Thursday, September 22, 2011

නිවසේදීම අමෘතය සාදා ගන්න (දේව රසායන විද්‍යාව)

මෙය නලින්ද සිල්වා මහැඳුරුතුමා විසින් ස්වකීය ශ්‍රාවක පින්වතුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා පසුගිය කාලයේදී කරන ලද දේශනයකි. ආසනික් ලෝලී ඔබ සැමගේද පහන් සංවේගය තකා එම දේශනයෙන් උපුටාගත් කොටසක් මෙහි පළ කෙරේ. මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න.

"මේ මිහි මත පමණෙක් නොව, සදෙව් ලොව පුරාද පැතිර පවත්නා මහා දිව්‍ය ලෝකයේ විරාජමාන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ස්වකීය සුඛ විහරණය පතා පරිහරණය කෙරෙන රසායන විද්‍යාව 'දේව රසායන විද්‍යාව' නමින් හැඳින්වෙන්නේය. මෙය බටහිර ඇංකරයන්ගේ ඊනියා ටෙලස්කෝප් වලට ගෝචර නොවන මහත් ආශ්චර්යමත් දැනුම් පූංජයකි. එවන් මහාර්ඝ දැනුමක් මා පසුපස්සේ ගාටන බුද්ධි විහීන තොපට ගෝචර නොවන්නක් වුවද, තොපගේ ශංකා දුරුකරවනු වස් ඉන් එක් උදාහරණයක් පමණෙක් පහත දක්වමි.

මේ මිහිමත මතු නොව දිව්‍ය ලෝකයන්හිද වරින් වර මහත් නියඟ හටගන්නේය. එයින් අමෘතය ලබාදෙන ළිං සිඳී ගොස් දේව ගණයා මහත් පිපාසයෙන් පීඩාවට පත්වන කල්හී උහු තම දේව රසායන විද්‍යාවට අනුනුකූලව අමෘතය නිපදවාගන්නේ කෙසේද යත්,

පළමුකොටම ඇවැසි වන්නේ සුක්රෝස් නමැති දුලබ රසායනිකයයි. මෙය සොයා සදෙව්ලොව පීරා යන දිව්‍ය පුත්‍රයෝ සුක්රෝසයන් ගන්ධයෙන් හඳුනා ගැනීමට පවා සමර්ථයෝ වන්නාහ. උහු තාල වර්ගාදී වෘක්ෂ රාජයන්ගේ ප්ලෝයම තරලයන් සහ විවිධ ශර්කරාදීන් යනාදී සුක්රෝස් සංයෝගයන් ඒකරාශී කරන්නේ, නන්දන උයන් තෙර අශෝක වදුළු මධ්‍යයෙහි විල්ලුද පළස් මත නගාලූ ස්වර්ණාලේපිත බුජම් පුරවති.

අනතුරුව වාතයේ පවත්නා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නමැති ඊනියා පරමාණු අල්වා එකට ගටා ජලය නිමවන්නේය. එකී ඊනියා ජලය යටකී සුක්රෝසයන් මත මනාසේ වගුරුවන්නේ, රන් බුජම් තුළ සුක්රෝසයන් ඊනියා සුක්රෝස් තරළයක් බවට පත්වන්නේය. අනතුරුව ඇවැසිවන්නේ සැකරොමයිසීසයන් නමැති අරුපාවචර යීස්ට ජීවීන් විශේෂයකි. ගිජ්ජකූට පර්වත මස්තකයේ රත් හිරිගල්තලාවන්හි පන්දු කෙළිමින් සිටිනා මෙම පින්වත් යීස්ට සමූහයෝ  දේවතාරාධනයෙන් එසැණ පහළවන්නේ, යටකී සුක්රෝස තරළයන් තුළ වදිති. අනතුරුව දිව්‍ය පුත්‍රයන් විසින් මහාර්ඝ කැටයමින් යුතු වසුනින් අවුරන එකී බුජම් තුළ වන් පින්වත් යීස්ටයෝ, එකී තරළයෙහි නිමග්න විෂම පරමාණුවෝ අල්වා රන් හුයෙන් බැඳ අමෘත සංයෝගාදිය නිපදවන්නෝය.

මෙකී අමෘත රසායනිකය බල ගැන්වෙනු වස් ආත්ම සාරය නමැති ශක්ති බන්ධන ඇවැසි බැව් දත යුතුය. මෙපවත් දන්නා දෙව්ලෝ ගර්භාන්තරයේ වසන මූසික, මෂ්ඨක, උරගාදී පින්වත් සත්වයෝ දෙවියන් කෙරෙහි වන මහත් සැදැහැයෙන් යුතුව බුජමට බසින්නේ, සිය ආත්ම සාරය අමෘත සංයෝග හා මුසු කරන්නේය.

මෙලෙස එකුන් සැට පැය ඉක්මවන කල්හී බුජම සොඳින් පැසී රන්වන් කිරණ විහිදුවන්නට වන්නේය. එපවත් දක්නා දේව පුත්‍රයෝ එකී බුජම මහත් සැදැහැයෙන් රත් හිරියල් ත්‍රිත්වයක් මත නගා සිටුවා රත් සඳුන්, සුදු සඳුන් ඈ මහාර්ඝ දැව රැස්කොට තබා සිය චිත්ත ශක්තියෙන් ගිනි අවුළුවන්නෝය. අනතුරුව ගින්නෙන් පැලැහී යන රන් බුජම තුළින් පැන නගින  නෙක ප්‍රමාණ බුබුළු පැලී මුක්ත වන්නාවූ අමෘත වාෂ්පය, තඹ පරමාණූ රැස්කොට තළා නිමවන ලද සියුම් නාලමය සර්පිලයක් තුලට වන්නේ, ඝණීඝවනයට පත්වැ අනෙක් කෙළවරෙන් බි‍ඳෙන් බිඳ වැගිරෙන්නට වන්නේය.

මෙසේ  සර්පිලයෙන් වැගිරෙන සාන්ද්‍ර අමෘතය ඉතා සැර බැව් දත යුතුය. මෙය ජලය එකට සතරක් වන පරිදි මැනැවින් තනුක කල යුත්තේය. මෙසේ තනුක කල අමෘතය රන් ඔඩම් තුළ බහා බි‍ඳෙන් බිඳ පානය කරන කල්හී අමුතුම ජීවයකින් දේව ශරීරයන් උද්දීපනය වන්නේය. අමෘතයෙන් සංතර්පණයට පත්වන්නාවූ දේව සමූහයා ඉමහත් චිත්ත ප්‍රීතියෙන් කෙළි කවට කෙළින්නේ සදෙව් ලොවම එකම  උත්සවශ්‍රීයකින් ඇළලී යන්නේය. මෙවන් තේජස් සහිත අමෘතය පවා නිපදවීමට සුරුකම් දක්වන දේව රසායන විද්‍යාවට පාංශු බිඳක වන් ආසනික් සුඟක් සෙවීම මහත් වූ කජ්ජක් වේද? "

Sunday, September 18, 2011

පෙරමුණේ රාලලාගේ අභයදාන චූන් එක

පෙරමුණේ රාලට ලඟකදී පට්ට චූං එකක් ගොස් ඇත. ඒ සිංහල අවයාජ දේසප්‍රේමීන්ට මෙතෙක්කල් ඇනෙමිං තිබූ කටු කොහිල ගාලක් ක්ලියර් වීම නිසාය. කොහිල ගාල මර්විංය. මූ කරපු තරමක් කොලේ පට්ට පජාත කුප්පීදු වැඩය. උගෙ චරිතෙත් එහෙමය. බිස්නසුත් එහෙමය. උගෙ වටේ ඉන්න උං ඌටත් හපංය. ලොකුම හෙනේ මූ ආන්ඩුවේ ලොකු කකුලකි. හුරුල්ලා දන්න විදිහට නං 'අපිට රෙද්දක් ඇඳං පාරෙ යන්ඩ මූව එලෝලා දාන සේක්වා රජාණෙනි' කියල මුං ටෙලිග්‍රෑං බර තොගයක් රජ වාසලටද යවා ඇත. ඒත් මුගෙ මයිල් ගහක්වත් හෙල්ලෙන්නේද නැත. කුඩු හිංදා බොන්ඩත් බැරිය. ආන්ඩුව හිංදා අහක දාන්ඩත් බැරිය.

ඔයිං මෙයිං බිලිපූජා සීසන් එකත් ආවේය. ඒකත් හෙන ගේමකි. මේ බිලිපූජා තියන්නේ නලලේ අළු ගාගත් පෙරමුණේරාලලාම සෙට් එකකි. විරුද්ද වෙන්නෙ අළු නැති රාලලාය. හුරුල්ලා නං හිතන්නේ රාළලා කාලිට බය නැත්තේ නාථ ඉන්න හිංදා කියලාය. මෙදාපාර මේ කාළියි නාථයි කේස් එකට අලුතෙං එන්ටර් වෙන්නේ දෙවොල් දෙවියා හෙවත් මර්විංය.

"සතුන්ව මරා දැමීමට තව තිබුනේ පැයක් වැනි කාලයකි. හදිසියේ එතනට අමුත්තෙක් පැමිණියේය, සත්ව ඝාතනය තාවකාලිකව නැවැත්වීමට ඉල්ලූ SSP වරයාට පවා සද්ද බද්ද දැමූ මුන්නේෂ්වරම් පූසාරියාට, එම අමුත්තා දු‍ටු විට සුළු දිය පහ නොවුනේ යන්තමිනි.

ඇමතිතුමා පැමිණ ” සත්තු කපන එක නවත්වන්න මම ආවෙ. අද සත්තු කපන්නෙ නෑ ” ආදී ලෙස කියද්දී පූසාරියාගේ දිව ගොත ගැසුනා මිස වචනයක් වත් පිට වුනේ නැත. එතනින්ම අසරණ සතුන් දහස් ගණනකගේ දිවි ‍රැකුනි"
මනහර වැනුමක් මැ නොවේද?

පෙරමුණේ රාල ගුබ්බෑයමට "මර්වින් සිල්වාගේ අභය දානය සහ ඊනියා මානුෂිකවාදීන්™ ගේ කුහකත්වය" නමැති කොමඩිය ලියන මර්තේලිස්  නමැති බුද්දිමතා මේකෙං කොච්චර චූං වෙලාද කිව්වොත් එයාට අනුව මේක උත්කෘස්ට "අභයදානයකි". අනේ ෂෝක්ය. දැං ඉතිං මර්විං දෙයියා දැවැංත එළු කුකුල් සරණාගත කඳවුරක් සාදා මේ සත්තු මැරෙනකං ආදරෙං කවාපොවා රැකබලා ගන්නවා ඇතිය. මේ පේන්නේ දේසප්‍රෙමී ලපටි මොලගෙඩිවල සයිස් එකයි.

වනචාරී ගෝත්‍රික ඇදහිල්ලක් වෙනුවෙං සත්තු මරන එක අසික්කිත වැඩකි. මිනිස්සු මරන එක ඊටත් වඩා අසික්කිත බව මුං නොදනී. 'මේ සිංහල අපගෙ රටයි' සහ 'උතුරු නැගෙනහිර දෙමල නිජ භූමියයි'  කියන ගෝත්‍රික ඇදහිලි වෙනුවෙං  රට පුරාමත් ජයටම පැවැත්වූ සිංහල දෙමල මුස්ලිම් බිලිපූජාව කෙල හලමිං වැලඳු මේ උගත් මහත්තුරු එලුවං සහ කුකලං වෙනුවෙං ගෑනි මලා වගේ විස්සෝප වෙයි. මුංට හරියන්නේම මර්විං වගේ එවුං මිසක් වෙන මොක්කුද?

මේ වීරයෝ රොත්ත "කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන....." කියලා මර්විං දෙයියා උස්සලා පෙන්නනකොට අපිට පේන්නෙ අමු හෙලුවැල්ලක්නෙ මර්තේලිස්. බිලිපූජා තහනං කොරල නීතියක් තියෙනවනං ඒක ක්‍රියාත්මක කොරන්ඩ පොලිසියක් තියෙනවනේ. හලාවතිං ඒක කොරන්නැත්තං පොලිස්පති ඉන්නවනේ. එයාටත් බැරිනං තව උඩට ගිහිං මහ රජතුමා වෙනකංම ඉන්නවනේ. ඒ කියන්නෙ මේක නීතියට පිටිං කුකුලෙක් කපන එක වත් නවත්තගන්ඩ බැරි හාල්පාරු ආන්ඩුවක් නෙමේද? ඒකටත් මදාවියෙක් ඕනෙ.

කොහොමිං කොහොමිං හරි ආන්ඩුව කියන පල්වලේ සරුවට හැදිල තිබුන මර්විං කියන කටු කොහිල ගාල එක රැයිං සුද්ද කොරගත්තු එකට නං රාලට බඩඑලිය ගියා වගේ සනීපයක් දැනෙනවා ඇති. තුට්ටු දෙකේ මදාවියංගෙ ගොංපාට් ඇක්ටිං වලට මෙහෙමත් චූං එකක්...?

"මර්වින් යනු බොහෝ උදවිය හරියට හඳුනාගත් චරිතයක් නොවේ. මැරයෙක් ලෙස පෙන්වමින් ඔහු කරන්නේ පොලීසියට පවා ලෙහෙසියෙන් පාලනය කළ නොහැකි දාමරිකයින්ව (ලොව දක්ෂතම ත්‍රස්ත විමර්ශන ජාලයක් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ලොව බිහිසුනුම පාතාලයක් තිබේනම් ලංකාව ගැන කුමන කතාද?) පාලනය කිරීමට සුදුසු ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමේ රඟපෑමක් බව දන්නෝ දනිති. කෘතිමව ගොඩ නගා ගත් මැර ප්‍රතිරූපය නොතිබෙන්නට පූසාරීන්ගේ මන්න පහරවල් වලින් මර්වින් සහ ඔහුගේ ආරක්ෂකයින්ව එදා මුන්නේෂ්වරම් දේවාලය ඉදිරිපිටදී කීතු කීතු වනු ඇත."

එක එකාගෙ ගොං ආතල් අපිට වැඩක් නැත. ඒත් දුක හිතෙන එක දෙයක් ඇත.
අනේ තොපේ ජාතික බලවේගෙට කුඩුකාරයො/බඩුකාරයො/මදාවියො/ඩොලර් පෙරේතයො/ලිංගික පර පීඩකයො/අවස්ථාවාදී හිස් ලවුඩුස්පීකර ඇරුනහම හරයක් තියෙන එක වීරයෙක් හොයාගන්ඩ බැරි හැටි අම්මපා..?

ඊළඟ බිලිපුජාව නවත්තන්ඩ සිල්වා මහත්තයා යවමු. එතකොට ග්‍රවුන්ඩ් ක්ලියර්...........

Tuesday, September 6, 2011

සියලුම දෙමළුන් සිහළුන් කරමුද? - සරල විසදුමක් - මහදැන මුත්තා විග්‍රහ කරයි

මගේ අතථ්‍ය මිතුරෙකු පහත සංවාදය මා වෙත එවා තිබුණි.

------------------------------------------------------------------------------------------
A : මෙන්න නලින්ද සිල්වා කියපුවා ඇත්ත වෙනවා
‘පිල්ලෙයාන්’ ආදිවාසිවායෙක්ලූ, උප්පැන්නය වෙනස් කිරීමටත් යයි | ලංකා සයිබර් නිවුස්

මහ දැනමුත්තා: 

හැබැයි මේක යහපත් දෙයක්, මින් පෙනෙන්නේ දෙමළ අය සිංහල ජාතිය තුළට අන්තර්ග්‍රහණය වීමට යන බවයි.

අපිට අවශ්‍ය දෙමළ අය කොන් කර තබා ගැනීම හෝ ඔවුන් සමග ඊනියා සහජීවනයක් කියමින් ජාතිවාදය තව ශතක ගණනක් දක්වා පවත්වා ගැනීම නොව ඔවුනුත් අපේ උදවිය යැයි කීමයි.

ඉතින් ඒ සඳහා කෙළින්ම සිංහලයින් වීමට නොහැකි නිසා පළමුව වැදි ජනතාව බවට පත් වී පසුව සිංහලයින් හා මිශ්‍ර වේවි. වැදි ජනතාව යනුත් සිංහල ජාතියේම කොටසක්....
13 hours ago · 6 people like this
 
 
B: mun e aakaarayen hari demala jaathiya kiyana ekey demala nija bhoomiya kiyana ekey mithyaava therun gannavanam loku deyak..
moo aththatama mehema kiyala thiyenava nam eka sinhalayange loku jayaggrahanayak. mokada karunath meeta kalin kiyala thibuna nagenahirata idam haa polis balathala avashya na kiyala... ekath apita vatinava...
 
K: මහ දැනමුත්තා ...නම වෙනස් කළ පමණින් ඔහු සිoහල ජාතියට එක්වෙය් කියල හිතන්ඩ පුළුවන්ද ? ...එයාව හoවඩු ගහන්නෙ නැතිවෙයිද ජාතිද්‍රෝහියෙක් කියල ..එතකොට එයාට දෙමළ ජනතාව අතරෙ ජනප්‍රසාදය අඩුවෙනව නේද ?...ඔයා කියන විදියට කටයුතු සිදුවුණොත් හුඟක් හොඳයි.
11 hours ago · 1 person likes this.
 
මහ දැනමුත්තා: බව දන්න නිස තමයි ඔහු පළමුව වැදි ගෝත්‍රිකයෙක් ලෙස උප්පැන්නය වෙනස් කරගන්නේ. පිල්ලෙයාන්ට කෙළින්ම සිංහලයෙක් නොවී වැද්දෙක් වෙන්න සිදු වුනේ අපේම සමහරුන්ගේ වැරදි නිසයි.

අපේ බහුතරයක් සිංහලයින්, සිංහල කියනෙනේ අතිතයේ සිටම විවිධ ගෝත්‍රයන් එක් වීමෙන් සෑදුන පුළුල් ජාතියක් කියල නොදැන, සිංහල යනු ශුද්ධ ලේ ඇති පරම්පරාවක් කියල හිතාගෙන, දෙමළුන්ට සිංහලයින් බවට පත් විය නොහැකියි කියල සිතන මානසිකත්වයකින් සිටින නිසයි දෙමළ අය සිංහලයින් බවට පත් නොවී සිටින්නේ. ඒත් අතීතයේ සිට ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ අන්‍ය ජනවර්ග අවසානයේදී සිංහල නම් ජාතිය සමග එක් වුනා. අපි කළ යුත්තේ, වර්තමාන දෙමළ ජනයාටත් සිංහලයින් බවට පත් වීමට අවස්ථාව ලබා දීමයි.

සිංහල බෞද්ධ අපිට ගෝත්‍රිකයින් කියල චෝදනා කරන පශ්චාත් නූතනවාදීන්ම තමයි ගෝත්‍රික මානසිකත්වයකින් සිටින්නේ. ඔවුන් තමයි පිල්ලියාන්ට ජාතිද්‍රෝහියා කියල චෝදනා කරන්නේ. මමනම් බෞද්ධයෙක් ලෙස, කරුණා, කේපී, පිල්ලෙයාන් ඇතුළු ඔවුන්ගේ ගෝලබාලයින් විතරක් නොව දැනට සිටින කොටි නායක රුද්‍රකුමාරන් ඇතුළු පිරිස වුනත් තම පරණ තරහ අමතක කරලා සිංහලයින් සමග එකට සිටිනවානම් එනම් සිංහලයින් බවට පත් වෙනවානම් කැමතියි.
ජනවර්ගයක් සහ ජාතියක් අතර සහජීවනයක් කිසි දා ඇති නොවේ, ලෝක ඉතිහාසයේ කවදාවත් එවැන්නක් ඇති වෙලාත් නැත. එහිදී වෙන්නේ එක්කෝ ජනවර්ගය විසින් ජාතියම ආක්‍රමණය කර විනාශ කර දැමීම හෝ එම ජන වර්ගය මහා ප්‍රවාහයට එක් වීමයි....
11 hours ago · 3 people like this.
K: ඔව් ..ආර්යයනුත් කළේ ඕකනෙ ..සoක්‍රමණය වෙලා සිoහල ජාතියට එකතු වුණා
මහ දැනමුත්තා: ආර්යයන්ගේ එක් වීමත් සමග තමයි සිංහල ජාතිය බිහි වුනේ, ඊට පෙර සිටියේ වෙන් වෙන්ව බෙදී පැවතුන ගෝත්‍ර රාජධානි..
K: එතන අපේ මතවල බෙදීමක් තියෙනවනෙ :)
V: Aට ලූස්
------------------------------------------------------------------------------------------
මගේ මිතුරා ඊමේල් පණිවිඩයේ අගට මෙසේ එක් කර තිබුණි
"මචන් මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා මටනම් හිතාගන්න බෑ"
මටත් එම සංවාදය කියව අවසනායට හිතුනේද මගේ මිතුරාට හිතුනු දෙයමය,

"මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ"
ප.ලි: අදත් ආසනික් නැත


Friday, September 2, 2011

පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝතෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
බඳිනවදෝ කිරිපුස්සා

[රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුනයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
බඳිනවදෝ අපෙ පැඟිරා

[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]//

මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
බිම් හෙව්වා නොවැ රාළේ

කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ


'රාළේ! රාළේ!!'

මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ


[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]///
අපෙ පැඟිරා..කිරිපුස්සා///



නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව(පරාක්‍රම නිරිඇල්ල)
ගායනය - එඩ්වඩ් ජයකොඩි / ජයශ්‍රී චන්ද්‍රජිත්

සින්දුව බාගත කර ගන්න සහ වේදිකා නාට්‍ය ගීත අහන්න "නූර්ති සහ වේදිකා නාට්‍ය ගී"

එකතු කළේ - මාලන් S