Wednesday, December 14, 2011

සිංහල ජාතියට ගරහන උදවිය, ආවේගශීලී සිංහලයන්ගෙන් පරිස්සම් වීම ඔවුන්ගේ ඇඟට ගුණයි | සියළු අවජාතික™ බකයෝ™ මේ නිවේදනය පිළිගනිත්වා..!

ජාතියේ පිනෙන් පහළවූ මහොඖශධ පඬිතුමාට නොදැවෙනි පඬි උතුමෙක් [MA ( IR ), MBA ( Finance ), LLB, Bsc Accounting And Finance, CIMA (strategic). ] මේ දිනවල,
උත්තම වන් ලොව පතලා, එංගලන්ත නමින් යුතු විපුලා, තුංග සිරින් රැන්දු සකළා, දෙස ලන්ඩන් පුරවර පහලව සිටී.

තම විදැසින් ලෝකය පාදීර්භූත කරන එතුමානෝ හැම් බර්ගර් බුදිමින් උදේ සිට හවස් වෙන තුරුම බකයන්ට™ පළුයන්ට බැනවදිමින් සිටියි. මේ බක™ වැනුමෙන් පිනායන ජනී ජනයා ලයික් දමන්නේ, කමනෙට් දමන්නොය. එහෙත් යමෙක් ඔහුගේ මතයට විරුද්ධවන්නේ ඒ "බලු" ගැත්තාට දණ්ඩෙන් පෙළු නාගයෙකු මෙන් නැඟී හිටී.

[කියවන්න රවීට එරෙහිව පඬිතුමාගේ සංවාදය:

පඬිතුමා: මම රකින සුද්දාගේ වස්තුව මොකක්ද බල්ලෝ..?

අටුවාව:

"සුනඛයා" යනුවෙන් අපි ඒ සත්ව විශේෂය වෙනම හඳුන්වනවා.. නමුත් "බලා ගන්නා" හෙවත් කෙටියෙන් "බලු" ( "සක්‍රයාණනි මෙලොව දෙස බලන්න" කියන එක අපි කෙටි කරනවා "සකෝ බල ලෝ" කියලා.. සමහර තැන්වල "සක්‍රයා මෙලොව දෙස බලයි" කියන කොට " සකා බලු ලෝ" කියනවා ) .. එතකොට ඒක ධාතු නාමයක්.. එවිට එයට "බලා ගැනීම කරනවා" යන්න "ආ" යන ප්‍රත්‍යයෙන් එක්වී එය "බලු+ආ" = "බල්ලා" ලෙස කෘදන්ත සැකසෙනවා..)

එවිට කාගේ හෝ දෙයක් පළක්, නැති නම් න්‍යායක්, නැති නම් මතවාදයක් කර පටි ලාගෙන බලා ගන්නා කෙනාත් ඒ ගණයට අයිති වෙන බැවින් අපි එයාට "බල්ලා" කීමෙන් කරන්නේ අපහාසයක් නොවේ... එවැනි කෙනෙකුට බල්ලා කීමෙන් කරන්නේ අපහාසයක් නම් "මුරකරුවා" කියන වචනයත් අපහාසයක්..
----
තවත් කියවන්න කැමතිනම් සුරේන්ට එරෙහිව පඬිතුමා සංවාදයත් කියවන්න. ]

පෙර කළ පඬිවරුන්ට මෙන්ම අපේ මේ බකයන්™ පිළිබඳ කෙළ පැමිණි පඬිතුමාටටද කේවට්ටයෙක් වන්නේය, හේ නමින් රන්ගේ ජඩවර්ධන නම්වේ.

රන්ගේ ජඩවර්ධන ශ්‍රේෂ්ට සයිබර් විරුවෙක් ලෙස අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ගෙනයන දුෂ්ට™ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටිමින් සයිබර් අවකාශය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණවලින් බේරා ගැනීම සඳහා නොපැකිළී, නොනැවතී අනවරතව කැපවී සිටින ජාති(ක)වාදී™ දේශහිතෛශී™ දේශමාමක™  සයිබර් ආරච්චිලා, ගම්බට්ටන් සහ සුරතලේට ඇතිකරන උසි කියූ පමණින් අවජාතික™ බකයන්™ට බුරා වැටෙන සුනඛයන් පුහුණු කිරිමේ පූර්ණ කාලීනව යෙදී සිටින්නෙකි.

මෙතුමන්ගේ හැකියාවන් මෙපමණක් නොවන්නේ, හෙතෙම වෙස් පෙරළීමේද උපන් සමතෙකි. විටෙක දුප්පතාගේ හිතවතාය, තවත් විටෙක තත්පර තිහේ දේශපාලක ආසයි මං පියාඹන්න ඇස් ඇෆ් මුත්තාගේ ලඟම නෑයාය. තවත් කලෙක රනිලම්ගේ කකුළ මිරිකන්නේය. මේ සියල්ලම බලා සිටින අපටනම් *කෙනුත් හිනාය.


රන්ගේ ජඩවර්ධනගේ විව්ධ ස්වරූප

කෙසේ හෝ වේවා රන්ගේ ජඩවර්ධන සිංහලබෞද්ධයා™ට විරුද්ධව යන්නන්ට රතු නිවේදනයක් නිකුත් කර ඇත. එය සිංහලබෞද්ධයා™ට විරුද්ධව යන සියළුම අවජාතික™ බකයන්™ගේ අවදානය පිණිස මෙසේ පළ කෙරේ.

සියළු අවජාතික™ බකයෝ™ මේ නිවේදනය පිළිගනිත්වා..!

පහත නිවේදනය රන්ගේ ජඩවර්ධන විසින් ෆේස් බුකියේ ලියා ප්‍රසිද්ධ කරන ලද්දක් බව කරුණාවෙන් සළකන්න.

සිංහල ජාතියට ගරහන උදවිය, ආවේගශීලී සිංහලයන්ගෙන් පරිස්සම් වීම ඔවුන්ගේ ඇඟට ගුණයි. 


සිංහල ජාතියට ගරහනකොට, සමලිංගිකත්වය වගේ අසික්කිත දේවල් ප්‍රචාරය කරමින් සිංහල ජාතිය විනාස කරන්න හදනකොට, බුදු සසුනට අපහාස කරනකොට සහ සිංහලයන්ට වින කරන ජන වර්ග එක්ක කරට අත දා ගන්නකොට ඕනැම සිංහලයෙකුට කේන්ති යනව. එය සිංහලයන්ට විතරක් නොවෙයි, තම ජාතියට ගරහනවා දකින ඕනෑම ජාතිකයෙකුගෙන් ලැබිය හැකි ප්‍රතිචාරයක්. ඉතින් අවජාතිකයින් (අව-ජා"ති"කයින් = ජාතිය පහත් කර කතා කරන්නන්) පුළුවන් තරම්ම සිංහල බෞද්ධයන්ට ගරහලා, පසුව සමහර සිංහලයන් ඊට ආවේගශීලීව ප්‍රතිචාර දක්වද්දී , "අන්න අන්න තොපිල ජාතිවාදී වෙලා!" කියල මරහඬ තැලීමෙන් වැඩක් වෙන්නේ නෑ.



සිංහල බෞද්ධයා යනු බුදු දහම පිළිපදින සිංහලයායි. ඒ අනුව ඕනෑම සිංහලයෙක් බුදු දහම පිළිපදින විට සිංහල බෞද්ධයෙක්. ඒත් ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන්, හිසේ තිබෙන බෞද්ධකම පූජාසනයේ සිටවා අසිපත අතට අරගෙන සංසාරය දික් කර ගැනීමට තරම් කැප කිරීමක් තිබෙන සිංහලයොත් ඉන්නවා. නැවතත් ඒවා ගැන කලකිරී බුදු දහමටම අනුව ජාතිය ‍රැක ගන්න හැදීමෙන් සිංහල බෞද්ධයෝ බවට පත් වීමටත් පුළුවන් වන්නේ බෞද්ධකම යනු වෙනත් ආගම් වල වගේ බෞතීස්ම කිරීමෙන් ලැබෙන දෙයක් නොව තමාගේ සිතේ පවතින්නක් නිසයි... උදා: යුද්ධයට පෙරත් පසුවත් දෙ‍ටුගැමුණු රජතුමා සිංහල බෞද්ධයෙක්, ඒත් යුද්ධ කරන කාලයේ නිකම්ම සිංහලයෙක්.




මගේ අදහසනම් ජාතිය වෙනුවෙන් සංසාරය දික් කර ගැනීම අණුවන කමක් වන්නේ, සමහර විට අපි මියැදුනාම අපි අකමැති ජාතියක ඉපදීමටත් ඉඩ තිබෙන නිසයි, එවිට ඒ ඒ භව වලදී ඒ ඒ ජාතීන් වෙනුවෙනුත් ඔය වැඩේම කිරීමට ඉඩ තිබෙන නිසයි. (සසර දික් කර ගන්නේ නැතිව ජාතියට සේවය කිරීමට පුළුවන්.) ඒත් සිංහල ජාතියේ තිබෙන සුවිශේෂී භාවය නිසාමත්, ශ්‍රී ලංකාවේ බුදු සසුන ‍රැකෙන්නේ සිංහල ජාතිය තිබුනොත් විතරක් නිසාත්, පරාර්ථකාමී වී තමාගේ සංසාරය කැප කරන උදවියත් සිටින බව අමතක නොකළ යුතුයි...

විමලො උබේ කටෙත් පස්, මගේ කටෙත් පස්..!
මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කිරීමට හමුදා සෙබළුන් විතරක් සහාය දුන්නනම් ඒක දිනන්න වෙන්නේ නෑ. දේශප්‍රේමී මාධ්‍යවේදීන් විතරක් සහාය දුන්නත් ඒක දිනනන් වෙන්නේ නෑ. හමුදා සෙබළුන් තම සංසාරය කැප කිරීමේ සිට හැමෝගෙම සහයෙනුයි ඒක දින්නෙ. අන්න ඒ වගේ සිංහල ජාතිය ‍රැක ගන්නනම් සිංහල බෞද්ධ අපි වගේම ආවේගශීලී සිංහලයොත් සිටිය යුතුයි. සිංහල බෞද්ධ අපි ධාර්මිකව කරුණු දක්වද්දී ආවේගශීලී උදවිය එයාලගේම ක්‍රමයට වැඩ කරනවා. එනිසා මමනම් "ජාතිය වෙනුන්වෙන් කතා කරන අවේගශීලී සිංහලයන්ව" වලක්වන්න හෝ ඔවුන්ට හුරේ දාන්න යන්නේ නෑ. ඔවුන් ඔවුන්ගේ ක්‍රමයට ඒ ගමන යාවි, අපි අපේ ක්‍රමයට ධාර්මිකව මේ ගමන යමු..

පිස්සා දමනය
බුදු සසුන රැක ගැනීම සහ සිංහල ජාතිය ‍රැක ගැනීම පටලවා ගන්න එපා. බුදු සසුන ‍ රැක ගන්නනම් ආවේගශීලී අය සෘජුවම කරන්නේ බාධාවක්. බුදු සසුන සහ සිංහල ජාතිය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයක් නිසා ආවේගශීලී ව සිංහල ජාතිය රකින්න උත්සාහ කරන අය ව්‍යුත්පන්නව කරන්නේ සේවයක්. (එනිසා සෘජුවම ආවේගශීලීව බුදු සසුන ‍රැක ගන්න හදන උදවියට මමනම් කෙළින්ම විරුද්ධ වෙන්නේ ඔවුන්ගෙන් සසුනට හානියක් වෙන නිසයි.) තමන්ගේ ආවේගශීලීත්වය පාලනය කරගත නොහැකිනම් ඔවුන් කළ යුත්තේ බුදු සසුන ‍රැකීමට හැදීම නොව සිංහල ජාතිය ‍රැක ගැනීමට උත්සාහ කිරීමයි. (ආවේගශීලී වීමෙන් සිංහල ජාතිය ‍රැක ගත හැකිය කියල වරදවා සිතන්න එපා. එය කලින් කිව්ව වගේ තවත් එක් අනුකුඩා ක්‍රමයක් විතරයි)

රටට ජාතියට ගරහන උදවිය, රට විනාස කරන්න හදන උදවිය දැනගත යුතුයි සිංහල බෞද්ධයෝ එක්ක හැප්පෙන්න ආවොත් ඇත්තෙන්ම අපිට එහායින් ඉන්න ආවේගශීලී සිංහලයොත් එක්කත් හැප්පෙන්න වෙනවා කියල.  

 
කවුරුන් හෝ සිංහල ජාතියට විනාශයක් කරද්දී අර ආවේගශීලී කට්ටියව අවශ්‍ය විට කැඳවීමට පුළුවන්, ඒත් ඔවුන්ව නැවතීමටනම් අපිට බෑ. අපි වගේ එයාලානම් කතා කර කර තර්ක කර කර කාලය කකා ඉන්නේ නෑ. අන්තර්ජාලයේ සිංහල බෞද්ධයන්ට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාරයන් පුළුවන්නම් සමාජයට බැහැල කරල බලන්න, මොකද වෙන්නෙ කියල. ඒ නිසා දැන්වත් සමලිංගිකත්වය ප්‍රචාරය කිරීමේ හෝ දිරිමත් කිරීමේ වැඩ කිරීමට පෙර, සසුනට ගැරහීමට පෙර, සිංහලයන්ව විනාශ කරන්න ආපු ජාතීන් එක්ක කරට අත දාගෙන අපිට ගරහන්න පෙර හොඳින් සිතා බලන්න.


  
‎1978 දෙවන ජන රජ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අත තියන්න ආවොත්, හතර හන්දි කඩනවා...

ප.ලි: කාටූන් උපුටා ගනු ලැබුයේ කාටුන් ශිල්පී අවන්ත ආටිගල මහතාගේ ෆේස් බුක් පිටුවෙනි.

20 comments:

  1. අපේ රටේ ක‍තෝලික අගරදගුරු උතුමාණෝ ළමා ජාවාරමට/අපචාර වලට එළිපිටම සහය දක්වන එකත්, රජය ඒකට නැවෙන එක ගැනත් මොකද හිතෙන්නෙ?

    ReplyDelete
  2. හොඳට ලියල තියෙනවා. ඇත්ත. ඔය දෙන්නම මානසික රෝගීන් තමයි. දැන් ඔවුන්ගේ තත්වය සීරියස් බවයි පේන්නේ. ඉක්මනට මානසික රෝහලකට ඇතුළු කළොත් හොඳයි. ලන්ඩන් වලත් නැතෑ ඔය මානසික රෝහල් කියන තැන්...

    ReplyDelete
  3. සමලිංගිකත්වය ගැන කියන තැන නම් මේ උන්නැහැලට පොඩ්ඩක් වැරදිලා වගෙයි. මොකද සමලිංගිකත්වය හා වර්තමාන ශ්‍රී ලංකා බුද්ධ ශාසනය අතර තියෙන්නෙ ඉතාම කිට්ටු සම්බන්ධයක්. සමහරවිට ඔය දෙකම ආරක්ෂා කරගෙන ඉන්නෙ එකම මුර දේවතාවො පිරිසක් නිසා වෙන්න පුළුවන්.

    මම කියන්නෙ බොරු නම් ඔය උඩුවේ ධම්මාලෝක, පිටිදූවේ සිරිධම්ම, කිරිබත්ගොඩ ඥාණාලෝක, කොළොන්නාවේ සුමංගල, එල්ලාවල මේධානන්ද වගේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකගෙන්ම අහල බලන්න පුළුවන් හරියටම දැන ගන්න.

    ReplyDelete
  4. @ දෙවැනි ඇනෝ,

    මේ නිවේදනය මා විසින් ලියන ලද්දක් නොවේ රන්ගේ ජඩවර්ධන විසින් ෆේස්බුකියේ පළ කරන ලද්දකි. මා කළේ පුර්විකාවක් ලියා, රූප දමා සරසා පළ කිරීම පමණකි. මොවුන් දෙදෙනාට මානසික ප්‍රතිකාර අවශ්‍යයැයි ඔබ පැවසූ දෙයට එකඟයි.

    @ අන්තිම ඇනෝ,

    මේ ලිපිය බුද්ධ සාශනයට එරෙහිව පළ කරන ලද්දක් නොවේ. මෙය බුදු දහම සහ සිංහල ජාතිය දඩමීමා කරගනිමින් තම පැවැත්ම තහවුරු කර ගන්නා පඬිතුමෙක්ට සහ කේවට්ටයෙක්ට එරෙහිව පළ කෙරුනෙකි.

    ReplyDelete
  5. @Reader:

    ඔය ළමා නිවාසය ගැන එක එක්කෙනා එක එක කථා කියන නිසා ඒ ප්‍රශ්නයට මම උත්තර නොදී ඉන්නම්. හැබැයි පුරාවිද්‍යා ස්ථානවල අනවසර ඉදිකිරීම් [උසාවි නියෝග තිබිය්දීත්] ඉවත් නොකිරීමෙන්ම පේනවා නේද මොක්ද වෙන්නේ කියලා..?

    ඇත්තටම බැළුවම රංගේ ජඩවර්ධනලා හැපෙන්න ඕනේ අපි එක්ක නෙමෙයි තමන් පණ සේ රකින පාලකයන් එක්ක.

    ReplyDelete
  6. කවුද ඔය පණ්ඩිතයා සහ රංගේ ජයවර්ධන කියන්නෙ. මේ ලිපියෙන් ඒ කිසිවක් පැහැදිලි වෙන්නෙ නෑ.

    ReplyDelete
  7. /ඇත්තටම බැළුවම රංගේ ජඩවර්ධනලා හැපෙන්න ඕනේ අපි එක්ක නෙමෙයි තමන් පණ සේ රකින පාලකයන් එක්ක./

    මොරටු පාලිකාව නිදහස්
    අධිකාරියට උසාවියෙන් අවවාද

    මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයේ පාලිකා මේරි එළිසැබෙත් නිදහස් කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉවොන් ප්‍රනාන්දු මහත්මිය ළමා අපචාර පරීක්ෂණ පරෙස්සමෙන් හා විධිමත්ව කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියට අවවාද කළාය. ළමයින් විකිණීම හා ළමයින් අපචාරයට යොදා ගත්තැයි පාලිකාවට එරෙහි චෝදාන දෙකෙන්ම ඇය නිදහස් කැරිණි. පාලිකාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නෙවිල් අබේරත්න මහතා කියා සිටියේ ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ඉවක් බවක් නැතිව කළ සෝදිසියෙන් අස්ථාන චෝදනා නඟා එම ආයතනයට විශාල අපකීර්තියක් ගෙනදුන් බවයි. රොහන් පුෂ්පකුමාර නමැත්තාට එරෙහි පැමිණිල්ල ලබන 19 වැනි දාට කල් තැබිණි.

    http://www.lankadeepa.lk/index.php/articles/17593

    ReplyDelete
  8. @ අන්තිම ඇනෝ:

    ඔය සම්බන්ධයෙන් පඬිතුමා දැක්වූයේ මෙවැනි අදහසක්,

    """දරුවෙකුට හිංසාවක් කරනවාට වඩා එසේ කරන්නට පෙළඹෙන යමෙකු ගෙලෙහි ගලක් බැඳ මුහුදට දැමීම යහපති.." - යේසුස් වහන්සේ... ( මාක් 9:42) ... "රාවතාවත්තේ ළමා නිවාසයට ( ගොවිපළට ) එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් රාජ්‍ය උත්සව වර්ජනය කරනවා " - මැල්කම් රංජිත් මහතා.. (නාසරතයේ සිංහයාණනි.. එදා ජෙරුසලමේ හෙරෝද්ගේ දේවස්ථානය කැත කළ මුදල් එකතු කරන්නන්, සහ වෙළඳුන් කසයක් ගෙන තලා පන්නා දැමූ ඔබ වහන්සේ අතට අද කසයක් අසු වෙතොත්,..)""

    ඔය සම්බන්ධයෙන් රංග ජඩවර්ධන දැරුවේ මෙවැනි අදහසක්:

    """ඔතන යම් මගඩියක් සිදු වී ඇති බව විශ්වාසයි. නැත්නම් අනික පඬිතුමා වගේ කෙනෙක් ඔය පුවත ප්‍රසිද්ධියේම එයාගෙ වෝල් එකට දාගන්නෙත් නෑ, එයාට ක‍තෝලික නෑයන් සිටින නිසා...""

    ReplyDelete
  9. kawuda yako oya padithuma kiyana eka. kelinma kiyapiyako mokada kiyala

    ReplyDelete
  10. @ අන්තිම ඇනෝ:

    පොඩ්ඩක් විතර දැනුම ගනිකා වුර්තියේ යෙදෙව්වට පඬිතුමා මොනවා උනත් දැන උගත් මනුස්සයා. ඔය රංගේ ජඩවර්ධන කාරයා තමයි අපේ පඬිතුමාවත් නරක් කරන්නේ.

    ReplyDelete
  11. මේකෙනම් අගක් මුලක් වැටහෙන්නෙ නෑ. සමහර විට ෆේස් බුක් කතාවක් වෙන්න ඇති.

    ReplyDelete
  12. මේ ආසනික් බ්ලොග් එක නවත්තනව කියල පොර‍ ටෝකක් දුන්න නේද පහුගිය කාලෙ. ඒකත් පබ්ලිසිටියට කොරපු වැඩක් වගෙයි.

    ReplyDelete
  13. පිට(ව) යන්න අවසරයි කියල යන්න ගියා නේද?

    "ගිය ගමනත් නොගිය ලෙසට දුටුවද මූ ආවා !"

    ReplyDelete
  14. එතකොටවත් ආසනික් ගෙනත් නෑ

    ඇත්තටම කවුද ඔය පඬිතුමා?

    ReplyDelete
  15. //"ගිය ගමනත් නොගිය ලෙසට දුටුවද මූ ආවා !" //
    hik hik....

    ReplyDelete
  16. මෙලො හසරක් තේරෙන්නෙ නැ ඔයි , කොහොම උනත් අර මුලින්ම කමෙන්ට් දාපු මහත්තැන්ට කියන්නේ අධිකරණයෙන් ලමා නිවාස පාලිකාව නිදහස් කරල බව දැන කියා ගත්තා නම් හොඳයි

    ReplyDelete
  17. මොකක්ද බං මේ රෙද්ද. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. මේ වගේ බ්ලොග් පෝස්ට් දාල අපේ කාලෙ කන උඹට බුවල්ලකින් තලන්න ඕනැ.

    ReplyDelete
  18. ""මහොඖශධ පඬිතුමාට නොදැවෙනි පඬි උතුමෙක් [MA ( IR ), MBA ( Finance ), LLB, Bsc Accounting And Finance, CIMA (strategic). ] මේ දිනවල,""

    එතකොට ඔය රන්ගේ ජඩවර්දන කියන එකාට ඔය වගේ පට්ටම් නැද්ද? අනික ඕක කවුද කියල මම දන්නෙ නෑ.

    -සුමේධ ජයකොඩි

    ReplyDelete
  19. Damith Kethaka neda?

    ReplyDelete
  20. දමිත් කේතක ගැන නේද කියන්නේ

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.