරදී ඇති හෙයින් ඔය සුකුරුත්තං වැඩ වලට තමාට වෙලාවක් නැති බවයි.

මෙහිදී කතාකල නාථ දෙවියන් ඔය 13 දෙනාගෙන් එක්කෙනෙකු තමන් නැති වෙලාවක තමාගේ කැළණිය බ්‍රාන්ච් එකට වාර්තා කර ඇති බවක් ආරංචි හෙයින් ඒ පිළිබඳව සලකා බලන ලෙසයි. මෙහිදී දෙවොල් දෙවියන් කෝපයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඒවා තමාට බලාගත හැකි බවත්, කොහොමටත් විමලෙගේ සී නිව්ස් එකේ බට්ටි කැළණිය බ්‍රාන්ච් එක පැත්තේ කැරකෙනවා වැඩි බවත්ය. අනතුරුව නාථ දෙවියන් සාළුවේ කොනක් හපමින් මොනවාදෝ කියා ඇති මුත් එය කාටවත් ඇසී නැත.

ඉන් අනතුරුව කථානායක දෙවියන් විසින් සභාව හමුවේ විශේෂ කරුණක් ඉදිරිපත් කරන ලදී. එනම් ගංගොඩවිල සෝම නම් දිව්‍ය පුත්‍රයෙකු දේව සභාවේ සාමාජිකත්වය ඉල්ලා ඇති බවත්, එම ඉල්ලීම සභාවේ  බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බවත්ය. මෙහිදී සභාවේ යම් ඝෝෂාකාරී තත්වයක් උද්ගතවූ අතර දෙවොල් දෙවියන් විසින් එම දේව පුත්‍රයා පිළිබඳ දීර්ඝ කරුණූ දැක්වීමක්ද එහිදී සිදු කොට ඇත.

උන්වහන්සේගේ ප්‍රකාශය දළ වශයෙන් මෙසේය.
"ඔය සෝම කියන හාදයා ගැන අපි හොඳට දන්නවනේ..... එයා නරයෙක් කාලෙ සිවුරු දරාගෙන හිටියා. එහෙම ඉඳං මොකද කලේ? පුළුවන් තරං දෙවියන්ට බැන්නා. අපිව අදහන  අය මිත්‍යා දෘෂ්ඨිකයෝ කිව්වා. ඒ අය සැබෑ බුදුදහමට පිටුපානවා කිව්වා. ඒ කාලේ අපිට පළතුරු වට්ටි තියා ආසාවට පේර ගැටයක්වත් නෑ...... ඔය දැන් අපිව අදහන නලින්ලා..... රතන සාදුලා සේරම එයාගෙ මිත්‍යාදෘෂ්ඨියට හරෝගෙන තිබුණේ....... එයා තව ටික කාලයක් උන්නනං අපිටත් ඉන්දියාවේ දේව රැකවරණ ඉල්ලන්ඩ වෙන්නේ.....

යන්තං රුසියාවට පින්සිද්ද වෙන්ඩ තමා ඔය කරදරේ ක්ලෝස් උනේ. නැත්තං රතනලා පාර්ලිමේන්තු යනවත් බොරු........ ඊට පස්සෙ තමා රතනලා නලින්ලා ආපහු සම්මා දෘෂ්ඨිය වැළඳගෙන අපිට පොලයක් දෙකක් ගහගෙන කොන්තරත්තුවක් දෙකක් දෙන්ඩ පටං ගත්තේ.... මං යෝජනා කරනවා ඔය හාදයව පැත්තකට දාල අර රතන සාදුයි නලින් ගොයියයි අපේ දේව සබාවට බන්දගමු කියලා.........."

එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සභා සම්මත විය.

Monday, July 18, 2011

හදිස්සියක්..... ගම්මිරිස් ඇට 13 ක් ගෙනිහින් රතන සාදුට දෙන්ඩ......


ඔබත් රට ජාතිය ගැන අම්බානක උන විකාරයෙන් පෙලෙන්නේද? මෙන්න එහෙනම් අවස්තාව. කුරිරු ආසනික් මාරයා මෙරටට කැන්දං එන රුදුරු ත්‍රස්තවාදී ම්ලේච්ඡ අති බිහිසුණු 13 කල්ලිය වැනසීමට දැං ඔබටත් එක්විය හැකියි. අවි ආයුද එපා. කුලු පොලුත් එපා. ගල් මුලුත් එපා. චූටිම චූටි ගම්මිරිස් ඇට 13 ක් හොඳටම ඇති. පුලුවන්නං පොල් ගෙඩියක් නැතත් බෑවක්වත් අරං එන්ඩ. 
කෙලිංම සීනිගමට එන්ඩ. රතන සාදු එතන ඇත.

ඇවිල්ලා කරන්ඩ තියෙන්නේ සුලුම සුලු දෙයයි. ඇට දහතුන කෙලිංම රතන සාදුට දෙන්ඩ. අර බෑව රතන සාදුට පේන නොපෙනෙන තැනකිං තියන්ඩ. 
ඊට පස්සෙ වැඳගන්ඩ.
දැං එක හිතිං මෙහෙම හිතාගන්ඩ.
 
කේසා... ලෝමා.... නඛා... දන්තා....
කුඩු වගේද ආසනික් - දිමු වගේද චම්පික
ඉඩම් වගේද ඩොලර් - හෙජිං වගේද කොමිස්
ගල වගේද වරාය - මිහින් වගේද ලංකා
-
-
මේ සජ්ජායනාවෙං පස්සෙ තමංගෙ දෙකංසෙ රත්වෙලා වගේ දැනෙන්ඩ පුලුවං..... ඒක තමා ආනුබාවෙ.... දැං තියෙන්නෙ රතන සාදුගෙ ඇඹරිල්ල. රතන සාදු ඔයාගෙ ඇට 13 අඹරනකොට අර කුරිරු 13 කල්ලිය ගැන සිහිපත් කොරගන්ට.

ජනිතා ගැන වැඩියෙං හිතංඩ...... හඩ්ඩා ගැන අඩුවෙං හිතන්ඩ.....
අනුර ගැන වැඩියෙං හිතන්ඩ...... වික්ටර් ගැන අඩුවෙං හිතන්ට......

ඔහොම අනුලෝමව ප්‍රතිලෝමව 108 වාරයක් හිතන අතරේ උංගේ පවුල් පිටිං හැඳිගෑවිලා යන්ඩ සත්‍යක්ක්‍රියා කොට රතන සාදු ඔබ වෙනුවෙං අඹරනු ඇත.
අති බිහිසුණු 13 කල්ලිය පවුල් පිටිං වැනසේවා. තෙරුවං සරණයි!

Saturday, July 16, 2011

ලෝක අනාථ "නාථ"...

නිමිත්තඃ පොහොර සහනාධාරය කැපීමට නාථ දෙවි පිහිට පතයි.
(“2011 ජුනි 30, රාවය” පුවතක් ඇසුරින්)


නාථ.....,
අප අනාථ කරන
උඹත් දෙයියෙක් ද?

ලෙඩ ගෑණු
සෙප්පඩ මහැ’දුරන්
බැල දොස්තරලා
උඹට මුවා වෙන කොට
ගඳ ගැහුවෙ නැද්ද?

කලාපෙං ඉල්ලං කාලා
ගා ගෙන හත් පොලේ
පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
උඹවත් ඉස්සරහාට දාලා

නාථ..
හිටපු දේවාලෙක ට ම
දැන්ම ම ගියොත් හොඳයි..

මඩ හෝද ගෙන
අපිත්
දිග හැරිය යුතුය අතපය

ඕනෑම නාථයකු – ඕනෑම ගෝතයකු
අනාථ කළ හැකි
මහ බලය
ගොවි බිම් මතට රැගෙන යා යුතුය

යන ගමන් කියන්න
ඉතුරු තිස්තුං කෝටියටත්..

ගොඩ ගැසුණු මහ බැතේ
උරා ගත්ත
පෙරේත කුම්භාණ්ඩයන් ට
හෙනයක්වත් නැති
ඔය දෙයියන්
පඩයක් තරම් නොවටිනා වග



-------------------------------------------
පසුව ලියමිඃ

රසික සද් ජනයිනී
නොසොයන්න මේ කව් මත
ඉසියුම් හද රාව
ඉගැඹුරු දිවි අරුත්
මරා නොදමන්න කතෘ
රැකගන්න කතෘගේ අභිප්‍රාය

හැකි හැකි අයුරු
වපුරන්න…
හමුවන හමුවන
සුදුසු බිම් මත..

- By Niyama Kavi
(ලංකා සී නිව්ස් හි පළව තිබූ කමෙන්ටුවකි)