Monday, August 29, 2011

විමල් චර පුරුෂයෙක් බව හෙළිවේ..... කෙල්ල ගෙට ගන්......!

වත්මන් රජයේ වග කිව යුතු අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශ මහතා වග කිව යුතු වැදගත් චරපුරුෂයෙකු බවද, ලංකාවේ ජනාධිපති වේදේහ රජතුමන් බවද අනාවරණය වී ඇත. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ විශිෂ්ට ශ්‍රී ලාංකික බුද්ධිමතෙකු, දේශපාලන විශ්ලේශකයෙකු මෙන්ම දැවැන්ත දේශප්‍රේමියෙකුද වන රංග ජයවර්ධන නම් මහතෙකු විසිනි. ෆේස් බුකියේදී අහම්බෙන් නෙත ගැටුන මෙම අනගි සොයා ගැනීම පසුදින උදෑසන වන විට විදේශ කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් නින්දිත ලෙස මකාදමා තිබුණි. අකාලයේ සැඟවී යා නොයුතු මෙම අනගි සොයාගැනීම සමස්ත ලාංකීය දේශප්‍රේමීන්ගේ පහන් සංවේගය පිණිස පහත දක්වා ඇත.

"Ranga Jayawardene >> කොළඹින් සිංහලයෙක්ව දිනවන එකත්, හම්බයින්ගේ ඡන්ද කඩන එකත් කරන්න ඕනෑ "අඩෝ පර හම්බයා , අපි තොට බය නෑ යකෝ, තොගෙ ඡන්දෙ දීපිය සිංහලයින්ට" කියල නෙමෙයි.
අපි කැමති වුනත් අකමැති වුනත් කොළඹ හම්බ ජනගහනය වැඩි වී ඇති නිසා උන්ට ලොකු ඡන්ද පදනමක් තිබෙනවා. ඒකට මෙතෙක් කල් කොළඹ නගරාධිපති බලතල තිබුන සහ එමගින්ම හම්බයින්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දුන් එක්සත් අවජාතික පක්ෂය වගකිව යුතුයි.

ඉතින් අපි කළ යුත්තේ අපේ පැත්තෙන් සිංහලයන් විතරක් දාලා සිංහල ජාති ප්‍රේමය පෙන්වලා ඡන්දෙ පරදින එක නෙමෙයි. කළ යුතු වෙන්නේ අපේ පැත්තෙනුත් හම්බයෙක්ව දලා, ඌට නගරාධිපති කම දෙනවා කියලා ඌවත්, ඌට ගොට්ට අල්ලන්න කැමති හම්බයින්වත් අන්දවලා, හම්බයින්ගේ ඡන්ද පදනම කැඩීමයි. හැකිනම් ඡන්දෙ වෙනුවෙන් හම්බයින් හම්බයින් මරා ගන්නා තැනට වැඩේ සැලැස්විය යුතුයි.

හම්බයින්ට දීගෙන ඉන්න එක්සත් අවජාතික පක්ෂයෙන් හම්බයෙක්ව නගරාධිපති ධූරයට යෝජනා කරගෙන තිබියදී, විමල් වීරවංශ මහතා විසින් මුසම්මිල් නම් හම්බයාව ඉදිරිපත් කරමින් කරන්නේ ඒ ආකාරයට හම්බ ඡන්ද පදනම කැඩීමයි.

එවිට බොහෝ දුරට සිංහලයෙක්ව නගරාධිපති කළ හැකි වේවි. ඉන් පසුව සිංහල නගරාධිපති විසින් කල යුතු මූලිකම කාර්යය වෙන්නේ කොළඹ නගරයේ සිටින අනවසර පදිංචි කරුවන්ව වාර්ගික බේධ නොසලකා නැවත ඔවුන්ගේ මුල් ගම් බිම් වලට යැවීමයි. මන්ද යත් එලෙස සිටින අනවසර පදිංචි කරුවන්ගෙන් 80% කට වඩා හම්බයින් සහ දෙමළ ජනතාවයි, කළින් සිටි හම්බ නගරාධිපති වරුන්ගේ කාලයේදී නගරාධිපති වරු විසින්ම නීතිවිරෝධීව පදිංචි කරගත් උදවිය.

මෙච්චර කාලයක් හම්බයින් සිංහලයින්ව ඇන්දුවා, දැන් අපිත් කල යුත්තේ උන්ව ඇන්දවීමයි. නැත්නම් සිංහලයින් සුළුතරය වෙනකම්ම උන්ට ඇන්දෙමින් ඉන්න සිදු වේවි. මේක සදාචාරාත්මකද කියල ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ, මේක සම්‍යක් ප්‍රයෝගයක් බවයි. සම්‍යක් ප්‍රයෝග වලින් පන්සිල් කැඩෙන්නේ නැත.

විමල් මීටත් වඩා හොඳින් කරන තව "දාම් ඇදිලි" තිබෙනවා. ඒ සියලුම දේවල් ප්‍රසිද්ධියේ කීමට නොහැකියි. මෙයත් යම් අවදානමක් දරමින් මෙලෙස ප්‍රසිද්ධියේ කීමට සිදු වුනේ තමන්ගේ ප්‍රතිරූපය සහ පක්ෂය පවා කැප කරමින් "සිංහලයෙක් යැයි කියා නොගෙන" සිංහලයින් වෙනුවෙන් යමක් කරන විමල්ට, දේශපාලනය ගැන ගැඹුරින් නොබලන උදවියගෙන් චෝදනා එල්ල වෙන නිසයි...

මෙහිදී සිහියට නැගෙන්නේ, උම්මග්ග ජාතකයේ දැක්වෙන පරිදි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මියුළු නුවර ආක්‍රමණය කිරීම වස් නුවර වටලා ඇති කල්හි, මහෞෂධ පණ්ඩිතයින්ගේ නියමයෙන් ආක්‍රමණික චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාව අතරට ගොස් මියුළු නුවර ගැන කට කතා පතුරවන වීරෝදාර චර පුරුෂයාගේ භූමිකාවයි. එහිදී සතුරු පිලේ විශ්වාසය දිනීම වස් එකී චරපුරුෂයා වේදේහ රජතුමාගේ උදහසට ලක් වූවෙක් බව පෙන්වීමට සිදු විය. ඒ සඳහා ඒ චරපුරුෂයා කලේ ස්ව කැමැත්තෙන් නාසයත් දෙකනත් කප්පවා ගැනීමයි. නමුත් එලෙස තම මෙහෙයුම වෙනුවෙන් ස්ව කැමැත්තෙන් රාජ වධයට ලක් වූ ඒ වීරෝදාර චර පුරුෂයාට, "කතාවේ හැටියටනම්" මියුළු නුවර ජනතාව විසින් පල් සොරා, බොරුකාරයා කියා බැනුම් අසන්නට සිදු වෙන්නට ඇත. (මියුළු නුවර බේරාගත් පසුව ඔහුට රාජ වරප්‍රසාද ලැබුනනා වුනත් ඔහුට තම රටේ ජනතාවගෙන්ද බැනුම් අසන්නට වෙන්නට ඇති බව අමතක කළ නොහැක)

මේ වෙන්නේ එහි වර්තමාන භූමිකාවයි. වේදේහ රජතුමානමාගේ භූමිකාව අද රඟපාන්නේ මහින්ද රාජපක්ෂ යැයි කිව්වාට උම්මග්ග ජාතකය කියවා ඇති විපක්ෂයේ උදවිය වුවත් අමනාප නොවේවි ;-) එසේම මිහුළු නුවරවාසී චරපුරුෂයාගේ භූමිකාව කරන්නේ ලාංකීය දේශපාලන පොර පිටියේ දේශප්‍රේමීන්ගෙන්ද, දේශද්‍රෝහීන්ගෙන්ද අපමණක් අපහාස ලබමින් රට වෙනුවෙන් තම මෙහෙයුම කරන විමල් වීරවංශ බවත් සැක නැත. නමුත් අවාසනාවක තරම, මහෞෂධ පණ්ඩිතයින්ගේ භූමිකාව කිරීමට සමත් ජගතෙක් ලංකවේ තවමත් පහළ වී නොමැත. එවැන්නෙක් සිටියානම් අද ලංකාව මෙලෙස පසුගාමීව සිටින්නේත් නැත....

විමල් ගැන හරියට නොදැන ඔහුව ද්වේශසහගතව විවේචනය කරන උදවිය ගේ දැනගැනීම උදෙසා ලිව්වෙමි.
...මෙය හම්බයින්ට නෙත ගැටීමට දෙන්න එපා...

(උපුටා ගැනීම -  'ජාතිකත්වය'  http://www.facebook.com/groups/slpolitics/#!/groups/jaathikathwaya/ )

රංග ජයවර්ධන මැතිඳුන්ගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය හම්බාවන් නම් සත්වයින්ගේ ඇස ගැටීමට නොදෙන මෙන් ඉල්ලමි.

(පාඨක ලිපියකි)

10 comments:

  1. හැක්...හැක්...හැක්...
    මටත් හොයාගන්ඩ බැරුව හිටියේ මුගේ කෑලි අඩුවුනේ කොහොමද කියලා

    ReplyDelete
  2. mara buddhimathek oooi...

    ReplyDelete
  3. ඉතිං මේ කතා ඇත්තනෙ යකෝ. හම්බයන්ට කඩේ යන අවජාතකයො...

    ReplyDelete
  4. සාදු සාදු සාදු..!

    මෙවන් බුද්ධිමතුන් පහළ වීම අප ජාතියේ පිනක් නොවන්නේද?

    ReplyDelete
  5. Ranga Jayawardene kiyanne J R ge munupurekda? me wage pisso ona tharam FB eke innawa.

    ReplyDelete
  6. HAMBAWA kiyanne mokada banz?

    ReplyDelete
  7. මාර සිම්පල් ප්ලෑන්නෙ තියෙන්නෙ. ඔය සිද්දවෙන දේවල් වලින් ප්ලෑන් ටික හදාගන්ඩ ඔය මහත්තය සැහෙන්ඩ මහන්සි වෙලා

    ReplyDelete
  8. ඒක නොවෙයි දැන් කළක ඉදන් මේකේ "ආසනික්" නැහැනේ

    "ආසනික් ගැනම කතා කරන ලෝකයේ එකම බ්ලොග් අඩවිය..."

    ReplyDelete
  9. අනේ _කේ කිව්වලු , ආසනික් හොඳයි තව මේ වගේ ජාති වාදීන්ට වඩා

    ReplyDelete
  10. Ranga Arsanic Kala dan okkareta enawa.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.