Friday, September 2, 2011

පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝතෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
බඳිනවදෝ කිරිපුස්සා

[රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුනයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
බඳිනවදෝ අපෙ පැඟිරා

[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]//

මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
බිම් හෙව්වා නොවැ රාළේ

කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ


'රාළේ! රාළේ!!'

මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ


[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]///
අපෙ පැඟිරා..කිරිපුස්සා///



නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව(පරාක්‍රම නිරිඇල්ල)
ගායනය - එඩ්වඩ් ජයකොඩි / ජයශ්‍රී චන්ද්‍රජිත්

සින්දුව බාගත කර ගන්න සහ වේදිකා නාට්‍ය ගීත අහන්න "නූර්ති සහ වේදිකා නාට්‍ය ගී"

එකතු කළේ - මාලන් S

6 comments:

  1. ඡායාරූපයේ වම් පැත්තේ ඉන්නේ "අර මැඩම්" කියලයි මම එක පාරටම දැක්කේ.හොඳට බලද්දියි පෙනුනේ නෑ ඒ පාරේ යන කෙනෙක් කියල.

    ඒක නෙවෙයි අදත් ආසනික් නෑ නේ!

    ReplyDelete
  2. නලින්ද සිල්වා මහත්තයලත් දැන් "ආසනික්" අතහැරලා නිසා තවත් මොකටද ඕක ඇදන් යන්නේ කියලා හුරුල්ලාට හිතෙන්න ඇති.

    මමනම් මේ බ්ලොග් එකට සම්බන්ධ වුනේ ලඟදි. මගේ බ්ලොග් එක වහපු නිසා හුරුල්ලට මේල් එකක් දැම්ම "ඔබේ පුන්චි පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියෙද?" කියල. හුරුල්ලත් ඉතින් හායි කිව්වා.
    දැන් ඉතින් මෙතන තමයි මගේ වාසස්ථානය.

    ReplyDelete
  3. මාලන් ගොයියා මෙහේ හරි දකින්න තියන එකනම් හොඳයි.
    පුස්සයි,පැඟිරයි මාරුවෙන් මාරුවට බැන්දට හෙව්ව සරු බිම තාම පේන්නේ නෑ වගේ.

    ReplyDelete
  4. මාලන් ගොයියත් පුස්සව පන්නල පැඟිරව බැඳගත්තද මන්දා...

    ReplyDelete
  5. මෙන්න මේක හිරිකොටේ අලෝල වරෙල්ලකො

    මහතැන දොඩවන බේගල් අහලා
    තව රැඳෙනුද මෙහි රාළේ
    පැඟිරා පන්නල පුස්සව බැඳලා
    ගාටනවද අපෙ රාළේ

    ReplyDelete
  6. මෙය දේසද්‍රෝහී ගීතයකි

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.