Thursday, October 20, 2011

[දුමින්ද] පුන්චි පුතා මගේ ඉස්කෝළේ යන මුල්ම දවස අද වේ...

දුමින්ද බබා මේ ලොව එළිය දකින්නේ භාරත අන්කල් මේ ලොව හැරගිය දිනයේමය. දුම්න්ද බබා මෙලොව එළිය දකින මොහොතේ යකෙකුටවත් බය නැති, රජ්‍යසේවයේ විශ්ෂ්ටතම නිළධාරියා වන ගෝඨාබය සීයා ඇද එහා පැත්තේ සිටියේය. සකළ ලංකාවාසී සියළුම ජහමන තොත්ත බබාලාත් දුමින්ද බබාගේ උපත ගැන සන්තෝශයට පත්වූවෝය.

පසු කළෙක අංගුලීමාල වුනු අහින්සක කුමරා ඉපදුනු දිනයේ මුළු ලිබියාවේම අසිපත් ලෙල දුන්නාක් මෙන්, දුමින්ද බබා ඉපදුනු දිනයේ මුළු ලන්කාවේම පොල් කුඩු හිඟයක් අතිවිය. දුබුරු සීනි [බ්‍රවුන් ශුගර්] වෙළෙන්දෝ ගම් නඟර හැරදා ගියේ දුමින්ද බබාගේ පින් බලයෙනි. සීනී නැතිව තේ බොන්නට නොහැකි තේ පාරීබෝගිකයෝ සීනී සොයා ගම්බුම් වනසන බවද විමසුම ගෙන එන ලේ කෝප කරවන මහින්ද අබේසුන්දර කේවට්ට සීයා කට දල්වා උඩ බලන කල වර්චස් පිඬක් කටට වැටී දැන් ගල උඩ පැහරූ බලළා මෙන් බලා සිටී. එහෙත් වාසනාවට රැවුල වැවෙන්නේ නැති රනිලම් අය්යා සිටින කම් එයාට ප්‍රශ්නයක් නැත.

දුමින්ද බබා හරි හුරතල් රෝස කැලෙන් ඇහින්ද කොලූ පැට්ටෙකු බවත් රැකියාවේදී රුපියල් සීයක් පගාව ගන්නා, හවසට දෙකක් දාගන්නා, බස් රථයේ ඉබ්බා ගසනා ජහමන තොත්ත බාබාලා කළු කැත කොට චීනුන් වැනියැයි ප්‍රවීණ සමාජ විශ්ලේෂක, හොරෙන් හොරෙන් කොටින්ට කඩේ ගියත් අපි නොදන්න ලයිව් [බුද්ධිමත්] ජයශ්‍රියට අහුවෙන ගම්පහ සිටිය යුතු කොල්ලෙක් වන, අපේ චාමී මාමා සන්තෝශ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

අනේ සාදුය..!

දුමින්ද බබාගේ ඓශ්චර්යමත් උපත සිදුවූ දිනයට පසු දිනම ජපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය මෛතීරි සීයා විසින් ගෙදර යවන ලදි. දුමින්ද බබාගේ නෑදෑ හිතවතුන් ජපුර රෝහල වට කරමින් ආරක්ශාව සැපයූවේ ජැක්සොන් සීයාගේ පඬු අබා [ඔබ අප දන්නා පණ්ඩුකාභය කුමරා නොවේ, දෙවැනි කොටස බලන්න කෙට්ටු කොල්ලා මහත් වෙනකම් ඉන්න] රැක ගත් ගම්භුක භුත්තා සහ දොරමඬලාවේ නත්තල් සීයා මෙනි.

කෙසේ හෝ වේවා පසුගිය දිනක දුම්න්ද බබාගේ රන්කිරි කටගෑමේ නැකත් [මෙතෙක් කල් මව්කිරි වලින් යැපුනු බබු පැට්ටාට ඝන ආහාර ලබාදීමේ නැකත] උදාවී තිබුණි. මේ නිසාම මීගමුවේ ලන්සා අන්කල්ගේ ගෙදර පොඩි උත්සවයක්ද සංවීධානය කර තිබුණි. මහින්ද අපේ ලොකු සීයා මැරවින් මුත්තා සමඟ තකහනියක් වැඩ රාජකාරී පසෙකලා එහි ගියේය.

ඇන්කර් ප්ලස් සමඟ සමපෝශ කන නිසා වේගෙන් වැඩෙන අපේ දුමින්ද කොළු පැටියාගේ අකුරු කියවන නැකතද උදාවී තිබුණි. නැකත හොඳයි කීය පියා, මව ඉන් ඉදිරියට ගොසින් කොළු පැට්ටාට අකුරු කියවන්නැයි මූණපුරා රැවුල වවා ගත් බිබිලි නගන බෙලිකටු රඹුක්වැල්ල මුත්තාට ආරාධනා කළාය. කැප්ටන් හැඩොක් මුත්තා කොල්ලෝ මේ අයන්න යැයි කියා කොළුවාට "අ" යන්න ලියා පෙන්වීය. කොල්ලා කොළය අතට ගෙන එක පාරින්ම අකුරු ලියාගෙන ලියාගෙන් ගියේය. මේ එන පොට හොඳ නැතිබව දුටු බඩ ලොකු [හිටපු] ජනමාධ්‍යවේදී ඩලස් මාමා කොළය උදුරා ගත්තේය.

එහි "" යන්න "ම්" යන්න සහ "" යන්න ලියවී තුබුණි. ඉතිරි අකුර "" යන්න බව සහජ ඉවෙන් දැනගත් ඩලස් පුන්චී මාම "හොඳ කොල්ලා" යැයි පවසා හොරෙන්ම කොළය නවා සාක්කුවේ දමා ගත්තේ ලොකු සීයාටත් පොඩි සීයටත් කොල්ලගේ හපන්කම් පෙන්වන්නටය.

බබා මේ යන වේගෙට තව නොබෝ දිනකින් දණගානූ ඇත.
"තොටිළි වැටෙන් පනින පුතා, වෙන වැටවලුත් කඩනු ඇතේ"

"වැටි වැටි ඇවිදින මගේ පුන්චි පුතා හැංගුනාදෝ?
ඔන්න මන් අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ?"

දාණගාන පුතු පැටියා ඉතා ඉක්මනින් ඉස්කෝලේද යනු ඇත. පොත් පෙරලනු ඇත. කොලු පැට්ටාගේ ලොකු සීයාද පොඩී සියාද මනෙල් බාප්පාද සන්තෝසෙන් රැවුල කරකවමින් සිටිනු ඇත.

මේ අතරේ කේන්තියෙන් මැරෙන්න හදන කැමරාවක් දුටු පමණ පියාබන්න හදන අවුට් ඔෆ් ෆැශන් ඇස්.ඇෆ් මී මුත්තා පරලොව ගොස් සිටිනු ඇත [ලබන 18 වැනිදායින් පසුව]. කාල් මාර්ක්ස්ගේ රැවුල බෙදා ගැනීමට දඟලන අපේ රැවුල් මාමලා කොළය ඉරාගෙන සිටිනු ඇත.

ජහ මන තොත්ත බබලා කොස්කොළ කමින් යළි වමාරමින් යළි කමින් ආතල් එකේ සිටිනු ඇත.

ඒ වගත් එසේමය.

දුමින්ද පුතු පැටියාට සුබ අනාගතයක්ට ආසිරි ගෙන එන්නේ

හිතාදර,

චිම්පන්සී මාමා.

11 comments:

  1. එකෙන්ම පට්ටයි.....කොහෙන්ද අප්පා මෙච්චර නිර්මානශිලී අදහස් එන්නේ.....සුපිරි..

    ReplyDelete
  2. ආසනික් වෙනුවෙන්ම වෙන්වූ ලොව එකම බ්ලොග් අඩවිය -මෙන්න මේකේ නම වෙනස් කරපං බං දැන්වත්.

    අපි නොදන්න ආසනික්!

    ReplyDelete
  3. මුන් ගැන ලියන්න එපා බං ඇඟේ ලේ කෝප වෙනව. අද ලිබියාවෙ වුනු දේ අපේ රටෙත් සිද්ධ වෙනවා නං ඉක්මණට. මේ හොරු රොත්ත මක බෑවෙලා යන්න. අනේ අම්මපා කොටියාවත් හිටියා නං.

    ReplyDelete
  4. මක්කටෙයි ජය ශ්‍රී සෑර් නම වෙනස් කොරන්නෙ? මේ සිද්දවෙන හුට්ටප්පර ඔක්කොම ආසනික් තමයි. සුදට තිබ්බ හාල්ඔල ආසනික් තියෙනව කියල නාත දෙයියො ඔප්පු කෙරුව.
    සුදට තිබ්බ ආන්ඩුවේ කුඩු තියෙනව කියල දුමී දෙයියො ඔප්පු කෙරුවා.
    ආසනික් ඔලිං ගත්තු ඉස්ටාර්ට් එක තමයි සෑර් මේ ගජරාමෙට දුවන්නෙ.

    ReplyDelete
  5. very good. thank you.

    ReplyDelete
  6. ප.ලි.

    හිනාවෙන්ද , අඩන්නද කියලා හිතා ගන්න බෑ ඔයි.

    ReplyDelete
  7. හිනාවෙයන් බං.

    ReplyDelete
  8. ලියමු... තව තව ලියමු... නිදියගෙන ඉන්න උන් නැගිටිනකම්ම ලියමු... උඹටත් මටත් ජය !!!!!

    ReplyDelete
  9. 7 පාරක් විතර කියෙව්වා.... හිනායනවා කියන්නෙ ඕයි හිනා 7 වරක් 7, ඔක්කොම හිනා 45යි....
    දුමින්ද පුතුගේ පින් බලයෙන් හිනා බෝ වේවා !!!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.