Monday, March 28, 2011

ටැබූ හෙළි කිරීම (3) – අටුවාවේ ටැබූ කංකාරිය.

දැන් ටැබූගේ ජංගිය ගලවා ඇත. ටැබූ හෙළුවෙන්ම ගොස් නොදන්නා තැනක සැඟවී ඇත. මෙය අළුත් ප්‍රශ්නයකි.

ටැබූ ලියපු කාලයේ මේ ප්‍රශ්නය තිබුණේ නැත. ඌ ලිව්වේය. ඒවාට අකමැති උන් විවිධ නම් වලින් කමෙන්ටුවක් දෙකක් දමා ඌට අනින්නට ට්‍රයි එකක් දුන්නෝය. කෙළිය වුනේ බ්ලොග් එක ටැබූගෙ ය. අනින්ඩ හදපු උංට රිදෙන්නම දුන්නේය. සමහර කමෙන්ට් නොදමා උන්න බවටද සමහරු හොටු පෙරති. ඒ උගේ හැටිය. අනින්ඩ හදපු උං කට පුක වහගෙන තද කරගෙන පැත්තකට වී ඉස්ලාමයේ හැඩිත් ගැන සාරගර්භ අටුවාවන් සම්පාදනය කරමින් සිංහල ජාතිය ටැබූගෙන් රැකගත්හ.

කාලය ටැබූවා හිතුවාට වඩා ඉක්මන් විය. එකෙක්වත් හරියකට නොදන්නා මොකද්දෝ කෙළියකින් ටැබූ බ්ලොගයත් සමඟ අතුරුදන් විය. තැන් තැන් වල කමෙන්ට් කරන ලද ටැබූ නමැති එකෙකුට අනුව බ්ලොගය යම් දේශප්‍රේමීන් පිරිසක් 'හැක්' කර ඇත. ටැබූගෙන් රිදෙන්නම කාපු උන් කියන පරිදි ටැබූ විසින්ම බ්ලොගය මකාගෙන ඇත. මට අනුව නම් ඕන පුකකි. එහෙත් මොනවාහරි කියවන්න තිබුනු ඉඩක් අහෝසි විය.

අලුත්ම තත්වය මෙසේය. එකෙක් වත් දැක නැති ටැබූ නමැති අංගුලිමාලයා මෙච්චරකල් බ්ලොග් එකක ජීවත් විය. අඩුගානේ දවස් දෙක තුනකට පාරක් වත් ඌ බ්ලොග් එක අප්ඩේට් කරපු නිසා ඌ කොහේටහරි වී ලියන බව බුදු ෂුවර් විය. උගේ දේශපාලන කුණුහරුප වලට උත්තර දීගන්න එක ඇර වෙන ප්‍රශ්නයක් තිබුනේ නැත. එක පාරටම ඌ අතුරුදන් විය. අංගුලිමාලයා හිරෙන් පැන්නා වැනිය. දැන් ඌ නැත. ලියන්නේද නැත. තැන් තැන්වල දාපු කමෙන්ට් කෑලිත් නැත. වාෂ්ප උනා වගේය. දැන් ඉතිං බය හිතේ. අංගුලිමාලයා එළියේය.

දැං ඉතිං ගොං රාල ගැංසියට රෑට මුත්තරා කරන්ඩවත් එළියට බහින්ඩ බයය. කොයි වෙලේ හරි තමුංගේ සිග්නි ඇඟිල්ල වගේ එක ඌ කපාගෙන දුවන්නට පුළුවන. කෙහෙල් අත්තක් හෙළවුනත් ටැබුවාදැයි හිත ගැස්සේ.

මේකට ප්‍රතිකර්මයක් ලෙස කට්ටිය එක්ව මේ දිනවල ටැබූ කංකාරියක් කරති. දැන් ටැබුවෙක් අලුතින් මවා ඇත. ඌ ලියපු, දැනට ජාලය තුලවත් නැති පට්ට පරණ කුණුහරුප වලට අගනා විචාරයන් ලියවේ. මේ වගේ විකට රසාංගද ඒවාට ඇතුළත්ය.
ටැබුවා කුජීතම වූ බවට කට්ටිය එකතුවී සාධනය කර හමාරය. මෙය නම්කර ඇත්තේ ටැබුවාගේ ජංගිය ගැලවීම ලෙසයි. මේ වන විටත් නැති ටැබුවාගේ නැති ජංගිය ගලවා ඇත. දැන් ඇත්තේ එම හඩු ජංගිය කට්ටිය තර‍ඟෙට ඇඳ ගැනීමයි. මේ දවස්වල පෙරමුණේ රාලගේ අටුවාවේ පැවැත්වෙන්නේ ඒ දුක හිතෙන තරඟයයි.
මාර ෆන් මෙයා...!


-බකමූණා

Tuesday, March 22, 2011

වීර හැක්පෙටිපොල බලුකායේ නීල නිවේදනය......!

හතර වරං දෙයියංගේ ඇල්ම බැල්මෙං අපිට දැං තවත් අලුත් බලකායක් ලැබී ඇත්තෙමු. අලි මදිවට හරක්ය. දැං ඉතිං සිංහල ජාතියට මැරිච්චි කූඹියෙකුටවත් බය වෙන්ඩ කාරිනාවක් නැතය. මේ බලුකායේ ඇත්තෝ රට ජාතිය දේසද්රෝහී අලුකුත්තේරුවංගෙං බේරා මහ රජතුමාට දැකුම් පිණිස පිළිගන්නනවා ඇත්තෝය.

මේ ලියන්නේ විසේස කාරිනාවකටය. මෙම දීර වීර බලුකායේ නිල විද්යුත් මාද්දිය වන බියෝන්ඩ් ප්රේම් (කලින් දේසද්රෝහී අවජාතකයෙක් විසිං මෙහෙයවන ලද්දකි) අඩවියේ ඔවුං විසිං නමෝ විත්තියෙං පල කොරන ලද නීල නිවේදනයට මොකෙද්දෝ අවජාතිකයෙක් කෙලතොලු කමෙන්ටුවක් දමා තිබේ. මේ අසමජ්ජාතියා සොයා නීල නිවේදනයට අනුව කටයුතු කිරීමට  මහජන සහාය ඉල්ලා සිටීමට අපිදු කැමැත්තෙමිය. 

මේ තියෙන්නේ නීල නිවේදනයය.

මෙතෙක් සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන ගෙන නැති දේශ ද්රෝහී බ්ලොග්කරුනවි.
සිංහල බ්ලොග් අවකාශයේ සිංහල බෞද්ධ සංස්කෘතියට, සභ්යත්වයට හා අපේ ආවේණික හර පද්ධතියට එරෙහිව එන්. ජී. . වල ඩොලර්, පවුම් හා කෝනාර් වලට යටවී බ්ලොග් පඩංගු ලියන විජාතික පන්තිය නියෝජනය කරන දේශද්රෝහී බ්ලොග්කරිවන්ට තවත් ඉඩ දිය යුතු නැතැයි අප තීරණය කර ඇත.
මින්පසු කිසිම දේශදෝහී බ්ලොග්කරුවකුට අප ඉඩ දෙන්නේත් නැත. විශේශයෙන්ම නිර්නාමිකව ලියන ද්රෝහීන්ගේ නම් ගම් විස්තර සහිතව එලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන අතර එයින් ඔවුන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට සිදුවන හානි ගැන වීර කැප්පෙටිපොල බලකාය වග කියනු නොලැබේ. කොන්දක් ඇත්නම් නිර්නාමිකත්වයට මුවා වී ගල් පෙරලනවා වෙනුවෙට කරන දේශද්රෝහී ක්රියාවක් එලිපිට කල යුතු බව අප කියමු. එවිට මේ රටේ තවමත් තම මුල් අමතක නොකල මිනිසුන් කල යුතු දේ කරනවා ඇත.
එසේම සිල්වත් බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අවමාන කරන එවුන්ද පරිස්සම් වෙනු.
බ්ලොග්වලින් ඊනියා විප්ලව කිරීමට තැත් නොකර කතන්දර හා කවි පල කිරීමට පමණක් බ්ලොග් අවකාශය මාධ්යයක් සේ භාවිතා කරනු. කොතැනදී කලත් දේශද්රෝහීත්වය දේශද්රෝහීත්වයමය.
මේ දේශද්රෝහී බ්ලොග්කරුවන්ට කරන අවසාන නිවේදනයයි. මින්පසු වෙනත් නිවේදන නැත. හැකර් නාඩගම් වලින් හෝ ඔවුන් තොලොංචි වී නොයන්නේ නම් කල යුතු දේ සිදුවනු ඇත. අපි කිය කියා කරන අය නොවේ.
මෙය දේශද්රෝහී බ්ලොග්කරුවන් ගැන කිබුල් කඳුළු හෙලන වෙනත් සියළුම බ්ලොග්කරුවන්ට/කාරියන්ටද අදාලය.
සිංහල බ්ලොග් අවකාශයේ වීර කැප්පෙටිපොල බලකාය

මේ අර අසමජ්ජාතියා දීල තියෙන කෙලතොලු උත්තරේය.

මේ කතාවට නං මූව තියන්ඩ වටින්නේ නැත. මූ ඇවිල්ලා දිගට කියන කොරන ඒවගෙයි, කෙටියෙං කොරන ඒවගෙයි වෙනස නොදන්නා කලවැදදෙකි. මූව දන්නා කෙනෙක් ඉන්නවානං වීර හැක්පෙටිපොල බලුකායේ උත්තරීතර නායක හැක්පෙටිපොල තුමාට දන්නන්ටය. නොදන්නා අයගේ දැනගැනීමට නායකතුමාගේ පොටෝ එක උඩිං දමා ඇත.

Friday, March 18, 2011

දේශප්‍රේමී හීනයක්........

17 වනදා උදෙන්ම ගොස් සංධානයට චන්දය දුන් මට රෑ ඇඳට වී චන්ද ප්‍රථිපල අසා සිටින විට තද නිදිමතක් දැනුනි.

එකසත් ජනතා නිදහස් සංධානය චන්ද තිස් නව දහස්....... එක්සත් ජාතික පක්ශය චන්ද දාහතර දහස්.....

ජනතා විමුක්ති පෙරමුණ චන්ද නමසිය.......

මට නොදැනුවත්වම නින්ද ගියේය. ඇහැරෙන විට හොඳටම දවල් වී තිබුනි. කාමරය වෙනස් වී ඇත. හරියට තරු පහේ හෝටලයක කාමරයක් මෙනි. මම හීනෙන් ඇවිදගෙන ගොස් වෙනත් නිවසකටවත් ඇතුලුවූවාදැයි ඇතිවු සැකය නිසා වහාම පාරට පැන ගතිමි. වලවල් තිබු බොරලු පාර කාපට් කර ඇත.අවට තිබූ කපරාරු නොකල ගෙවල්ද ඇතුලුව සියලුම ගෙවල් මාලිගා බවට පත්ව ඇත.
වෙනදා පරණ සරමක් හැඳ බයිසිකල් කටුවේ යන පී බී මාමා ලුමොසීන් කාරයක විත් මා අසල නැවතුනි.

"ඈ බං පී බී මාමෙ සමුර්දි කාඩ් එකෙන් කොහොමෙයි මෙච්චර හරියක් කර ගත්තෙ"

මම ඇසුවෙමි. පී බී මාමා මගෙ ඇඟට කඩාපැන්නේය.

"කොල්ලො මේ මට අපහාස නොකර හිටපන් මම දැන් කෝටිපතියෙක්"

පී බී පිඹගෙන ගියේය. වෙනදා කසිප්පු පැකට්ටුවක් සඟවාගෙන සිටින ඔහු ලඟ බකාඩි බෝතලයක්ද තිබෙනු මම දුටුවෙමි. පාරෙ බයිසිකල් මොටර් බයිසිකල් ත්‍රීවීලර මගී බස් රථ නැත. සියල්ලම සුඛෝපභොගි වාහනය. වෙලඳසල්ද මාලිගා වැනිය. ජනතාව වාහන වලින් පැමිණ බඩු මිලදී ගනිති කා බී ප්‍රීතිවෙති. හරියට ඛේතුමතී පුරය පහල වූවා මෙන්ය. අන්ද මන්දව කැරකෙමින් සිටි මම එළවලු වෙලඳසලක් තුලට ගියෙමි නොව යැවුනෙමි.

මට තරු පෙනුනේ එහි එල්ලා තිබූ කැලන්ඩරය දුටු විටය "වසර 2016"

මීලඟ මහ චන්දෙ තියෙන අවුරුද්දට හදිසියේ විවර වූ කාල දොරටුවක් හරහා එන්නට ඇතැයි සිතුවෙමි. මම කොහොමත් විද්‍යා ප්‍රබන්ධ කියවනවා වැඩිය. වෙලඳසලෙහි වූ අමු මිරිස් ගොඩ අසලට ගියෙමි.

"කීයද මුදලාලි කිලෝ එක".

 "රුපියල් දෙකයි මහත්තයා"

 උඩගොස් වට දෙකක් කරකැවී බිම වැටුනෙමි.

"මොනව කොහොමද එච්චර ගනන් අඩු වුනේ?"

 මුදලාලි පුදුමයෙන් මා දෙස බැලීය.

"මහත්තයා පහුගිය දවස්වල ලංකාවෙ නෙවෙයිද හිටියෙ?"

"ආ නෑ මුදලාලි මම අවුරුදු කීපයක් ඇමරිකාවෙ හිටියෙ" හිතට ආ බොරුව කියා දැමුවෙමි.

"අයියෝ මහත්තයා මොකට ඔය වගේ දුප්පත් රටවල් වලට යනවැයි? දැන් ඇමරිකාවත් ණය ගන්නෙ අපේ රටෙන්නෙ."

මම නැවතත් උඩගොස් කරකැවෙන සිද්දියට මූන දුන්නෙමි. "එතකොට අපි එයාලට තිබ්බ ණය?"

 "ඒවා ගෙවලා කොයිකාලෙද මහත්තය. දැන් චීන්නුත් අපෙන්නෙ ණය ගන්නෙ. කොටින්ම දැන් ලෝක බැංකු මූලස්ථානෙ දාල තියෙන්නෙත් ලංකාවෙනෙ. පහුගිය අවුරුදුවල අපේ ජනතාව බුද්ධිමත්ව චන්දෙ පාවිච්චිකරපු නිසා තමයි මේ සේරම."

මට මම ගැන මහා ආඩම්බරයක් දැනුනි. වෙලඳසල වායුසමනය කර තිබුනද මට මහා රස්නයක් දැනෙන්නට විය. ඇත්තටම අවදි වූයේ දැන්ය. මෙච්චර වෙලා දැක ඇත්තේ හීනයකි. යාන්තම් නැගිට ගත්ගමන් මා හට මාකැට්ටුවට යාමට සිදුවූයේ ගෙදර එළවලු අහවරව ඇති නිසාය. තාමත් නින්දත් නොනින්දත් අතර පසු වූ මම මුදලාලිට රුපියල් දෙකක් දිගු කළෙමි

"මිරිස් කිලෝ එකක් දෙන්න"

"......................... ..........................."

වසර 2016 තාම උදාවී නොමැති බව මුදලාලි මහත්මා මා හට කරුණා පෙරදැරිව පහදා දුන්නේය.

- අංකුට්ටා

Monday, March 14, 2011

අපරැක්කේ හම්බ කතා.......

අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව ට පැමිණි කමෙන්ටුවකට පිළිතුරකි.

මුසල්මානුවො?
උං බ්ලොග් හදාගෙන කතා ලිය ලියා ඉන්නවා කියලද උඔ හිතන්නෙ? උං කරන වැඩ ඊට වඩා සීරියස්. අර අටුවාවෙ පිස්සො ටික තමා ඔය වගේ මනස්ගාත උඔලට පොවන්නෙ. උඔලටත් ඕවා ඇත්ත.

පොඩ්ඩක් බලපං බුද්දාගම ඇත්තටම විනාස කොරන්නේ මොක්කුද කියලා. අලුතෙන් සාසනයට එන සාමනේර හාමුදුරුවරු මහ එකා දූෂණය කරනවා.  උඹ හිතන්නෙ ඊට පස්සෙ ඔය පොඩි එවුං  ධර්ම ඥානය ගවේෂණය කරයි කියලද? බාගෙට බාගයක් තනියම දනි පනි ගාගන්න පුළුවන් උනාම මහ එකාගෙන් ගැලවෙන්න සිවුර ඇරලා යනවා. රහ වැටෙන උං උගුරු ගැටේ කැඩුනාම අලුතෙන් එන පොඩි එවුං අල්ලා ගන්නවා. ඉතිං මේ මහණ වෙලා ඉන්නෙ තම්බිද? නෑනෙ බං.

උඔලා ඔක්කොම තම්බි දිහා බලං ඉද්දි අපේ දරු පැටියන්ට අරින්නෙ අපේම උං. වැඩේ වැරදි බව පිළිගන්නවනේ? මෙතන තියෙන ලොකුම තක්කඩිකම ඕක නෙමෙයිනේ බං. බාලක ලෝලය එක්තරා මනෝ ලිංගික තත්වයක්. ඕක හැදෙන්නෙ මිනිස්සුන්ටනේ. අපේ අපරැක්කෙත් මනුස්සයෙක් බව කියන්න ඕනෙ නෑනෙ? ඉතිං පොර තමං කවුද කියන එකවත් අමතක කරලා කලන්තෙ ඉහට ගහලා ඕක කලා කියපංකෝ. ඉතිං බුද්දාගම බේරගන්ඩ පොළොවෙ පස්කන බුද්දාගං කාරයෝ මොකද මීක් නැත්තෙ? සමහරු හිතනවා ඇති ඕවා එළි උනාම සාසනේට හානි වෙනවා කියලා. බම්බුව තමා. දැන් එළිවෙලා ඉවරනේ. දැං ඉතිං සාසනේ රැකගන්ඩ කියලා අඩු වයසෙං මහන කොරලා  ඉන්න ඉතිරි නොදරුවෝ ටිකවත් රැකගන්ඩ මුං මොනවද කරලා තියෙන්නෙ? අඩු ගානේ වචනයකින්වත්?

මුංට ඕනෙ සිංහලයක් වත්, බුද්දාගමක් වත් නෑ බං. එහෙම ඕනෙ කමක් තියෙනවනං කරන්ඩ ඔයිට වඩා වැඩ තියෙනවා. මෙහේ අපරැක්කේලා උඔලටත් අරිනකං උඔලට තම්බි මැජික් පෙන්න පෙන්න උං උංගේ වැඩටික කරගන්නවා.

මං කියන්නෙ බොරුවක්ද කියලා උඹම බලාගනිං. සිංහලේ රැකගන්ඩ පස්කන අටුවාවෙ පිස්සන්ට කියපං පුළුවන්නං මේ හොර ගණයො ගැන එළීකරන්ඩ කියලා. උං කරන්නෙ නැ. දවස ගානේ ලංකාවේ පන්සල් දාස් ගානක ඔය වගේ පොඩිඑවුං දාස් ගානක් සාපරාධී ලිංගික අපහරණයට ලක් වෙනවා.  මුස්ලිම් ‍දැරිවියංගේ චර්ම ඡේදනය ගැන හොටු පෙරන පෙරමුණේ රාලයේ පිස්සො ටිකට ඕවා පේන්නෙ නැත්තෙ ඇයි? උංට ඕවා වැඩක් නෑ බං. උන්ට ඕනෙ මහින්දට තව අවුරුදු දහ පාලොවකට රන් කරන්ඩ තවත් හතුරෙක් මවලා දෙන එක.

මම තම්බියෙක් නෙමේ. අපරැක්කේ අපදානය ලියපු අංකුට්ටත් තම්බියෙක් නෙමේ. අපරැක්කෙත් තම්බියෙක් නෙමේ. නමුත් උඹට අපරැක්කේ ගැන විවේචනාත්මකව කතා කරපු අපි තම්බි වෙලා අපරැක්කේ තම්බියෙක් නොවෙන්නෙ ඇයි කියන එක උඔම හිතන්න ඕනෙ දෙයක්.

මේවා ලියන්නෙ තම්බි කියලා හිතන උඹ අපරැක්කේ දූෂකයෙක් කියලා පිළිගන්නවද? සාසනේ විනාස කරන ඒ වගේ දූෂකයො ජාතියේ මුර දේවතාවො කියලා උඩ දාන්නෙ තම්බිද? නැත්තං අටුවාවෙ පිස්සො ටිකද?

(කමෙන්ට් වලට පෝස්ට් වලින් උන්නර දෙන්ඩ අපේ අදහසක් නෑ. ඒත්  ඔය ජාතික ලයින් එකේ පිස්සු බල්ලො දාන කමෙන්ට් වලට වඩා උඹේ කමෙන්ට් එකේ පොඩි අව්‍යාජ ගතියක් තිබුන නිසා මේක ලිව්වෙ. උඹටත් මොකුත් කියන්ඩ තියෙනවනං අපේ මේල් එකට එවපං. අපි දාන්නං)

Saturday, March 12, 2011

අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව

තවද එක සමයෙක්හි හිංගලයන් නම් වූ එක්තරා මනුෂ්‍ය කොට්ඨාශයක් වාසය කරන්නාවූ හිංගලංතය නම් එක්තරා රමණීය දිවයිනක් විය. මේ හිංගලංතයේ  උත්තර දේසයේ වාසය කලාවූ එක්තරා කාලවර්ණ රාක්ෂස සමූහයක් සිටින්නේ, හිංගලයන්ට නිතර ගැහැට පමුණුවන්නාහුය. උන්ට නායක  වූ පොබාකුරින් නම් රාක්ශස නායකයා හින්ගලයාට නිතර ඇකේ පුරින්නේ,  හිංගලයන්ගේ පශ්චාත් භාග වනවී මහත් පීඩා ගෙන දෙන්නේය. මොවුන් මේ පොබාකුරින්ගෙන් ගලවාගැනීමට සමත් කිසිවෙකුත් නැත්තාහුය.

මේ සමයෙහි පහලවූ හෙලු උරිමය නම් එක්තරා අශුද්ධ සන්දානයක් වී. මේ සන්දානයේ පහලවීම කෙසේද යත්; එසමයෙහි හිංගලයන්ට වන් මහත් ගැහැට තම දිව්‍යඥානයෙන් දුටු 'මහා සෝම' නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් තව්තිසාවෙන් චුතව හිංගලන්තයේ පහළ වන්නේ, පොබාකුරින්ට සේම තම්බින්ටද ඇකේ පුරිමීයි මහත් කෝලාහල කරන්නෝය. මේ මහත් ආශ්චර්යය දුටු එක්තරා චෞරයන් කණ්ඩායමක්, මෙවන් ආශ්චර්යයන් අලෙවි කොට මහත් ලාභ ලැබීමට සිතන්නෝ මුත්, 'මහා සෝමගේ' මහත් රශ්මි කදම්භය අභියස ක‍ඳෝපැනියන් මෙන් මිටිවැ උන්හ. මේ මහා සෝම එක් මහා ශීත සමයෙක සම්මාන ලොබින් රසියාව නම් දේශය වෙත වැඩමකරන්නේ අදික ශීතල දරාගත නොහී අපවත් වූ සේක. වැලේ වැල් නැතිව සිටි චෞර රැළ තෙමේ මෙය රසියානුවන් මහා සෝමට ඇකේ පුරීම නිසා සිදුවූ විපත්තියකැයි මහත් කෝලාහල කරන්නේ බුද්දිමත් හින්ගලයන් අතර ජනප්රියවැ හෙලු උරිම නම් අශුද්ධ සන්ධානය අටවන්නාහුය.

මේ හෙලු උරිම තෙමේ පොබාකුරින්ට ඇකේ පුරිමීයි වහසි දොඩා, හිංගලයන්ට වංචා කොට උනුන් කෙටවීම හැර කල කිසිවක් නැති බවද දත යුතුය. මෙ සමයහි පහලවූ මැදමූලනී අන්ඩපාල නම් රජ කෙනෙක් වී. මෙතුමානෝ හිටිවනම පොබාකුරින්ට ඇකේ පුරින්ට ඇරඹීම කිසිවෙකු නොසිතු හාස්කමෙක්ම විය. මෙතුමානගේ ඇකේ පුරීම කෙතරම් දුර ගියේද යත් දෙමලාටද ඇකේ පුරින්ට පටන් ගත්තෝය. මේ දුටු වැලේ වැල් නැති හෙල උරිම තෙමේ මහත් උද්දාමයට පත්වැ රජතුමානන්ගේ ඇකේ පුරින සිස්නය සක්තිමත් කරන්නෙමැයි කියමින් රජු වටා එක් රොක් වුහ. රජතුමානන් ගේ සිස්නය සක්තිමත් කිරීම කෙසේවතුදු මොවුන් රාජ් භෝජනාගාරයට හා රාජ් භාන්ඩාගාරයට අරක්ගත්තෝය. හෙලු උරිමයන්ගේ තරවැ වැඩෙන උදරයන්ද ආකාසයට නගින මාලිගාද දුටු හින්ගලයෝ සාදුකාර දුන්හ.

අන්ඩපාල රජතුමානන් දෙමලාට ඇකේ පුරීමෙන් සොම්නසට පත්වූ හින්ගලයෝ ඔහු වටා රොද බැඳ ස්වයං වින්දනයේ යෙදුනෝය. එනමුදු මේ අන්ඩපාල රජතුමානන්ට ක්ශණික මෝචනය නම් රෝගයක් ඇති බව දත යුතුය. ක්ශණික මෝචනය වීමෙන් දෙමලාට ඇකේ පුරීම කෙටි කලෙකින්ම අහවර විය. මෙයින් දොම්නසට පත්වු හිංගලයෝ  තම ස්වයංවින්දනය දිගටම කරගෙන යෑමට කාට හෝ ඇකේ පුරින ලෙස බල කලෝය.

මේ අවස්තාවේදි මහත් තරවැහුන් හෙල උරිම තෙමේ තමා වළඳන මහත් සැප සම්පත් අවසන් වන්නට යන නියා දැක, බෝධි වෘක්ශයකට නැගී හින්ගලයිනි බිය නොවවු තම්බියාට ඇකේ පුරින සැටි අපි පෙන්වමුයි මහත් ඝෝශා කලහ. මෙයින් මහත් සොම්නසට පත් හින්ගලයන් තම්බියාට ඇකේ පුරින සැටි බලා ස්වයංවින්දනයේ යෙදීමේ අභිලාශයෙන් හෙල උරිමයන් වටා රොදබැඳගත්හ. බෝධි වෘක්ශයෙන් බිමට වන් හෙල උරිම තෙමේ විහාරස්තානය තුලට වදින්නේ, හින්ගලයාද තම්බියාට ඇකේ පුරින සැටි බලා ස්වයං වින්දනයේ යෙදීමේ අභිලාශයෙන් තම සිස්නයන් උලුක් කරගනිමින් අසලට වන්හ. ගත වුයේ මොහොතකි. මහත් විලාප නගමින් විහාරස්තානයෙන් එලියට පැනහුන්නේ කසාවත් හැඳි කුඩා දරුවන් පිරිසකි. වසර ගනනාවක් දෙමලාටද තම්බියාටද ඇකේ පුරින්නේමැයි මහත් පාරම්බා හෙල උරිමයන් අවසන ඇකේ පුර ඇත්තේ තම දරුවනටම බව දැනගත් බුද්ධීමත් හින්ගලයෝ තෙමේ වික්ශිප්තව විපරීත වුහ.

- අංකුට්ටා