Tuesday, September 6, 2011

සියලුම දෙමළුන් සිහළුන් කරමුද? - සරල විසදුමක් - මහදැන මුත්තා විග්‍රහ කරයි

මගේ අතථ්‍ය මිතුරෙකු පහත සංවාදය මා වෙත එවා තිබුණි.

------------------------------------------------------------------------------------------
A : මෙන්න නලින්ද සිල්වා කියපුවා ඇත්ත වෙනවා
‘පිල්ලෙයාන්’ ආදිවාසිවායෙක්ලූ, උප්පැන්නය වෙනස් කිරීමටත් යයි | ලංකා සයිබර් නිවුස්

මහ දැනමුත්තා: 

හැබැයි මේක යහපත් දෙයක්, මින් පෙනෙන්නේ දෙමළ අය සිංහල ජාතිය තුළට අන්තර්ග්‍රහණය වීමට යන බවයි.

අපිට අවශ්‍ය දෙමළ අය කොන් කර තබා ගැනීම හෝ ඔවුන් සමග ඊනියා සහජීවනයක් කියමින් ජාතිවාදය තව ශතක ගණනක් දක්වා පවත්වා ගැනීම නොව ඔවුනුත් අපේ උදවිය යැයි කීමයි.

ඉතින් ඒ සඳහා කෙළින්ම සිංහලයින් වීමට නොහැකි නිසා පළමුව වැදි ජනතාව බවට පත් වී පසුව සිංහලයින් හා මිශ්‍ර වේවි. වැදි ජනතාව යනුත් සිංහල ජාතියේම කොටසක්....
13 hours ago · 6 people like this
 
 
B: mun e aakaarayen hari demala jaathiya kiyana ekey demala nija bhoomiya kiyana ekey mithyaava therun gannavanam loku deyak..
moo aththatama mehema kiyala thiyenava nam eka sinhalayange loku jayaggrahanayak. mokada karunath meeta kalin kiyala thibuna nagenahirata idam haa polis balathala avashya na kiyala... ekath apita vatinava...
 
K: මහ දැනමුත්තා ...නම වෙනස් කළ පමණින් ඔහු සිoහල ජාතියට එක්වෙය් කියල හිතන්ඩ පුළුවන්ද ? ...එයාව හoවඩු ගහන්නෙ නැතිවෙයිද ජාතිද්‍රෝහියෙක් කියල ..එතකොට එයාට දෙමළ ජනතාව අතරෙ ජනප්‍රසාදය අඩුවෙනව නේද ?...ඔයා කියන විදියට කටයුතු සිදුවුණොත් හුඟක් හොඳයි.
11 hours ago · 1 person likes this.
 
මහ දැනමුත්තා: බව දන්න නිස තමයි ඔහු පළමුව වැදි ගෝත්‍රිකයෙක් ලෙස උප්පැන්නය වෙනස් කරගන්නේ. පිල්ලෙයාන්ට කෙළින්ම සිංහලයෙක් නොවී වැද්දෙක් වෙන්න සිදු වුනේ අපේම සමහරුන්ගේ වැරදි නිසයි.

අපේ බහුතරයක් සිංහලයින්, සිංහල කියනෙනේ අතිතයේ සිටම විවිධ ගෝත්‍රයන් එක් වීමෙන් සෑදුන පුළුල් ජාතියක් කියල නොදැන, සිංහල යනු ශුද්ධ ලේ ඇති පරම්පරාවක් කියල හිතාගෙන, දෙමළුන්ට සිංහලයින් බවට පත් විය නොහැකියි කියල සිතන මානසිකත්වයකින් සිටින නිසයි දෙමළ අය සිංහලයින් බවට පත් නොවී සිටින්නේ. ඒත් අතීතයේ සිට ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ අන්‍ය ජනවර්ග අවසානයේදී සිංහල නම් ජාතිය සමග එක් වුනා. අපි කළ යුත්තේ, වර්තමාන දෙමළ ජනයාටත් සිංහලයින් බවට පත් වීමට අවස්ථාව ලබා දීමයි.

සිංහල බෞද්ධ අපිට ගෝත්‍රිකයින් කියල චෝදනා කරන පශ්චාත් නූතනවාදීන්ම තමයි ගෝත්‍රික මානසිකත්වයකින් සිටින්නේ. ඔවුන් තමයි පිල්ලියාන්ට ජාතිද්‍රෝහියා කියල චෝදනා කරන්නේ. මමනම් බෞද්ධයෙක් ලෙස, කරුණා, කේපී, පිල්ලෙයාන් ඇතුළු ඔවුන්ගේ ගෝලබාලයින් විතරක් නොව දැනට සිටින කොටි නායක රුද්‍රකුමාරන් ඇතුළු පිරිස වුනත් තම පරණ තරහ අමතක කරලා සිංහලයින් සමග එකට සිටිනවානම් එනම් සිංහලයින් බවට පත් වෙනවානම් කැමතියි.
ජනවර්ගයක් සහ ජාතියක් අතර සහජීවනයක් කිසි දා ඇති නොවේ, ලෝක ඉතිහාසයේ කවදාවත් එවැන්නක් ඇති වෙලාත් නැත. එහිදී වෙන්නේ එක්කෝ ජනවර්ගය විසින් ජාතියම ආක්‍රමණය කර විනාශ කර දැමීම හෝ එම ජන වර්ගය මහා ප්‍රවාහයට එක් වීමයි....
11 hours ago · 3 people like this.
K: ඔව් ..ආර්යයනුත් කළේ ඕකනෙ ..සoක්‍රමණය වෙලා සිoහල ජාතියට එකතු වුණා
මහ දැනමුත්තා: ආර්යයන්ගේ එක් වීමත් සමග තමයි සිංහල ජාතිය බිහි වුනේ, ඊට පෙර සිටියේ වෙන් වෙන්ව බෙදී පැවතුන ගෝත්‍ර රාජධානි..
K: එතන අපේ මතවල බෙදීමක් තියෙනවනෙ :)
V: Aට ලූස්
------------------------------------------------------------------------------------------
මගේ මිතුරා ඊමේල් පණිවිඩයේ අගට මෙසේ එක් කර තිබුණි
"මචන් මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා මටනම් හිතාගන්න බෑ"
මටත් එම සංවාදය කියව අවසනායට හිතුනේද මගේ මිතුරාට හිතුනු දෙයමය,

"මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ"
ප.ලි: අදත් ආසනික් නැත


7 comments:

  1. එල ද බ්‍රා..........
    මහදැනමුත්තයි ‍ගෝලයො රොත්තයි.
    මුංගෙ මොලේ පුරෝලා.. පස්ස පැත්තෙ

    ReplyDelete
  2. දෙමලා වැද්ද කෙරුව
    වැද්ද සිංහල කෙරුව
    කොහොමද ටිකිරි මොලේ?

    ReplyDelete
  3. ඕකෙ අනෙක් පැත්ත කලත් හරිනෙ. සිංහලයො දෙමළ බවට පත්වුණානම් කේස් එක ක්ලෝස් වෙනවනෙ.

    ReplyDelete
  4. හිනාවෙන්නත් අඬන්නත් එපා.චී නිවුස් එකේ අන්න තරඟයක් පටන් අරන් කට්ටිය සිංහල උනාම දාන නම් යෝජනා කරන්න කියලා.පිල්ලෙයන්ත රාජපක්ෂ..........නාමල් පුෂ්පකුමාර........
    ජයග්‍රාහකයාට දෙමල්ලු පන්නලා සාම්පූර් වලින් ඉඩම් දෙනවලු.

    ReplyDelete
  5. රංග ජයවර්දන කියල දාන්න කියමුද?

    ReplyDelete
  6. oya sinhala bauddayo weddanta samana karapu unta hena gahanda one

    ReplyDelete
  7. anthima eka witharai aththa kiyala thiyenne.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.