මෙය නලින්ද සිල්වා මහැඳුරුතුමා විසින් ස්වකීය ශ්‍රාවක පින්වතුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා පසුගිය කාලයේදී කරන ලද දේශනයකි. ආසනික් ලෝලී ඔබ සැමගේද පහන් සංවේගය තකා එම දේශනයෙන් උපුටාගත් කොටසක් මෙහි පළ කෙරේ. මෙය නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න.
"මේ මිහි මත පමණෙක් නොව, සදෙව් ලොව පුරාද පැතිර පවත්නා මහා දිව්‍ය ලෝකයේ විරාජමාන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ස්වකීය සුඛ විහරණය පතා පරිහරණය කෙරෙන රසායන විද්‍යාව 'දේව රසායන විද්‍යාව' නමින් හැඳින්වෙන්නේය. මෙය බටහිර ඇංකරයන්ගේ ඊනියා ටෙලස්කෝප් වලට ගෝචර නොවන මහත් ආශ්චර්යමත් දැනුම් පූංජයකි. එවන් මහාර්ඝ දැනුමක් මා පසුපස්සේ ගාටන බුද්ධි විහීන තොපට ගෝචර නොවන්නක් වුවද, තොපගේ ශංකා දුරුකරවනු වස් ඉන් එක් උදාහරණයක් පමණෙක් පහත දක්වමි.
මේ මිහිමත මතු නොව දිව්‍ය ලෝකයන්හිද වරින් වර මහත් නියඟ හටගන්නේය. එයින් අමෘතය ලබාදෙන ළිං සිඳී ගොස් දේව ගණයා මහත් පිපාසයෙන් පීඩාවට පත්වන කල්හී උහු තම දේව රසායන විද්‍යාවට අනුනුකූලව අමෘතය නිපදවාගන්නේ කෙසේද යත්,
පළමුකොටම ඇවැසි වන්නේ සුක්රෝස් නමැති දුලබ රසායනිකයයි. මෙය සොයා සදෙව්ලොව පීරා යන දිව්‍ය පුත්‍රයෝ සුක්රෝසයන් ගන්ධයෙන් හඳුනා ගැනීමට පවා සමර්ථයෝ වන්නාහ. උහු තාල වර්ගාදී වෘක්ෂ රාජයන්ගේ ප්ලෝයම තරලයන් සහ විවිධ ශර්කරාදීන් යනාදී සුක්රෝස් සංයෝගයන් ඒකරාශී කරන්නේ, නන්දන උයන් තෙර අශෝක වදුළු මධ්‍යයෙහි විල්ලුද පළස් මත නගාලූ ස්වර්ණාලේපිත බුජම් පුරවති.
අනතුරුව වාතයේ පවත්නා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නමැති ඊනියා පරමාණු අල්වා එකට ගටා ජලය නිමවන්නේය. එකී ඊනියා ජලය යටකී සුක්රෝසයන් මත මනාසේ වගුරුවන්නේ, රන් බුජම් තුළ සුක්රෝසයන් ඊනියා සුක්රෝස් තරළයක් බවට පත්වන්නේය. අනතුරුව ඇවැසිවන්නේ සැකරොමයිසීසයන් නමැති අරුපාවචර යීස්ට ජීවීන් විශේෂයකි. ගිජ්ජකූට පර්වත මස්තකයේ රත් හිරිගල්තලාවන්හි පන්දු කෙළිමින් සිටිනා මෙම පින්වත් යීස්ට සමූහයෝ දේවතාරාධනයෙන් එසැණ පහළවන්නේ, යටකී සුක්රෝස තරළයන් තුළ වදිති. අනතුරුව දිව්‍ය පුත්‍රයන් විසින් මහාර්ඝ කැටයමින් යුතු වසුනින් අවුරන එකී බුජම් තුළ වන් පින්වත් යීස්ටයෝ, එකී තරළයෙහි නිමග්න විෂම පරමාණුවෝ අල්වා රන් හුයෙන් බැඳ අමෘත සංයෝගාදිය නිපදවන්නෝය.
මෙකී අමෘත රසායනිකය බල ගැන්වෙනු වස් ආත්ම සාරය නමැති ශක්ති බන්ධන ඇවැසි බැව් දත යුතුය. මෙපවත් දන්නා දෙව්ලෝ ගර්භාන්තරයේ වසන මූසික, මෂ්ඨක, උරගාදී පින්වත් සත්වයෝ දෙවියන් කෙරෙහි වන මහත් සැදැහැයෙන් යුතුව බුජමට බසින්නේ, සිය ආත්ම සාරය අමෘත සංයෝග හා මුසු කරන්නේය.
මෙලෙස එකුන් සැට පැය ඉක්මවන කල්හී බුජම සොඳින් පැසී රන්වන් කිරණ විහිදුවන්නට වන්නේය. එපවත් දක්නා දේව පුත්‍රයෝ එකී බුජම මහත් සැදැහැයෙන් රත් හිරියල් ත්‍රිත්වයක් මත නගා සිටුවා රත් සඳුන්, සුදු සඳුන් ඈ මහාර්ඝ දැව රැස්කොට තබා සිය චිත්ත ශක්තියෙන් ගිනි අවුළුවන්නෝය. අනතුරුව ගින්නෙන් පැලැහී යන රන් බුජම තුළින් පැන නගින නෙක ප්‍රමාණ බුබුළු පැලී මුක්ත වන්නාවූ අමෘත වාෂ්පය, තඹ පරමාණූ රැස්කොට තළා නිමවන ලද සියුම් නාලමය සර්පිලයක් තුලට වන්නේ, ඝණීඝවනයට පත්වැ අනෙක් කෙළවරෙන් බිඳෙන් බිඳ වැගිරෙන්නට වන්නේය.
මෙසේ සර්පිලයෙන් වැගිරෙන සාන්ද්‍ර අමෘතය ඉතා සැර බැව් දත යුතුය. මෙය ජලය එකට සතරක් වන පරිදි මැනැවින් තනුක කල යුත්තේය. මෙසේ තනුක කල අමෘතය රන් ඔඩම් තුළ බහා බිඳෙන් බිඳ පානය කරන කල්හී අමුතුම ජීවයකින් දේව ශරීරයන් උද්දීපනය වන්නේය. අමෘතයෙන් සංතර්පණයට පත්වන්නාවූ දේව සමූහයා ඉමහත් චිත්ත ප්‍රීතියෙන් කෙළි කවට කෙළින්නේ සදෙව් ලොවම එකම උත්සවශ්‍රීයකින් ඇළලී යන්නේය. මෙවන් තේජස් සහිත අමෘතය පවා නිපදවීමට සුරුකම් දක්වන දේව රසායන විද්‍යාවට පාංශු බිඳක වන් ආසනික් සුඟක් සෙවීම මහත් වූ කජ්ජක් වේද? "
අපිට අවශ්‍ය දෙමළ අය කොන් කර තබා ගැනීම හෝ ඔවුන් සමග ඊනියා සහජීවනයක් කියමින් ජාතිවාදය තව ශතක ගණනක් දක්වා පවත්වා ගැනීම නොව ඔවුනුත් අපේ උදවිය යැයි කීමයි.
ඉතින් ඒ සඳහා කෙළින්ම සිංහලයින් වීමට නොහැකි නිසා පළමුව වැදි ජනතාව බවට පත් වී පසුව සිංහලයින් හා මිශ්‍ර වේවි. වැදි ජනතාව යනුත් සිංහල ජාතියේම කොටසක්....
moo aththatama mehema kiyala thiyenava nam eka sinhalayange loku jayaggrahanayak. mokada karunath meeta kalin kiyala thibuna nagenahirata idam haa polis balathala avashya na kiyala... ekath apita vatinava...
අපේ බහුතරයක් සිංහලයින්, සිංහල කියනෙනේ අතිතයේ සිටම විවිධ ගෝත්‍රයන් එක් වීමෙන් සෑදුන පුළුල් ජාතියක් කියල නොදැන, සිංහල යනු ශුද්ධ ලේ ඇති පරම්පරාවක් කියල හිතාගෙන, දෙමළුන්ට සිංහලයින් බවට පත් විය නොහැකියි කියල සිතන මානසිකත්වයකින් සිටින නිසයි දෙමළ අය සිංහලයින් බවට පත් නොවී සිටින්නේ. ඒත් අතීතයේ සිට ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ අන්‍ය ජනවර්ග අවසානයේදී සිංහල නම් ජාතිය සමග එක් වුනා. අපි කළ යුත්තේ, වර්තමාන දෙමළ ජනයාටත් සිංහලයින් බවට පත් වීමට අවස්ථාව ලබා දීමයි.
සිංහල බෞද්ධ අපිට ගෝත්‍රිකයින් කියල චෝදනා කරන පශ්චාත් නූතනවාදීන්ම තමයි ගෝත්‍රික මානසිකත්වයකින් සිටින්නේ. ඔවුන් තමයි පිල්ලියාන්ට ජාතිද්‍රෝහියා කියල චෝදනා කරන්නේ. මමනම් බෞද්ධයෙක් ලෙස, කරුණා, කේපී, පිල්ලෙයාන් ඇතුළු ඔවුන්ගේ ගෝලබාලයින් විතරක් නොව දැනට සිටින කොටි නායක රුද්‍රකුමාරන් ඇතුළු පිරිස වුනත් තම පරණ තරහ අමතක කරලා සිංහලයින් සමග එකට සිටිනවානම් එනම් සිංහලයින් බවට පත් වෙනවානම් කැමතියි.
ජනවර්ගයක් සහ ජාතියක් අතර සහජීවනයක් කිසි දා ඇති නොවේ, ලෝක ඉතිහාසයේ කවදාවත් එවැන්නක් ඇති වෙලාත් නැත. එහිදී වෙන්නේ එක්කෝ ජනවර්ගය විසින් ජාතියම ආක්‍රමණය කර විනාශ කර දැමීම හෝ එම ජන වර්ගය මහා ප්‍රවාහයට එක් වීමයි....
"මචන් මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා මටනම් හිතාගන්න බෑ"
"මේවා කියවලා හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ"