Sunday, September 18, 2011

පෙරමුණේ රාලලාගේ අභයදාන චූන් එක

පෙරමුණේ රාලට ලඟකදී පට්ට චූං එකක් ගොස් ඇත. ඒ සිංහල අවයාජ දේසප්‍රේමීන්ට මෙතෙක්කල් ඇනෙමිං තිබූ කටු කොහිල ගාලක් ක්ලියර් වීම නිසාය. කොහිල ගාල මර්විංය. මූ කරපු තරමක් කොලේ පට්ට පජාත කුප්පීදු වැඩය. උගෙ චරිතෙත් එහෙමය. බිස්නසුත් එහෙමය. උගෙ වටේ ඉන්න උං ඌටත් හපංය. ලොකුම හෙනේ මූ ආන්ඩුවේ ලොකු කකුලකි. හුරුල්ලා දන්න විදිහට නං 'අපිට රෙද්දක් ඇඳං පාරෙ යන්ඩ මූව එලෝලා දාන සේක්වා රජාණෙනි' කියල මුං ටෙලිග්‍රෑං බර තොගයක් රජ වාසලටද යවා ඇත. ඒත් මුගෙ මයිල් ගහක්වත් හෙල්ලෙන්නේද නැත. කුඩු හිංදා බොන්ඩත් බැරිය. ආන්ඩුව හිංදා අහක දාන්ඩත් බැරිය.

ඔයිං මෙයිං බිලිපූජා සීසන් එකත් ආවේය. ඒකත් හෙන ගේමකි. මේ බිලිපූජා තියන්නේ නලලේ අළු ගාගත් පෙරමුණේරාලලාම සෙට් එකකි. විරුද්ද වෙන්නෙ අළු නැති රාලලාය. හුරුල්ලා නං හිතන්නේ රාළලා කාලිට බය නැත්තේ නාථ ඉන්න හිංදා කියලාය. මෙදාපාර මේ කාළියි නාථයි කේස් එකට අලුතෙං එන්ටර් වෙන්නේ දෙවොල් දෙවියා හෙවත් මර්විංය.

"සතුන්ව මරා දැමීමට තව තිබුනේ පැයක් වැනි කාලයකි. හදිසියේ එතනට අමුත්තෙක් පැමිණියේය, සත්ව ඝාතනය තාවකාලිකව නැවැත්වීමට ඉල්ලූ SSP වරයාට පවා සද්ද බද්ද දැමූ මුන්නේෂ්වරම් පූසාරියාට, එම අමුත්තා දු‍ටු විට සුළු දිය පහ නොවුනේ යන්තමිනි.

ඇමතිතුමා පැමිණ ” සත්තු කපන එක නවත්වන්න මම ආවෙ. අද සත්තු කපන්නෙ නෑ ” ආදී ලෙස කියද්දී පූසාරියාගේ දිව ගොත ගැසුනා මිස වචනයක් වත් පිට වුනේ නැත. එතනින්ම අසරණ සතුන් දහස් ගණනකගේ දිවි ‍රැකුනි"
මනහර වැනුමක් මැ නොවේද?

පෙරමුණේ රාල ගුබ්බෑයමට "මර්වින් සිල්වාගේ අභය දානය සහ ඊනියා මානුෂිකවාදීන්™ ගේ කුහකත්වය" නමැති කොමඩිය ලියන මර්තේලිස්  නමැති බුද්දිමතා මේකෙං කොච්චර චූං වෙලාද කිව්වොත් එයාට අනුව මේක උත්කෘස්ට "අභයදානයකි". අනේ ෂෝක්ය. දැං ඉතිං මර්විං දෙයියා දැවැංත එළු කුකුල් සරණාගත කඳවුරක් සාදා මේ සත්තු මැරෙනකං ආදරෙං කවාපොවා රැකබලා ගන්නවා ඇතිය. මේ පේන්නේ දේසප්‍රෙමී ලපටි මොලගෙඩිවල සයිස් එකයි.

වනචාරී ගෝත්‍රික ඇදහිල්ලක් වෙනුවෙං සත්තු මරන එක අසික්කිත වැඩකි. මිනිස්සු මරන එක ඊටත් වඩා අසික්කිත බව මුං නොදනී. 'මේ සිංහල අපගෙ රටයි' සහ 'උතුරු නැගෙනහිර දෙමල නිජ භූමියයි'  කියන ගෝත්‍රික ඇදහිලි වෙනුවෙං  රට පුරාමත් ජයටම පැවැත්වූ සිංහල දෙමල මුස්ලිම් බිලිපූජාව කෙල හලමිං වැලඳු මේ උගත් මහත්තුරු එලුවං සහ කුකලං වෙනුවෙං ගෑනි මලා වගේ විස්සෝප වෙයි. මුංට හරියන්නේම මර්විං වගේ එවුං මිසක් වෙන මොක්කුද?

මේ වීරයෝ රොත්ත "කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන....." කියලා මර්විං දෙයියා උස්සලා පෙන්නනකොට අපිට පේන්නෙ අමු හෙලුවැල්ලක්නෙ මර්තේලිස්. බිලිපූජා තහනං කොරල නීතියක් තියෙනවනං ඒක ක්‍රියාත්මක කොරන්ඩ පොලිසියක් තියෙනවනේ. හලාවතිං ඒක කොරන්නැත්තං පොලිස්පති ඉන්නවනේ. එයාටත් බැරිනං තව උඩට ගිහිං මහ රජතුමා වෙනකංම ඉන්නවනේ. ඒ කියන්නෙ මේක නීතියට පිටිං කුකුලෙක් කපන එක වත් නවත්තගන්ඩ බැරි හාල්පාරු ආන්ඩුවක් නෙමේද? ඒකටත් මදාවියෙක් ඕනෙ.

කොහොමිං කොහොමිං හරි ආන්ඩුව කියන පල්වලේ සරුවට හැදිල තිබුන මර්විං කියන කටු කොහිල ගාල එක රැයිං සුද්ද කොරගත්තු එකට නං රාලට බඩඑලිය ගියා වගේ සනීපයක් දැනෙනවා ඇති. තුට්ටු දෙකේ මදාවියංගෙ ගොංපාට් ඇක්ටිං වලට මෙහෙමත් චූං එකක්...?

"මර්වින් යනු බොහෝ උදවිය හරියට හඳුනාගත් චරිතයක් නොවේ. මැරයෙක් ලෙස පෙන්වමින් ඔහු කරන්නේ පොලීසියට පවා ලෙහෙසියෙන් පාලනය කළ නොහැකි දාමරිකයින්ව (ලොව දක්ෂතම ත්‍රස්ත විමර්ශන ජාලයක් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ලොව බිහිසුනුම පාතාලයක් තිබේනම් ලංකාව ගැන කුමන කතාද?) පාලනය කිරීමට සුදුසු ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමේ රඟපෑමක් බව දන්නෝ දනිති. කෘතිමව ගොඩ නගා ගත් මැර ප්‍රතිරූපය නොතිබෙන්නට පූසාරීන්ගේ මන්න පහරවල් වලින් මර්වින් සහ ඔහුගේ ආරක්ෂකයින්ව එදා මුන්නේෂ්වරම් දේවාලය ඉදිරිපිටදී කීතු කීතු වනු ඇත."

එක එකාගෙ ගොං ආතල් අපිට වැඩක් නැත. ඒත් දුක හිතෙන එක දෙයක් ඇත.
අනේ තොපේ ජාතික බලවේගෙට කුඩුකාරයො/බඩුකාරයො/මදාවියො/ඩොලර් පෙරේතයො/ලිංගික පර පීඩකයො/අවස්ථාවාදී හිස් ලවුඩුස්පීකර ඇරුනහම හරයක් තියෙන එක වීරයෙක් හොයාගන්ඩ බැරි හැටි අම්මපා..?

ඊළඟ බිලිපුජාව නවත්තන්ඩ සිල්වා මහත්තයා යවමු. එතකොට ග්‍රවුන්ඩ් ක්ලියර්...........

22 comments:

  1. ඕක මර්වියගෙ ගොං ඇක්ෂන් එකක් නේන්නං....... ඕක නොතේරෙන බබ්බු තමයි රට ජාතිය ආරක්ෂා ‍කරන්ඩ බාර අරං තියෙන්නෙ

    ReplyDelete
  2. අන්න හරි. බිලිපූජාවක් හදල හරි සිල්වා යවල මේක ඉවරයක් කරමු

    ReplyDelete
  3. සතුන් කැපීම තහනම්කර, පසුව උසාවි නියෝගය පැනවුනේ සත්ව ඝාතනයට සිදු කිරීමට පැය කීපයකට කලින් වන අතර, මුන්නේෂ්වරම්හි පූජකයින්ට එම නඩු තීන්දුව නොලැබුනා කීමට ඕනෑ තරම් අවස්තාව තිබිනි. එහෙත් මර්වින්ගේ පැමිණීම නිසා පූජකයින්ගේ සැලසුම් සියල්ලම ව්‍යර්ථ විය. උසාවි නියෝගයට මුවා වී මර්වින් ලකුණු දාගත් බව ඊනියා මානුෂිකවාදීන්™ ඔළුවෙන් හිටගෙන කීවත් මුන්නේෂ්වරම් හි පූජකයින් නම් සත්‍යය හොඳින් දන්නා බව පෙනෙන්නේ, සතුන්ව බේරාගත් එක නිසා මර්වින් සිල්වාට විරුද්ධව පලි ගසා ඇති බැවිනි.

    ReplyDelete
  4. මර්වින් සිල්වා චරිතයට මා සියයට සියයක් එකග නොවුනද,ඔහුව සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් කුහක නොවෙමි.මන්ද ඔහු චෝදනා ලබන බොහෝ අවස්ථා වල චෝදනා ලැබූවේ මැදිහත් වීමට මුල් වු කරනා නිසා නොව.එකි කරණා සදහා ඔහු අනුගමනය කල ක්‍රියාවලියේ පැවති වරදයි.උදා -( රජයේ නිළධාරියා ගස් බැදීම-ගස් බැදීමට හේතුවූ කරැණ දඩුවමක් ලබා දිය යුත්තක් වුවත් ලබා දුන් දඩුවම නීති ගරැක සමාජය සමාජය ප්‍රතික්ෂේප කරයි)සරලව දේව දත්තටද අවශ්‍ය වුයේ බුදු බව ලබා ගැනීම වුවත් ඒ සදහා අණුගමනය කල මාර්ගය මහා විනාශකාරී හා පාප කාරී වුවකි..ඇතැම් විට අරමුන යහපත් වුවත් තෝරා ගන්නා මාර්ගය වැරදිනම් සමස්ථ සමාජයෙන් ගැරහුම් ලැබීමද වැලැක්විය නොහැක…

    මෙකී කාරණයේදී සියැසින් නොදත් බොහෝ දෙනෙක් පැවසුයේ මර්වියා සෙට් එකක් අරන් බහින්න ඇති,කැපුවොත් කපන්න කියා බව දනිමි.නමුත් සැබවින්ම සාමාන්‍යය ආරක්ෂාව සමග පමණක් පැමිණි බව සියසින් දුටුවෙමි..
    අනෙක් කාරණය මෙකී බිලි පූජාවේදී මර්වින් සිල්වා බලපෑමක් නොවුනේනම්(උසාවි නියෝගය මත පමණක් ඔවුන් බිලි පූජාව අත හැර දමා තිබුනේනම්) ඊයේ සහ අද මර්වින් සිල්වාට විරැද්ධව කාලි කෝවිලේ දේව කණ්නලව් කිරීමට හෝ සාප කර පොල් ගැසීමට අවශ්‍ය වන්නේද නැත..

    අතීතයේ සිට මාධ්‍ය සංදර්ශණ පැවැත්වීම සෑම දේශපාලකයෙකුටම අමුත්තක් නොවන අතර,රනිල් වික්‍රමසිංහත්,මහින්ද රාජපක්ෂත්,සරත් පොන්සේකාත්,සෝම වංශ අමරසිහත් විවිධ මාධ්‍ය සංදර්ශණ දැම්මෝය,නමුත් මර්වින්ගේ සංදර්ශණය සංදර්ශණයක් ලෙසම සමාජ ගතවුයේ එය මර්වින්ගේ රග පෑමේ නොහැකියාවද අනෙක් අයගේ රගපෑමේ හැකියාවද කියා සෙවීමට මා වෙහෙස නොවෙමි..

    කිසිදාක මර්වින්ට ඡන්දයක් නෙදුන්නත්,ජීවිතේ පලමු වතාවට මුන්නේශරමදී මර්වින් සිල්වා දුටු මා මර්වින් වෙනුවෙන් මේ සටහන තබන්නේ මර්වින්ගේ සන්දර්ශණය නොවන්නට මුන්නේශරමේ සතුන්ගේ මස් මස්කඩ වල,හා අවට දර්ශණය වන බව හලාවත හා මුන්නේශරම් අවට බොහෝ දෙනා දන්නා කරැණක් බැවිණි.

    ReplyDelete
  5. මර්වින්ගෙ රගපැම මෙයාලා සිරියස් අරන්.... අනෙ ගොන් රොත්ත....මෙයා කුඩු/කප්පම් ගන්නකොට අහක බලාගෙන හිටපු ඊනියා ජතිකවදින් සත්තු බෙරා ගන්නකොට පුදුම අනුකම්පාවක්....අනෙ කමක් නැ සදු....සත්තු ටික බෙරුනා....කැලනියෙ කොවිලෙත් ඔහොම කරවිද දන්නෙ නැ....මෙයාට සල්ලි ගනින්න මැචින් එකක් තියෙනවා කියන්නෙ බොරුද කොහෙද....පින් කොරලා හොයන සල්ලිනෙ....අනෙ සාදු....ඔනම කුපඩි වැඩක් කරලා පස්සෙ මිඩියා සන්දර්ශනයක් පෙන්නුවම අපෙ ගොන් රොත්තෙ රැවටෙනෙවා....බලගෙන යනකොට කපුවට බයෙ නිතිය ක්‍රියත්ම කරන්න බැරි අන්ඩුවක් රට පලනය කරන්න සුදුසුද....

    ReplyDelete
  6. පෙරමුනෙ රාලටනම් පොඩි ශොට් එකක් තියෙනවා...නිතිය ක්‍රියත්ම කරන්න පොලිසිය ප්‍රමදයිලු.....කවුද දන්නෙ අරක්ශක ඇමති....කපුවෙකු මෙල්ල කරගන්න බැරිනම් එක සියබලා අන්ඩුවෙ පොලිසිය වෙන්න ඔන....අහා.....දැන් මට මතක් උනා...එක තමයි රොබට් අයියා කිවෙ දෙමල පොලිසියක් හදන්න කියා....සින්හල පොලිසිය ගමෙ කපුවනත් බය හින්දා.....

    ReplyDelete
  7. 1979 වසරේ ජුනි 24 වැනිදා කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ මත සත්ව බිලි පූජා තහනම් කර ඇති අතර 1980 වසරේ ජනවාරි 16 වැනිදා සිට මෙරට කිසිදු හේතුවක් මත බිලි පූජා සඳහා සතුන් මැරීම තහනම්ය

    ReplyDelete
  8. මේ කාර්යයට දායක වූ සියලු දෙනාටම ගොඩක් පින්
    නමුත් ඉතින් ඔය විදියට ප්‍රසිද්ධ කරලා ලොකු සද්ද දාන්න අවශ්‍යයි කියල මම හිතන්නේ නැහැ, මොකද අපිව අමාරුවේ දාන්න බලන් ඉන්න ලෝකේ සමහර අයට මේක හොඳ උත්ප්‍රේරකයක් වෙන්න පුළුවන්. අනිත් සත්තුත් මේ ලෝකෙට ඉපදුනේ අපි වගේම කියන එකත්, උන්ටත් අපිට තියන අයිතියම ලෝකයේ ජීවත් වෙන්න තියනවා කියන එකත් විශ්වාස කරන මිනිස්සු හොයාගන්න එක හරියට මුහුදට විසි කරපු ගල් කැටයක් මාළුවෙකුගේ ඇඟේ වදිනවා වගේ වැඩක්.

    සමහර රටවල් වල සහ දැන් ලංකාවේ ඉන්න අපේම ගොඩක් මිනිස්සු හිතන විදිය ඇතැම් වෙලාවට හීනෙන්වත් විශ්වාස කරන්න අමාරුයි, ඒ අයත් එක්ක කාලයක් ඉන්නකොට තමයි එක පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්, එකට ඉතින් අපිට මොකුත් කරන්න විදියක් නැනේ. අර බුදු හාමුදුරුවෝ කේශී කියන අශ්ව පුහුණුකරුවට කරපු ප්‍රකාශය මතක ඇතිනේ.

    ඒ නිසා හැමෝම තම තමන්ට මේ ලැබිලා තියන අතිශය දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න, ඉතිහාසය හදාරලා තියන සහෝදරවරු දන්නවා ඇතිනේ අපිට වූන කෙනෙහෙලිකම්, ඒවාට ඉතින් අපේම අයත් අඩු වැඩි විදියට දායක වුනා තමයි. නමුත් ලෝකයේ විශේෂයෙන් අපේ රටට අතිශයින් දුර්ලබ සාමකාමි කාලයක් තමයි දැන් ගත වෙන්නේ. ලෝකයෙත් දැන් යන විදියට මේ තත්වය ඉතා අවිනිශ්චිතයි.

    මම හිතනවා කියන්න හදපු දේ තේරුම් ගන්න අමාරු නැහැ කියලා…
    තෙරුවන් සරණි හැම දෙනාටම.

    ReplyDelete
  9. """
    මේ වීරයෝ රොත්ත "කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන....." කියලා මර්විං දෙයියා උස්සලා පෙන්නනකොට අපිට පේන්නෙ අමු හෙලුවැල්ලක්නෙ මර්තේලිස්.

    බිලිපූජා තහනං කොරල නීතියක් තියෙනවනං ඒක ක්‍රියාත්මක කොරන්ඩ පොලිසියක් තියෙනවනේ. හලාවතිං ඒක කොරන්නැත්තං පොලිස්පති ඉන්නවනේ. එයාටත් බැරිනං තව උඩට ගිහිං මහ රජතුමා වෙනකංම ඉන්නවනේ. ඒ කියන්නෙ මේක නීතියට පිටිං කුකුලෙක් කපන එක වත් නවත්තගන්ඩ බැරි හාල්පාරු ආන්ඩුවක් නෙමේද? ඒකටත් මදාවියෙක් ඕනෙ.
    """"

    ලස්සන යෙදුම හුරුල්ලා.

    සහතික ඇත්ත. මේ ගොල්ලෝ මර්වින් දෙයියා කියලා උස්සලා තියෙන කොට අපිටනම් පේන්නේ ලංකාවේ නීතියක් නැතිකම.

    ""
    එක එකාගෙ ගොං ආතල් අපිට වැඩක් නැත. ඒත් දුක හිතෙන එක දෙයක් ඇත.
    අනේ තොපේ ජාතික බලවේගෙට කුඩුකාරයො/බඩුකාරයො/මදාවියො/ඩොලර් පෙරේතයො/ලිංගික පර පීඩකයො/අවස්ථාවාදී හිස් ලවුඩුස්පීකර ඇරුනහම හරයක් තියෙන එක වීරයෙක් හොයාගන්ඩ බැරි හැටි අම්මපා..?
    ""
    ඒක තමයි අනිත් දුක හිතෙන තැන. ආසාවට එකෙක් නැනේ.

    ReplyDelete
  10. දැනට අවුරුදු 2-3 කට කලින් පිරබාහිරන් කියල එකෙක් මිනිස්සු මැරුවේ ඕන තරම් මේ රටේ.ඒක නිසා බිලිපූජා වලට සත්තු මැරුවට කමක්නෑ.ඔන්න ඔහේ කරබාගෙන ඉම්මු.මර්වියාට කාලි දේවාලේ පොල් ගහමු.තව ඔය බිලි පූජා වලට විරුද්ධ සේරටම පොල් ගහමු.

    ReplyDelete
  11. @ ජයශ්‍රී,

    මේ ටික කියවන්න. තේරෙන්නේ නැතිනම් කියන්න. සරල සිංහලෙන් පැහැදිලි කරතහැකි.

    """"
    වනචාරී ගෝත්‍රික ඇදහිල්ලක් වෙනුවෙං සත්තු මරන එක අසික්කිත වැඩකි.

    මිනිස්සු මරන එක ඊටත් වඩා අසික්කිත බව මුං නොදනී. 'මේ සිංහල අපගෙ රටයි' සහ 'උතුරු නැගෙනහිර දෙමල නිජ භූමියයි' කියන ගෝත්‍රික ඇදහිලි වෙනුවෙං රට පුරාමත් ජයටම පැවැත්වූ සිංහල දෙමල මුස්ලිම් බිලිපූජාව කෙල හලමිං වැලඳු මේ උගත් මහත්තුරු එලුවං සහ කුකලං වෙනුවෙං ගෑනි මලා වගේ විස්සෝප වෙයි. මුංට හරියන්නේම මර්විං වගේ එවුං මිසක් වෙන මොක්කුද?
    """

    ඔය ගොල්ලෝ වගේ බුද්ධියෙන් නැතුව හදවතින් තීරණ ගන්න,
    ජාතිය, ආගම කියපු ගමන් හැගීම්බර වෙන අය ඉන්නකන් මර්වින්ලට, රාළලට ඒගොල්ලන්ගේ ගේම් එක ගහන්න හරි ලේසියි :)

    ReplyDelete
  12. බලපල්ල මචන් , මේ කාලකන්නි මර්වියා මහා සහගහන අපරාදයක් කරල තියෙන්නෙ. දෙමළ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. මිනිස් බිලි පුජා දුන්නත් ඒක දෙමළ ජාතිකයින්ගේ අයිතිවාසිකමක්, ඒකට විරුද්ධව අපිට මුකුත් කියන්න බෑ.

    මෙන්න මේකත් බලන්න.

    http://www.tamilnet.tv/news/2011/1231355/mervyn-silva-commits-cultural-genocide%e2%84%a2-in-munneswaram/

    ReplyDelete
  13. උසාවිය නියෝග කරපු කුකුළෙක් මරණ එක නවත්තන්න බැරි ආණ්ඩුවක් ලෝකෙ හොඳම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කලා කියන එක පිළිගන්න පුඵවන්ද?. අනිවාර්යයෙන්ම යුද්ධෙ දිනුවෙ සීනිවුස් කාරයාගෙ අර භාවනා කාරයා කියපු විදියට නාථ දෙවියන් ගේමට එන්ටර් වුණ නිසා. නැත්නම් සරත් පොන්සෙකා තමයි ගේම දීල තියෙන්නෙ. ඒකනෙ මිනිහව හිරගෙට දාල තියෙන්නෙ. ඉතින් මෙහෙම ආණ්ඩුවක් එහෙම කළා කියද්දි විශ්වාස කරන එවුන්ගෙ ඔඵවල තියෙන්නෙ අශූචි වෙන්න ඕනි.

    ReplyDelete
  14. //ජීවිතේ පලමු වතාවට මුන්නේශරමදී මර්වින් සිල්වා දුටු මා මර්වින් වෙනුවෙන් මේ සටහන තබන්නේ මර්වින්ගේ සන්දර්ශණය නොවන්නට මුන්නේශරමේ සතුන්ගේ මස් මස්කඩ වල,හා අවට දර්ශණය වන බව හලාවත හා මුන්නේශරම් අවට බොහෝ දෙනා දන්නා කරැණක් බැවිණි. //
    ඉතිං බොස් ඔය උලව් බිලිපූජාව නොතිබ්බත් ඔය සත්තු කොහෙහරි කොක්කක එල්ලනවනේ....
    ඕන්නං නෙල්නා ාරයගෙ ෆාම් එකටත් මර්විං යවමු....

    ReplyDelete
  15. 72% ක් වන සිංහල බෞද්ධයො ඔක්කොම මස් කෑම නැවැත්තුවොත් සත්තු ලක්ෂ කීයකගෙ ජීවිත බේරෙනවද?

    ReplyDelete
  16. @ Last Ano,
    අමුතුවෙන් කියල මහ ලොකු ජීවිත ගානක් බේරෙන්නෙ නෑනෙ බොස්. මේක ඉල්ලුමට සැපයුම. කුකුල්ලු ගන්ඩකො. ඔක්කොම මස් කෑම නවත්තපු දාට හැචරි ටික වහල දායි. එතකොට ඔය අද හදන ලක්ෂ ගනන් 'කුකුල් ජීවිත' හැදෙන්නෙ නෑ නොවැ.

    ReplyDelete
  17. ෂෙහාන් ලොක්කගෙ අයිඩියා පාර නං මරේ මරු... ඔය ලොකු කුකුල් පාම් දෙක තුනකට මර්විං යැව්වනං තඩි අබයදානයක් දෙන්ඩ තිබ්බා හික්...හික්....

    ReplyDelete
  18. අතුරලියේ, ඕමල්පේ, එල්ලාවල ආදී චීවරධාරීන් කරලියෙන් අතුගෑවී ගොස් ඇත. චම්පක ලා, මට නම මතක නැති මිටි කණ්ණාඩිදාන හාදයා තමන්ගේ වරිගයාට පරම්පරා හතකට යුතුකම් ඉටු කරන්න බරටම වැඩය. නලියා ආසනික් විසවී පීචංවී ඇත. ඉතින් මේ රාළලා වීරයන් සොයන යුගයයි...

    ReplyDelete
  19. කෝ යකෝ ආසනික්?

    ReplyDelete
  20. @මාලන්,
    පරණ කතාවක් නැවත නැවතත් කීමට සිදුව ඇත.පිරබාහිරන්ගේ මිනි බිලි පූජාව සාමයෙන්, සාකච්වෙන් නතර කිරීමට(රජයන් කීපයක්ම) කීප වරක්ම උත්සහ කර ඒ සෑම අවස්ථෘවකම උන් විසින් රවටනු ලැබූ නිසායි රජයට යුද්ධයෙන් ම ඒ බිලි පූජාව නතර කරන්න සිදු වූයේ.එහෙම නොකර ක්ෂාන්තිවාදී තවුසාමෙන් සිටියා නම් අද වෙන තුරුත් මේ රට ලේ විලකි.
    'මේ සිංහල අපගෙ රටයි'කියමින් කිසිවෙකු යුද්ධ කළේ නැත.හමුදාව යුද්ධ කළේ සකල ලංකාවාසී සියල්ලන්ම වෙනුවෙනි.

    ReplyDelete
  21. \\\ මේක නීතියට පිටිං කුකුලෙක් කපන එක වත් නවත්තගන්ඩ බැරි හාල්පාරු ආන්ඩුවක් නෙමේද? ඒකටත් මදාවියෙක් ඕනෙ. \\\

    එළකිරි කතාව මචෝ!! :D :D

    ReplyDelete
  22. ජයශ්‍රී said...
    දැනට අවුරුදු 2-3 කට කලින් පිරබාහිරන් කියල එකෙක් මිනිස්සු මැරුවේ ඕන තරම් මේ රටේ.ඒක නිසා බිලිපූජා වලට සත්තු මැරුවට කමක්නෑ.ඔන්න ඔහේ කරබාගෙන ඉම්මු.මර්වියාට කාලි දේවාලේ පොල් ගහමු.තව ඔය බිලි පූජා වලට විරුද්ධ සේරටම පොල් ගහමු.
    ===

    මර්වියා මදාවි කම් කරනකොට සිරි ලංකා නිජහස් පක්සෙ මහලේකම් කිව්වෙත් දෙයියෝ බලාගනියි කියලනෙ..... හැක් හැක් හැක්

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.