Monday, July 18, 2011

හදිස්සියක්..... ගම්මිරිස් ඇට 13 ක් ගෙනිහින් රතන සාදුට දෙන්ඩ......


ඔබත් රට ජාතිය ගැන අම්බානක උන විකාරයෙන් පෙලෙන්නේද? මෙන්න එහෙනම් අවස්තාව. කුරිරු ආසනික් මාරයා මෙරටට කැන්දං එන රුදුරු ත්‍රස්තවාදී ම්ලේච්ඡ අති බිහිසුණු 13 කල්ලිය වැනසීමට දැං ඔබටත් එක්විය හැකියි. අවි ආයුද එපා. කුලු පොලුත් එපා. ගල් මුලුත් එපා. චූටිම චූටි ගම්මිරිස් ඇට 13 ක් හොඳටම ඇති. පුලුවන්නං පොල් ගෙඩියක් නැතත් බෑවක්වත් අරං එන්ඩ. 
කෙලිංම සීනිගමට එන්ඩ. රතන සාදු එතන ඇත.

ඇවිල්ලා කරන්ඩ තියෙන්නේ සුලුම සුලු දෙයයි. ඇට දහතුන කෙලිංම රතන සාදුට දෙන්ඩ. අර බෑව රතන සාදුට පේන නොපෙනෙන තැනකිං තියන්ඩ. 
ඊට පස්සෙ වැඳගන්ඩ.
දැං එක හිතිං මෙහෙම හිතාගන්ඩ.
 
කේසා... ලෝමා.... නඛා... දන්තා....
කුඩු වගේද ආසනික් - දිමු වගේද චම්පික
ඉඩම් වගේද ඩොලර් - හෙජිං වගේද කොමිස්
ගල වගේද වරාය - මිහින් වගේද ලංකා
-
-
මේ සජ්ජායනාවෙං පස්සෙ තමංගෙ දෙකංසෙ රත්වෙලා වගේ දැනෙන්ඩ පුලුවං..... ඒක තමා ආනුබාවෙ.... දැං තියෙන්නෙ රතන සාදුගෙ ඇඹරිල්ල. රතන සාදු ඔයාගෙ ඇට 13 අඹරනකොට අර කුරිරු 13 කල්ලිය ගැන සිහිපත් කොරගන්ට.

ජනිතා ගැන වැඩියෙං හිතංඩ...... හඩ්ඩා ගැන අඩුවෙං හිතන්ඩ.....
අනුර ගැන වැඩියෙං හිතන්ඩ...... වික්ටර් ගැන අඩුවෙං හිතන්ට......

ඔහොම අනුලෝමව ප්‍රතිලෝමව 108 වාරයක් හිතන අතරේ උංගේ පවුල් පිටිං හැඳිගෑවිලා යන්ඩ සත්‍යක්ක්‍රියා කොට රතන සාදු ඔබ වෙනුවෙං අඹරනු ඇත.
අති බිහිසුණු 13 කල්ලිය පවුල් පිටිං වැනසේවා. තෙරුවං සරණයි!

18 comments:

  1. ගංගොඩවිල සෝමදාසJuly 18, 2011 at 3:52 AM

    පින්වතුනි, මේ දහතුනේ කල්ලිය උන්ගේ දරු පවුල් පිටින්ම හැඳි ගෑවිලා යන්න කරන මහා පින්කම ගැන ඇහුවාම මට විශාල බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවුණා. කොයිතරම් යහපත් හොඳ බෞද්ධයෝද මේ රටේ ඉන්නෙ පින්වතුනි. මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන් හැඳි ගෑවිලා යන පින්කම් වෙන රටවලත් සිදුවෙනවානම් කොයිතරම් හොඳද පින්වතුනි. අප මහ බුදුරජානන් වහන්සේ අද සිටියා නම් කොයිතරම් සතුටු වෙයිද පින්වතුනි, මේ මහා පුන්‍ය කර්මය ගැන අහලා. අනේ සාදු සාදු පින්වතුනි. මේ වගේ පින්කම් සංවිධානය කරන ඇත්තන්ට මේ ආත්මයේම නිවන් යන්න ලැබෙනවා සත්තයි.

    ReplyDelete
  2. ලොක්ක අඹරයිද දන්නෙනෑ රතන සාදු ආගිය අතක් නැතිවෙන්න.

    ReplyDelete
  3. ඔය ගම්මිරිස් ඇට 13 ඕනැ කරන්නෙ හොඳට කුඩු කරල රතන සාදුගෙත් මහාචාර්ය නලින් ද සිල්වාතුමාගෙත් අධෝ මාර්ග තුළට දාන්න වෙන්නැති. ඒ වේසිගෙ පුතාලට නම් එහෙම කරලත් මදි තමයි.

    ReplyDelete
  4. හඩ්ඩාටනම් ගම්මිරිස් කිලෝ එකක් අඹරලා කවන්න ඕන.

    ReplyDelete
  5. අපේ සදාදර මාරයියාත් සියළු වැඩ නතර කරලා ඔය පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ගමිරිස් අඹරන්න එනෝ...

    ReplyDelete
  6. එතකොට අර බෑවෙන් මොනවද දන්නෑ කරන්නෙ

    ReplyDelete
  7. මමත් එනවෝ
    -ටැබූ

    ReplyDelete
  8. දේශප්‍රේමීන් අකමැතිම ඉලක්කම , හෙවත් දේශද්‍රෝහිම ඉලක්කම 13 බව පෙනෙන්නට තිබේ .

    රතන සාදුට බැරිද දන්නේනැ , ඔය උඩින් ඉන්න 13 ට අයත් ඉලේපෙරුම මහත්තයගෙ මතවාදයක් අල්ලගෙන බ්ලොග් ලියපු මාවත් මකබැවෙන ලිස්ට් එකට දාල අඹරන්න . එතකොට ඔය දෙය්යන්ගෙ ප්වර් ලේසියෙන්ම බලාගත්ත හැකි නොවැ

    ReplyDelete
  9. හඩ්ඩාගෙ නම් කටට ගම්මිරිස් අඹරන්න ඕනේ මට පේන්න බෑ උදේම මූසල කමට කෑගහනව

    ReplyDelete
  10. කිව්වත් වගේ ආණ්ඩුවේ කුඩුකාරයෝ නොදැක්ක වගේ ඉන්න මුන්නාන්සෙලා ආසනික් අල්ලගෙන අර අහිංසකයෝ ටිකක් අඹරන්ඩ යනවා. කඩේ යනවා කියන්නෙ සිවුරු නැතුව කඩේ යන්නෙ

    ReplyDelete
  11. මෙය D.K විසින් බුකියේ දමා තිබූ කමෙන්ටුවකි.

    "චික්..කළකිරෙනවා මේ පෝස්ටර් එක දැක්කාම...මේක මෙතනට යයි කියලා මට හිතුණා....ඕක තමයි විද්‍යාත්මක ක්‍රමය සහ විද්‍යාත්මක දේ ප්‍රතික්ෂේප කරලා, ඒවට කසි කබල් දේ කියලා, අවිද්‍යාව හුවා දක්වන්න යනකොට වෙන්නේ...ඕක ඔතනිනුත් එහාට ගිහින් නලින් තුමා ගිනි කබලකට දුම්මල, පොල් කටු, කට්ට කුමංජල් දාගෙන කැළණිය විශ්ව විද්‍යාලය ඉස්සරහා පාරේ නටයි හෙට අනිද්දා වෙන කොට...අර දොස්තර චන්න ජයසුමන බෙර ගහයි..."

    ReplyDelete
  12. මැට්ටාJuly 18, 2011 at 7:43 AM

    දේව කතාව හලල දාල, පර්යේෂණය ගැන අවධානය යොමු කලානම් වඩා වටිනව කියල මට නම් හිතෙන්නේ. කිව්වේ මොන මල යකාද කියන දේ එච්චර වැදගත් නෑ නෙ...
    සමහර විට හොඳ සොයා ගැනීමක් වෙන්න තිබිච්ච දෙයක් කොහෙද යන දෙයියෙක් ගාවගෙන විහිළුවක් බවට පත් කරගත්තා කියල මට හිතෙන්නේ

    අනික ඔය පොහොර ගෙනාව කියන සමාගම් හෙන ලොකු ඒවා නිසා පට්ට social engineering පාරක් යනව වෙන්න බැරිකමකුත් නෑ

    ReplyDelete
  13. බුදුඅම්මෝ... සීනිගම......
    දැන් දෙවියොටික සේරම නලින්ට සරෙන්ඩර් හරි. බලාගෙන හුරුල්ලො. උඹවත් අඹරලා ඔය ෆිෂ්බෝල් එකක්වත් හදන්ඩ බැරි නෑ ඔය හාදයෝ

    ReplyDelete
  14. ගංගොඩවිල සෝම මාමේ, තෝ පැළ කරපු ජාතිවාදී ගම්මිරිස් වල ඵලදාව තමා ඔය අපි නෙළන්නේ.

    ReplyDelete
  15. අර උදේ හවා කියන "රතන" සූත්‍රයෙන් කියවෙන්නේ, භූතයින්, කුම්භාණ්ඩයින් සහ රෝගා බාධ දුරු කරන හැටි නේද?

    ReplyDelete
  16. ආසනික් ගැන කතා කොර කොර හිටපල්ලකො... ඒ අස්සෙ උඹලගෙ අහවල් එකත් විකුණයි මහ එවුවො..... මේ වගේ හැම රංගනයක් අවසානෙදි වෙලා තියෙන්නෙ එහෙම එව්වමනෙ.

    ReplyDelete
  17. රට ජාතිය ආගම පිළිබද උපතේ සිට අපගේ මව්පියන් විසින් අප හට කියාදී ඇති බොහෝ දෑ මෙන්ම රට වෙනුවෙන් අපගේ මව්බිම වෙනුවෙන් හද තුළ ඇති අපිරිමිත භක්තිය විසින් මෙවන් පුගුලන් විසින් කරනු ලබන ද්රෝහී ක්‍රියා යන්තමින් වුවත් දුටු සැනින් නිහඩව සිටීමට නොහැකි වීම නිසා අපද නිරායාසයෙන්ම මෙවන් කතිකාවත් තුලට ඇදී ඒම වලක්වාලිය නොහැක.

    අවසාන වශයෙන් එකක් කිව යුතුය.

    ඔබලාට රටක්, ජාතියක්,ආගමක්, ජන්මයක් නැතිවා හෝ තිබියදීත් ඒ පිළිබද හැගීමක් නැතිවා වන්නට පුළුවන. නොඑසේනම් ඔබලා අපගේ බස හසුරුවන විජාතිකයින්ද විය හැක.

    ඒ කෙසේ වෙතත් සිහිතබා ගන්න...

    අපට මෙ රට හැර යන්නට වෙනත් රටවල් නොමැත.
    මෙ මව් බිමෙ උපන් අප මෙ පොළොවට ආදරය කරන්නෙමු.
    එහි ගහට කොළට සතා සීපාවාට ඇළට දොළට පමණක් නොව මෙ පොළව පිසගෙන හමා එන සුළං පොදටද ඇළුම් කරමු.

    එවන් වූ අපේ කම හදුනන මිනිසකු රටෙ නායකයා වීමඅප ලද පිනකි.

    නුඹලා වැනි බත් බැලයන් කුමක් කීවද, කුමක් ලීවද,
    මෙරට වසන මා මෙන්ම රටට ආදරය කරන මිනිසුන් සිටිනා තාක් කල් එවැනි නායකයකු අපට අහිමි වීමට අප ඉඩ නොදෙමු.

    මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
    මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.

    ඉදින් තව දුරටත් ලියන්න..
    අපි බලා සිටිමු..
    නමුදු අප නිදි යැයි නොසිතන්න..
    ඇවසි වෙලාවෙදී අප නිසි පරිදි කටයුතු කරනු ලබන්නේය..
    හරියට අද මෙන්ම..

    ReplyDelete
  18. මැට්ටා said...
    උඹ විතරය් මැට්ටෝ කියන දෙයක් හරියට කියල තියෙන්න ! චියර්ස් :) meeya

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.