Saturday, July 23, 2011

ගංගොඩවිල සෝම දෙවියන් නෙරපයි......... දේව සභාවේ උණුසුම් වාතාවරණයක්......

ඊයේ රැස්වූ ලංකා දේව සභාවේ උනුසුම්කාරී වාතාවරණයක් උද්ගත වූ බව හුරුල්ලාට වාර්තා වේ. ඊයේ පැවැත්වූ මෙම දේවසභා විශේෂ සැසිවාරයට මැතිවරණ රාජකාරි හේතුවෙන් දෙවියන් සැලකියයුතු දෙවියන් පිරිසක් සහභාගි නොවීමද කැපී පෙනෙන සිදුවීමකි.

මෙහිදී පළමුවෙන්ම සාකච්ඡාවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට මේ දිනවල තදින් බලපා ඇති ආසනික් පිළිබඳ ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් නාථ දෙවියන්ට විශාල වශයෙන් චෝදනා එල්ලවීම පිළිබඳව කාගේත් වැඩි අවධානයක් එල්ල විය. මෙහිදී නාථ දෙවියන් ප්‍රකාශ කොට ඇත්තේ කල් ඉකුත්වූ රසායනාගාර උපකරණ වලින් පර්යේෂණ කිරීමට සිදුවීම පිළිබඳ වගකීම තමාට භාරගත නොහැකි බවයි. මෙහිදී දැඩිමුණ්ඩ දෙවියන් කෝපයෙන් ප්‍රකාශ කොට ඇත්තේ බැරි මගුල් නොකර නිකං උන්නනං ඉවරනේ යනුවෙනි. මෙහිදී ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්වය කථානායක අයියනායක දෙවියන්ගේ මැදිහත්වීමෙන් වැලකී ඇත.

කෙසේවෙතත් ආසනික් ජරමරයෙන් දේව සභාවේ ජාම් බේරාගැනීම සඳහා විශේෂ දේව කමිටුවක් පත්කිරීමට ගලේ බණ්ඩාර දෙවියන් විසින් ගෙන ආ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය. මෙහිදී කතා කල දෙවොල් දෙවියන් ප්‍රකාශ කොට ඇත්තේ එම කමිටුවට තමාව නම් නොකරන ලෙසයි. මන්ද යත් අති බිහිසුනු 13 කල්ලියක් පවුල් පිටින් කම්බස්කිරීමේ විශේෂ කොන්ත්‍රාත්වක් ජාතික හෙල උරුමය නමැති පින්වත් සංවිධානයක් තමාට භාරදී ඇති හෙයින් ඔය සුකුරුත්තං වැඩ වලට තමාට වෙලාවක් නැති බවයි.

මෙහිදී කතාකල නාථ දෙවියන් ඔය 13 දෙනාගෙන් එක්කෙනෙකු තමන් නැති වෙලාවක තමාගේ කැළණිය බ්‍රාන්ච් එකට වාර්තා කර ඇති බවක් ආරංචි හෙයින් ඒ පිළිබඳව සලකා බලන ලෙසයි. මෙහිදී දෙවොල් දෙවියන් කෝපයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඒවා තමාට බලාගත හැකි බවත්, කොහොමටත් විමලෙගේ සී නිව්ස් එකේ බට්ටි කැළණිය බ්‍රාන්ච් එක පැත්තේ කැරකෙනවා වැඩි බවත්ය. අනතුරුව නාථ දෙවියන් සාළුවේ කොනක් හපමින් මොනවාදෝ කියා ඇති මුත් එය කාටවත් ඇසී නැත.

ඉන් අනතුරුව කථානායක දෙවියන් විසින් සභාව හමුවේ විශේෂ කරුණක් ඉදිරිපත් කරන ලදී. එනම් ගංගොඩවිල සෝම නම් දිව්‍ය පුත්‍රයෙකු දේව සභාවේ සාමාජිකත්වය ඉල්ලා ඇති බවත්, එම ඉල්ලීම සභාවේ  බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බවත්ය. මෙහිදී සභාවේ යම් ඝෝෂාකාරී තත්වයක් උද්ගතවූ අතර දෙවොල් දෙවියන් විසින් එම දේව පුත්‍රයා පිළිබඳ දීර්ඝ කරුණූ දැක්වීමක්ද එහිදී සිදු කොට ඇත.

උන්වහන්සේගේ ප්‍රකාශය දළ වශයෙන් මෙසේය.
"ඔය සෝම කියන හාදයා ගැන අපි හොඳට දන්නවනේ..... එයා නරයෙක් කාලෙ සිවුරු දරාගෙන හිටියා. එහෙම ඉඳං මොකද කලේ? පුළුවන් තරං දෙවියන්ට බැන්නා. අපිව අදහන  අය මිත්‍යා දෘෂ්ඨිකයෝ කිව්වා. ඒ අය සැබෑ බුදුදහමට පිටුපානවා කිව්වා. ඒ කාලේ අපිට පළතුරු වට්ටි තියා ආසාවට පේර ගැටයක්වත් නෑ...... ඔය දැන් අපිව අදහන නලින්ලා..... රතන සාදුලා සේරම එයාගෙ මිත්‍යාදෘෂ්ඨියට හරෝගෙන තිබුණේ....... එයා තව ටික කාලයක් උන්නනං අපිටත් ඉන්දියාවේ දේව රැකවරණ ඉල්ලන්ඩ වෙන්නේ.....

යන්තං රුසියාවට පින්සිද්ද වෙන්ඩ තමා ඔය කරදරේ ක්ලෝස් උනේ. නැත්තං රතනලා පාර්ලිමේන්තු යනවත් බොරු........ ඊට පස්සෙ තමා රතනලා නලින්ලා ආපහු සම්මා දෘෂ්ඨිය වැළඳගෙන අපිට පොලයක් දෙකක් ගහගෙන කොන්තරත්තුවක් දෙකක් දෙන්ඩ පටං ගත්තේ.... මං යෝජනා කරනවා ඔය හාදයව පැත්තකට දාල අර රතන සාදුයි නලින් ගොයියයි අපේ දේව සබාවට බන්දගමු කියලා.........."

එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සභා සම්මත විය.

16 comments:

  1. සෝම දෙවියන්ව අපායටම යවන්න ඉඩ තියෙයි , දේව වේසෙන් ඉඳන් හරි බැරි වෙලාවත් පරණ ටෝකක් දුන්නොත්(ටෙලිශානය හරහා හෝ ) ආසනික් සිල්වා , රතන සාදු වගේ සම්‍යක් දෘශ්ටික සෙට් එක අනාථයි නොවැ

    ReplyDelete
  2. මාර ප්‍රශ්නයක් තමා වෙන්නෙ.... දෙවියො වෙන්ඩනං මේ ගොල්ලො අපවත් වෙන්ඩ වෙනවනේ

    ReplyDelete
  3. මොහොමුද්, බොරුවට ආසනික් කතාවක් ඉස්සරහට අරගෙන ඔහේ කරන්නේ ගංගොඩවිල සෝම හිමිට අපහාස කරන එකනේ.ඊට වඩා හොඳ වැඩක් තියෙනවා කරනවානම්,ඔහෙලගෙ ආගමේ පුජකවරු එකතු කරගෙන,මරණ දඩුවමට නියම වෙලා ඉන්න රිසානා නෆීක් ව බේරගන්න බැලුවනම් හොඳ නැතිද ?කෝ ඔහෙලගෙ ඉස්ලාම් සහෝදරත්වය.?

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. @ Anonymous
    සෝම හාමුදුරුවංව දෙවෙනි පාරටත් අපවත් කොරල තියන්නෙ මමද නැත්තං රතුඑලියේ අතන උන්නාංසෙලද කියල පොඩ්ඩක් මීටර් නොරලා බැලුවනං නරකද?

    @ amila
    හරිම දුකයි සෑර්ගෙ එලකිරි කොමෙන්ටුව මකන්ඩ උනාට... සෑර්ගෙ සැප මගෙ සතුටයි.

    ReplyDelete
  6. Niyamai lokka.....

    ReplyDelete
  7. මං නං හිතන්නේ සෝම ආපහු රුසියාවේ ඉපදිලා ඇති.
    පීඇච්ඩීයක් ගන්න ලේසියිනේ එහේ හිටියාම!

    ReplyDelete
  8. නලින් දේ සිල්වා මහතා යනු එක ආකාරයක විකාර රුපි අදහස් ගොන්නක් ඇති ආචාර්යවරයෙකි. ඔහු සිංහල ජාතිය සහ ආගම ගැන මහා ඉහලින් කතා කෙරුවද පහුගිය දශක ගණනාව මුළුල්ලේම සිදු කර ඇත්තේ එම ජනතාව විශේෂයෙන්ම තරුණ කොටස් නොමග යැවීමටය.
    1. එදිරිවීර සරත්චන්ද්රර, අමරදේවයන් වන්න උන් කෙසේ වත් ජාතිවාදීන් නොවූ අතර, එහෙත් ඔවුන් සිංහල සංස්කෘතියට විශිෂ්ට මෙහෙවරක් කරන ලදී. ඔවුන් එය පටන් ගනු ලැබුයේ විදෙස් ආරට ඇති තම නම පළමුව වෙනස් කර ගැනීමෙනි. මෙය කදිම නම් වහරක් ඇතිවීමට පසු කලක හේතු විය. මොහුට එවන්නක අදහස්කුදු තිබී නැත.
    2. දිගින් දිගටම දර්ශනවාදය සහ විද්යානව පටලවාගෙන විද්යාමවෙන් අවිද්යාාවට ගමන් කිරීමට මාර්ගයක් සලසා ඇත. දර්ශනවාදයේ මතිවාද ඉදිරිපත් කරමින් විද්යා්ත්මක තර්ක බිඳ හෙලීමට තත් කරයි. එහෙත් එසේ කරනුයේ විද්යාපව පළිබඳ හැදෑරීමට යන දර්ශනවාදය නොදන්නා උන්ටය.
    3. පහුගිය කාලය පුරාවටම ප්රතධාන කොට ලිපි මගින් ආමන්ත්රරණය කරන ලද්දේ විශේෂයෙන්ම උසස් පෙළ හදාරන සහ විශ්ව විද්යාධලයට යාමට බලාපොරොත්තුවෙන් සිටින සිංහල මාධ්යඋ සිසුන්ය. එම ලිපි පුරාවටම අනෙක් විශ්ව විද්යා ල අචාර්ය මණ්ඩලය පඩියන්, කාසි කබල්ලුන් ලෙස බැනීම සහ දර්ශන මත දෙක තුනක් ඉදිරිපත්කිරීම හැරුණු කොට කල දෙයක් නැත. එහෙත් සිසු මනසට විෂ බීජය කදිමට ඇතුල් කරයි.
    4. අසු ගණන් වලදී දැන් ඇමති වරුන්ද වූ සමහරුන් සමග පෞද්ගලික වෛදය විද්යාදලයට එරෙහිව රට වටේ ගිය නමුදු දැන් පුස් පැටවුන් සේ සිටියි. එදා හරියට පුද්ගලික විශ්ව විද්යාරල පටන් ගත්තා නම් අද වන විට එය හොදින් ස්ථාපිත කර ගැනීමට තිබිණ. අනෙත් අතින් දැන් ජවිපෙට බැන්නාට එදා තරුණයන් ඒ දෙසට තල්ලු කෙරුවේද මොවුන්මය.
    5. අන්තිමට ඉතිරි වී ඇත්තේ සායි බබා හදාගත් අනුගාමිකයන් වැනිම පිරිසකි. ඔවුන් ට බටහිරයන අරහන්ය, එහෙත් කැළණිනම අචාර්ය උපාධි ලැබූ අචාර්ය වරියට කුණු හරුපෙන් බනි. ඒ අතර පිට රටක සිට යමෙක් හෝ මොවුන්ගේ අදහසට එකගව කතා කල හොත් ඔහු වහා මහතෙකු කර අදහයි.
    6. අලි මදිවාට හරක් කිව්වා සේ ඒ මදිවාට දේශපාලන වශයෙන් අනාත වී ඇති එහෙත් දේශපාලන හයිය ඇති හයිරන් කාරයන් ටිකක් මේ මැද්දට පැන ඇත. මොවුන්ද නලින් ද සිල්වා මහතා මෙන්ම මනාප ක්රරමය, ජනාධිපති ක්රාමයට විරුද්ධව දේශනා පැවැත් වුවෝ වෙති. අද 2/3 ක බලයද තබාගෙන ඒ ගැන කතා කරනු වෙනුවට ගොවිතැන විනාශ කිරීමට, සංස්කෘතික ලක්ෂණ විනාශ කිරීමට සහ උසස් අධ්යා පනය හෑල්ලු කිරීමට තම බලය යොදවති.

    ReplyDelete
  9. පඬි සිල්වාගෙයි ආසනික් රතනේගෙයි වකුගඩු රෝග පිළිකා මර්ධන වැඩ සටහන නැගලා යනවා. දැන් සිගරට් එකක් එහෙම කඩේක ගන්න නැති හින්දා, කොල්ලෝ බොන්නේ දුම්කොළ ඔතලා. ආච්චිලා සීයලා හැඹිලිය බෙර ගන්නේ පුදුම අමාරුවකින්.මතට තිතනේ. ඔය ව්‍යාපාරේ පස්සෙන් ඉන්නේ අපේ බලකායේ දොස්තර මහත්තයා. උන්නැහේ හරි සුරයා. ගිය සැරේ ඊස් මිස් ගානට බේරුනේ චන්දෙන්. ලබන පාර නම් කොහොම හරි ගොඩ යන්න තමය අපේ ඔය ගොවියෝ ටික පන් ගොයියෝ කරන ව්‍යාප්තිය පටන් ගත්තේ. කොහොම උනත් පොල් බෑ මුණු කුමාරයා රජ වෙන දවසට සුරේ එකට කැබිනට් එකට. ඒවා එහෙම බලාගෙන තමා වැඩ. කොහොම උනත් හරියට පර්යේෂණයක් ලියා ගන්න බැරි හපුවෙක් විස්ස විජ්ජාලේ උගන්නන මහත්තැන් කෙනෙක් උනේ කොහොමැයි.
    අනේ අම්මපා මුන් වහන්සේලාට යුද්දේ ඉවර උනාට පස්සේ නිකමට බැරි උනා අර අහිංසක දෙමල මිනිස්සු දැන් කොහොමද ඉන්නේ කියලා බලන්න. ඒ වෙනුවට අටෝ ගත්තා මේ අලුත් මගුල. මුන්ට මතක නැහැ එදා කිව්වේ ජනාධිපති ක්‍රමය අපි අහෝසි කරවනවා, මනාප නැති කරවනවා කියලා. ඉතින් ඒ වෙනුවට ඇස බැඳුමක් පටන් ගත්තා. අනේ අප්පේ හැබැයි එකෙන් රටේ ගොවිතනටයි, ඉගෙන ගනිල්ලටයි වෙන හානිය නම් සුළු පටු නැහැ.
    කිරි ආතා

    ReplyDelete
  10. මගෙනුත් මේ දෙවියන් ගැන අදහසක් මෙතන තියෙනවා.

    ReplyDelete
  11. සෝම හාමුදුරුවෝ දැනටමත් හොඳම තැනක වැඩ ඉන්නවා. ඒත් තමුන් වගේ මිත්‍යා දෘෂ්ටික් අන්තිමේදී යන දිහාව ගැන මතක වෙන කොට දුකයි.

    ReplyDelete
  12. @ ඉස්තෝප්පුවට කලින් ඇනෝට කලින් ඇනෝ,
    සෑර්ගෙ පොයින්ට් එක නං මරු. ඇත්තටම නලින් ගොයියා විදුසරට නෙව ලිව්වෙ.

    @ කිරි ආතා,
    කිරි ආතට වැඩේ අහුවුනා වගේ. වෙන මොන ප්‍රස්නද ආසනික් තියෙද්දි? හැක්.... හැක්....

    ReplyDelete
  13. ඉස්තෝප්පු සෑර්ට තැන්කූ. උත්තර පෝස්ට් එකක්ම තියෙනවා නෙව.

    ReplyDelete
  14. @ අන්තිම ඇනෝ සෑර්,
    සෝම හාමුදුරුවෝ ගැන අපේ අරෝවක් මෙතන දාල නෑනෙ බොස්. අපිට කොක්ක තියෙන්නෙ සෝම හාමුදුරුවො විකුණගෙන පාර්ලිමේන්තු ගිහිං දැං උන්නාන්සෙගෙ දේසනාවට පයිං ගහලා දෙයියොයි පෙරේතයොයි පස්සෙ ගාටන ගම්බිරිස් කල්ලියත් එක්ක. මේ අවස්තාවාදී හැතිකරේ එක්ක බලද්දි නලිං ගොයියා හොදයි එක අතකට.

    ReplyDelete
  15. /සෝම හාමුදුරුවෝ දැනටමත් හොඳම තැනක වැඩ ඉන්නවා./

    පොඩි කතාවක් මතක් වුණා මේක ඇහුවාම.

    ඔන්න එක තරමක වයසක මනුස්සයෙක් අපවත් වුණාලු. වැරදුණා...වැරදුණා...මැරුණලු. ගෑනි මේ මිනිහට පණ වගේ ආදරේලු. ඉතින් ට්‍රයි කරල ට්‍රයි කරල හොයා ගත්තාලු අංජනමකින් මිනිහ එක්ක කතා කරන විදියක්. (ඔය අංජනම් කාරිය විශ්වාස නොකරන උදවිය හිතා ගන්නකො "විද්‍යාත්මකව" නාථ දෙයියන්ගෙ මාර්ගයෙන් මේ විස්තර හොයා ගත්ත කියලා.) ඉතිං දැන් ගෑනි මිනිහ ඉන්න තැන විස්තර අහනවලු...

    "කියල වැඩක් නෑ යෝදියෙ... මාර ස්පොට් එකක් තමයි. බලන බලන අත කොළ පාටයි. ලස්සනට ඉර පායල තියෙනවා. මල් පිපිලා කුරුල්ලො කෑ ගහනව. මට කරන්න තියෙන්නෙ වැඩ දෙකයි. කන එකයි සංසර්ගයෙ යෙදෙන එකයි. (මිනිහගෙ ඔරිජිනල් වචන පොඩ්ඩක් එඩිට් කළා මෙතැන.) කනව, ...කනවා, කනව, ...කනවා... එච්චරයි මුළු දවසටම කරන්නෙ..."

    ඔන්න දැන් ගෑනිට ෆුල් හැපි. ගෑනි අහනවලු මෙහෙම.

    "අනේ ඉතින් කියන්නකො ඔයා ඉන්න දිවිය ලෝකෙ නම..."

    මිනිහ කියනවලු:

    "...මොන දිවිය ලෝකයක්ද යෝදියෙ! මං මේ නවසීලන්තෙ පට්ටි ගොනෙක්!"

    (මේ කිව්වෙ සෝම හාමුදුරුවොත් ඒ වගේ තැනක ඉන්නව කියන්න නම් නෙවෙයි. උන්වහන්සේ ඉන්න තැන අපි නොදන්නවයැ!)

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.