Thursday, September 22, 2011

නිවසේදීම අමෘතය සාදා ගන්න (දේව රසායන විද්‍යාව)

මෙය නලින්ද සිල්වා මහැඳුරුතුමා විසින් ස්වකීය ශ්‍රාවක පින්වතුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා පසුගිය කාලයේදී කරන ලද දේශනයකි. ආසනික් ලෝලී ඔබ සැමගේද පහන් සංවේගය තකා එම දේශනයෙන් උපුටාගත් කොටසක් මෙහි පළ කෙරේ. මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න.

"මේ මිහි මත පමණෙක් නොව, සදෙව් ලොව පුරාද පැතිර පවත්නා මහා දිව්‍ය ලෝකයේ විරාජමාන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ස්වකීය සුඛ විහරණය පතා පරිහරණය කෙරෙන රසායන විද්‍යාව 'දේව රසායන විද්‍යාව' නමින් හැඳින්වෙන්නේය. මෙය බටහිර ඇංකරයන්ගේ ඊනියා ටෙලස්කෝප් වලට ගෝචර නොවන මහත් ආශ්චර්යමත් දැනුම් පූංජයකි. එවන් මහාර්ඝ දැනුමක් මා පසුපස්සේ ගාටන බුද්ධි විහීන තොපට ගෝචර නොවන්නක් වුවද, තොපගේ ශංකා දුරුකරවනු වස් ඉන් එක් උදාහරණයක් පමණෙක් පහත දක්වමි.

මේ මිහිමත මතු නොව දිව්‍ය ලෝකයන්හිද වරින් වර මහත් නියඟ හටගන්නේය. එයින් අමෘතය ලබාදෙන ළිං සිඳී ගොස් දේව ගණයා මහත් පිපාසයෙන් පීඩාවට පත්වන කල්හී උහු තම දේව රසායන විද්‍යාවට අනුනුකූලව අමෘතය නිපදවාගන්නේ කෙසේද යත්,

පළමුකොටම ඇවැසි වන්නේ සුක්රෝස් නමැති දුලබ රසායනිකයයි. මෙය සොයා සදෙව්ලොව පීරා යන දිව්‍ය පුත්‍රයෝ සුක්රෝසයන් ගන්ධයෙන් හඳුනා ගැනීමට පවා සමර්ථයෝ වන්නාහ. උහු තාල වර්ගාදී වෘක්ෂ රාජයන්ගේ ප්ලෝයම තරලයන් සහ විවිධ ශර්කරාදීන් යනාදී සුක්රෝස් සංයෝගයන් ඒකරාශී කරන්නේ, නන්දන උයන් තෙර අශෝක වදුළු මධ්‍යයෙහි විල්ලුද පළස් මත නගාලූ ස්වර්ණාලේපිත බුජම් පුරවති.

අනතුරුව වාතයේ පවත්නා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නමැති ඊනියා පරමාණු අල්වා එකට ගටා ජලය නිමවන්නේය. එකී ඊනියා ජලය යටකී සුක්රෝසයන් මත මනාසේ වගුරුවන්නේ, රන් බුජම් තුළ සුක්රෝසයන් ඊනියා සුක්රෝස් තරළයක් බවට පත්වන්නේය. අනතුරුව ඇවැසිවන්නේ සැකරොමයිසීසයන් නමැති අරුපාවචර යීස්ට ජීවීන් විශේෂයකි. ගිජ්ජකූට පර්වත මස්තකයේ රත් හිරිගල්තලාවන්හි පන්දු කෙළිමින් සිටිනා මෙම පින්වත් යීස්ට සමූහයෝ  දේවතාරාධනයෙන් එසැණ පහළවන්නේ, යටකී සුක්රෝස තරළයන් තුළ වදිති. අනතුරුව දිව්‍ය පුත්‍රයන් විසින් මහාර්ඝ කැටයමින් යුතු වසුනින් අවුරන එකී බුජම් තුළ වන් පින්වත් යීස්ටයෝ, එකී තරළයෙහි නිමග්න විෂම පරමාණුවෝ අල්වා රන් හුයෙන් බැඳ අමෘත සංයෝගාදිය නිපදවන්නෝය.

මෙකී අමෘත රසායනිකය බල ගැන්වෙනු වස් ආත්ම සාරය නමැති ශක්ති බන්ධන ඇවැසි බැව් දත යුතුය. මෙපවත් දන්නා දෙව්ලෝ ගර්භාන්තරයේ වසන මූසික, මෂ්ඨක, උරගාදී පින්වත් සත්වයෝ දෙවියන් කෙරෙහි වන මහත් සැදැහැයෙන් යුතුව බුජමට බසින්නේ, සිය ආත්ම සාරය අමෘත සංයෝග හා මුසු කරන්නේය.

මෙලෙස එකුන් සැට පැය ඉක්මවන කල්හී බුජම සොඳින් පැසී රන්වන් කිරණ විහිදුවන්නට වන්නේය. එපවත් දක්නා දේව පුත්‍රයෝ එකී බුජම මහත් සැදැහැයෙන් රත් හිරියල් ත්‍රිත්වයක් මත නගා සිටුවා රත් සඳුන්, සුදු සඳුන් ඈ මහාර්ඝ දැව රැස්කොට තබා සිය චිත්ත ශක්තියෙන් ගිනි අවුළුවන්නෝය. අනතුරුව ගින්නෙන් පැලැහී යන රන් බුජම තුළින් පැන නගින  නෙක ප්‍රමාණ බුබුළු පැලී මුක්ත වන්නාවූ අමෘත වාෂ්පය, තඹ පරමාණූ රැස්කොට තළා නිමවන ලද සියුම් නාලමය සර්පිලයක් තුලට වන්නේ, ඝණීඝවනයට පත්වැ අනෙක් කෙළවරෙන් බි‍ඳෙන් බිඳ වැගිරෙන්නට වන්නේය.

මෙසේ  සර්පිලයෙන් වැගිරෙන සාන්ද්‍ර අමෘතය ඉතා සැර බැව් දත යුතුය. මෙය ජලය එකට සතරක් වන පරිදි මැනැවින් තනුක කල යුත්තේය. මෙසේ තනුක කල අමෘතය රන් ඔඩම් තුළ බහා බි‍ඳෙන් බිඳ පානය කරන කල්හී අමුතුම ජීවයකින් දේව ශරීරයන් උද්දීපනය වන්නේය. අමෘතයෙන් සංතර්පණයට පත්වන්නාවූ දේව සමූහයා ඉමහත් චිත්ත ප්‍රීතියෙන් කෙළි කවට කෙළින්නේ සදෙව් ලොවම එකම  උත්සවශ්‍රීයකින් ඇළලී යන්නේය. මෙවන් තේජස් සහිත අමෘතය පවා නිපදවීමට සුරුකම් දක්වන දේව රසායන විද්‍යාවට පාංශු බිඳක වන් ආසනික් සුඟක් සෙවීම මහත් වූ කජ්ජක් වේද? "

16 comments:

  1. මෙය හැමදාම ආසනික්ම ඉල්ලලා නාහෙං අඩන ජයශ්‍රී සෑර් ඇතුළු ඇනෝ නඩේ වෙත පිදෙන හුරුල්ලාගේ තිළිණයකි.

    ReplyDelete
  2. ""අනතුරුව වාතයේ පවත්නා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නමැති ඊනියා පරමාණු අල්වා එකට ගටා ජලය නිමවන්නේය. එකී ඊනියා ජලය යටකී සුක්රෝසයන් මත මනාසේ වගුරුවන්නේ, රන් බුජම් තුළ සුක්රෝසයන් ඊනියා සුක්රෝස් තරළයක් බවට පත්වන්නේය.""

    මේක සිරාද? නැත්නම් ජෝක් එකක්ද?
    මම සිරාවට අහන්නේ.

    ඔන්න ආසනික්, තම්බ ගෙන කන එකයි ඇත්තේ..! :)

    ReplyDelete
  3. @ මාලන්,
    ජෝක් කොහෙද සෑර් අපිලඟ?
    //එවන් මහාර්ඝ දැනුමක් මා පසුපස්සේ ගාටන බුද්ධි විහීන තොපට ගෝචර නොවන්නක් වුවද,//
    ඔය කියල තියෙන්නෙ සෑර්ල ගැන තමයි

    ReplyDelete
  4. @ හුරුල්ලා

    මම හුරුල්ලට අභියෝග කරනවා පුළුවන්නම් මුල් ලිපියට සබැඳියක් දෙන්න කියලා :P

    ReplyDelete
  5. මෙයා නොවේ අරයාSeptember 23, 2011 at 12:15 AM

    සෑර්... ඔය අමුර්තෙ පානය කලාම චූ බර හැදෙනව කියන්නෙ ඇත්තෙයි?
    එතකොට දෙවියන්ට සුලු දිය පහකරන්ට වැසිකිලි පහසුකම් තියෙනවැයි?
    වැසිකිලි ගොහින් ඇවිත් උන්දැල අත හෝදන්නෙ සබන් දාල නොවෙයි කියන්නෙ ඇත්තෙයි?

    ReplyDelete
  6. ලිපිය නිර්මාණාත්මකයි.. උපහාසයෙන් පිරිපුන්. මටත් දැන ගන්න ආසයි මේ ලිපිය ලිවීමට හේතුව? නලින් සර් ගැන ගැටලුවක්ද?

    ReplyDelete
  7. හප්පා. ඕක ගෙදර හදන එකනං ඩේන්ජරස් තමයි

    ReplyDelete
  8. අපේ රජතුමා උන්දගෙ පින් මහිමයෙන් දිව්‍යලෝක සම්ප්‍රාප්තිය කලදාට ඉල්ලුමට සැපයුම මදිවෙයි නේද?

    ReplyDelete
  9. ඔය දේශනය යන වෙලාවෙ නලින් කාරයත් ඔය අමුර්තෙන් චුට්ටක් දාලද හිට්යෙ?

    ReplyDelete
  10. අමෘතයට තිත කියල එකක් ආපුදාට බලමුකෝ

    ReplyDelete
  11. දෙව්ලෝ ගර්භාන්තරයේ වසන මූසික, මෂ්ඨක, උරගාදී පින්වත් සත්වයෝ කිව්වෙ දිව්‍යලෝකෙ ගිය නලින්ගෙ ගෝලයොද?
    -විපුල්

    ReplyDelete
  12. දිව්‍යලෝකෙ ඉන්නෙ ලංකාවෙන් ගිය අය විතරද?
    මොකද මෙහෙම ශිල්පීය දැනුමක් තියෙන්න පුඵවන් ලංකාවෙන් චුත වෙච්ච එකෙකුට තමයි.

    ReplyDelete
  13. හුරුල්ලාගේ තිළිණය ස්තුති පූර්වකව ප්‍රතිස්ෂේප කරමි.

    ReplyDelete
  14. යකෝ ජය ශ්‍රි, උඹ ගල් වලට පුරුදුවුණාට පස්සෙ පරණ අමුර්තෙ අමතක කළා නේද?

    ReplyDelete
  15. අප්පච්චියේ . . . "මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න" කිව්වට මට නම් හිතෙන්නේම නිවසේදී අත්හදා බලන්නමයි . .

    ඇයි අප්පේ අපේ රටේ අමෘතේ ට තිත තිබ්බා නෙවැ මහජරා අහ් නෑ නෑ මහරජා . . .

    ReplyDelete
  16. ආ ආ .....හුරුල්ලා ලෝකවිනාසේට බයේ ආරසාවට යන්තර රාජයා එල්ලගෙන ඉන්නේ.
    එකට සතරක් ජලය දැම්මහම ආයේ ඔය බහුජාතික සමාගම්වලින් දෙන එක එක නම් තියෙන බීම දාල, බොනකොට සැර අඩුකරගන්න ඕනේ නැතෙයි?

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.